IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොටහේනේ අසල්වැසියෝ, රත්නම් - රිනවුන් ෆීනික්ස් කුසලාන අවසන් තරගයේදී අද ගැටෙති

කොටහේන ප‍්‍රදේශයේ අසල්වාසී කී‍්‍රඩා සමාජ දෙකක් වන රත්නම් සහ රිනවුන් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩකයෝ අද (10 වැනිදා) පැවැත්වෙන ෆීනික්ස් කුසලාන අවසන් මහා තරගයේදී තම තමන්ගේ සමත්කම් උරගා බැලීමට සූදානමින් සිටිති. මෙම තරගය කොළඹ සිටි ලීග් පාපන්දු පිටියේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරතාව දිනාගත් රත්නම් පිල ජාතික පිලේ කී‍්‍රඩකයකු වන ඊ. බී. චන්න විසින් මෙහෙයවනු ලබන අතර රවුමි මොහොදීන්, චතුර මධුරංග, බී. ශිවංක, කි‍්‍රෂාන්ත අබේසේකර, රිස්වාන් සයිබ්, තරිදු එරංග, එම්. යෝගරාජා, එම්. නිලූෆර්, රවීන්ද්‍ර ලසන්ත, ෂෙහාන් සිල්වේරා (ගෝල රකින්නා), සචින්ත මධුරංග රත්නම් පිලේ සෙසු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ වෙති. තරුණ පාපන්දු තරුවක් වන එම්. අනම් විසින් මෙහෙයවනු ලබන රිනවුන් පිලේ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළ චතුර ගුණරත්න, මොහොමඞ් සේන් සහ මොහොමඞ් කයිස් යන කී‍්‍රඩකයෝ ද වෙති. ගෝල රකින්නා ලෙස වයි. සතිස්කුමාර් කටයුතු කරන මෙම කණ්ඩායමට හිටපු ජාතික කී‍්‍රඩකයකු වන ෆල්සුර් රහ්මාන්, එම්, සමීර්, ධනරාජා සත්‍යයෙන්දිරන්, එම්. නෆිර්, එම්. පි‍්‍රයදර්ශන, එම්. ඉම්තියාස් යන කී‍්‍රඩකයන් ද නවක කී‍්‍රඩක ඩිලාන් ද සිල්වාද ඇතුළත් ය. අවසන් පූර්ව තරගයෙන් තියුණු සටනක් දෙමින් අවසන 1 x 0 ක ජයක් හිමිකර ගනිමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ රත්නම් පිල ද මීට පෙර මෙම වසරේදී ම පැවැති චැම්පියන්ස් ලීග් තරගාවලියේදී රිනවුන් පිල සමග තරග වැද ඇත. දෙවන වරටත් පැවැත්වෙන මෙම ෆීනික්ස් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට මුදලින් රු.100,000ක් සමගින් රන් පදක්කම් ද අනුශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට මුදලින් රු.50,000ක් සමගින් රිදී පදක්කම් ද පිරිනැමීමට නියමිතයි.



අදහස් (0)

කොටහේනේ අසල්වැසියෝ, රත්නම් - රිනවුන් ෆීනික්ස් කුසලාන අවසන් තරගයේදී අද ගැටෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site