(ඉන්දිකා රාමනායක)
වැසි සහිත කාලගුණය හේතුවෙන් කඩුවෙල බියගම යාවෙන පාලම ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව පොලිස් මුලස්ථාන කියයි.
මේ හේතුව නිසා මෙම මාර්ගයේ බරවාහන ගමන් කිරීම තාවකාලිකව නවතා ඇති අතර පාලම මතින් එක් මං තීරුවක් පමණක් වාහන ධාවනයට වෙන්කර ඇති බවද පොලිසිය කියයි.
මෙම පැරණි පාලමට යාබදින් නව පාලමක් ඉදිරිකරමන් පවතින බවත් එම ඉදිකිරීමේ කටයුතු වලදී හාර ඇති විශාල වළක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
නව පාළම ඉදිකිරීමේ දී හාර ඇති එම වළ පස් දමා වසා තිබුණ ද පවති අධික වැසි හේතුවෙන් එම පස් සෝදාගෙන ගොස් පාළම ගිලා බැසීමේ අවදානමට ලක්ව ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු නිලධාරීන් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු එක් මංතීරුවක් වාහන ධාවනය සදහා අවසර හිමිව තිබුණි.
ඡායාරූප - ලහිරු හර්ෂණ






COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.