IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෝටි 125 ක හෙරොයින් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

(දිල්රුක්ෂි ග්‍රේරු) 

රුපියල් මිලියන 1,248 ක් වටිනා  හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ  පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේ දී සහ බත්තරමුල්ල සුභූතිපුර මාවතේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවෝ අවුරුදු 29 සහ 40 හි පසුවන  දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

හෙරොයින් ප්‍රවාහනය සඳහා  යොදාගත් මෝටර් රියක් සහ ත්‍රිරෝද රියක්ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

ගමන් බෑගයක අසුරා පාර්සල් ලෙස  මෝටර් රථයේ  මෙම හෙරොයින් රැගෙන විත්  තිබේ.

ඔවුන්   රෝහණ මාවත, සුභූතිපුර,  බත්තරමුල්ල ලිපිනයේ පිහිටි නිවසක් කූලි පදනම මත ලබාගෙන එහි නැවැතී  මෙම ජාවාරම සිදු කරගෙන ගොස්  ඇති බවට තොරතුරු අනාවරණය වී නිවස පරීක්ෂා කිරීමේදී  නිවසේද තීබි මත්ද්‍රව්‍ය සොයාගත් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

සැකකරුවන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා  දින 07ක කාලයක් රැඳවුම් නියෝග මත  රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය. 

පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ  නිලධාරීන් දෙදෙනකුට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර , පොලිස් මත්ද්‍රව්‍ය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

 



අදහස් (9)

කෝටි 125 ක හෙරොයින් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

lusena Sunday, 08 July 2018 04:34 AM

හාල්මැස්සෝ දෙන්නෙක් අහුවෙන්න ඇති, තෝරු ගැන පොලිසිය හොයන්නේ නැහැනේ.

:       0       23

nihal Sunday, 08 July 2018 04:42 AM

අවුලක් නෑ .... චුට්ටක් නෙවෙයිනේ.........මේ අයට මුකුත් කියන එකක් නැහැ...... ග්‍රෑම් 10 වගේ නෙවෙයි අනිවා ටික දවසකට ඇතුලේ......

:       0       7

ජගත් ලියනගේ Sunday, 08 July 2018 05:06 AM

අපේ ලංකාව දැන් කුඩු තිප්පොලක් වෙලා නේද ? හරිම දුකයි .

:       5       29

wimal Sunday, 08 July 2018 07:20 AM

පොලිසියට මෙන්න උපහාරය... ඔය ටික මිනිසුන් අතරට ගියානම් සතුටු තමයි. මේ ජාවාරම් ජාලවල තත්වය අපි දැන් දන්නා නිසා ස්ථානය, අහවල් පොලිසියේ නිලධාරී යනුවෙන් ප්‍රසිද්ධ කිරීම සුදුසු නැහැ කියලයි මම හිතන්නේ.

:       0       9

kalani Sunday, 08 July 2018 08:36 AM

සිමෙන්ති උර 3ක් සහ තව ඇබින්දක්. මගේ රට කොතැනක නවතීද?

:       0       30

ලුම්බිණි Sunday, 08 July 2018 09:05 AM

මේ අයට ලැබිය යුතු දඬුවම් ලැබේවා. ඒ එක්කම මේ ජාවාරම් කරන ලොක්කන් කෙසේ හෝ අල්ලා ගන්න ලැබේවා.

:       1       8

Sanath Sunday, 08 July 2018 12:06 PM

හොඳටම හෙරොයින්වලට ඇබ්බැහි වුණු කෙනෙකුට දවසකට මිලිග්‍රෑම් 200 - 300ක් ඕනෑලු. අපේ රටේ නම් මිලිග්‍රෑම් 100 ක් විතර.... මෙතන තියෙනවා මිලිග්‍රෑම් 103000000ක් ඒ කියන්නේ මිනිස්සු මිලියනයකට දවසක උපරිම ඩොස් එක. ලංකාවේ හෙරොයින් ඇබ්බැහියන් ඉන්නේ 50000 - 100000ක් විතර කියලයි හිතන්නේ....

:       0       0

pradeep Sunday, 08 July 2018 02:34 PM

මේ පින්තුරේ තියෙන සතොස මලු තුනේ සම්බන්ධය මොකක්ද? දන්නා කෙනෙක් කියන්න...

:       2       2

pradeep Sunday, 08 July 2018 05:43 PM

මේ පින්තුරේ තියෙන සතොස මලු තුනේ සම්බන්ධය මොකක්ද? දන්නා කෙනෙක් කියන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site