
(ටී.කේ.ජී.කපිල )
රුපියල් විසිතුන් කෝටි දහ හතර ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" සහ "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමග තමිල්නාඩුවේ ව්‍යාපාරිකයකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
මත් කුඩු කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී මේවා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රැගෙන ආ ගමන් මල්ල තුළ " සියඹලා ටොෆී " අඩංගු බව සදහන් ටින් 04 ක් තුළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 102 ක් සහ තවත් ටොෆී අඩංගු පාර්සල් 06 ක් තුළ ටොෆී ලෙස සකස් කළ " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 260 ක් සගවා ගෙන තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd