නාලක සංජීව දහනායක
තමාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රීකණ්ඩායමට ඉන්දීය සංචාරයට එක්වන ලෙසට කතානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ආරාධනය ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ප‍්‍රතික්‍ෂේප කර ඇත.
මන්ත‍්‍රීවරයා විසින් අද (3) සවස මේ බව කතානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 ක් සිටින ඒකාබද්ධ විපක්‍ෂයට, විපක්‍ෂයේ අයිතිවාසිකම් නොදී මන්ත‍්‍රීවරුන් 16 කු සිටින කණ්ඩායමට විපක්‍ෂයේ අයිතිය ලබාදීම යථාර්තය නොවන බැවින් මෙම තීරණය ගත් බවද මන්ත‍්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.
කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ලබන 9 වැනිදා සිට ඉන්දියාවේ සංචාරය කිරීමට සැළසුම් කර තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.