(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි හතලිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් , ග්‍රේ ලයින් බහාලුම් අංගයේ දී අද (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
ඉන්දියාවේ රේගු බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකාවේ රේගු බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලබා දුන් තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර මෙම බහාලුම ඉකුත් 07වැනිදා ඉන්දියාවේ කට්ටුපල්ල වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබුණි .
වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙකු විසින් "100% කපු රෙදි සහ ප්ලාස්ටික් බොත්තම් " ලෙස රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබූ මෙම බහාලුම තුළ එවැනි කිසිවක් නොතිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .
මෙම දුම්වැටි තොගය මෙසේ කොළඹ වරායෙන් පිට කර ගත්තේ නම් රුපියල් තිස් එක් කෝටි හැට ලක්ෂයක තීරු බදු ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වන බව රේගුව ගනන් බලා තිබේ .
මෙම නීතිවිරෝධී ආනයනය සම්බන්ධයෙන් මෙම බහාලුම නිදහස් කර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රේගු බුද්ධි අංශ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
ඡායාරූප රුසිරු කොළඹතන්ත්‍රිආරච්චි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කෝටි 11ක දුම්වැටි රේගු දැලේ
lankalover Tuesday, 12 September 2023 12:40 PM
මුස්ලිම් උන් කරන්නෙම ඕවා තමයි ඉතින් .පස් පාරක් පල්ලි යන්නේ ඕකටනේ