දොහා සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන් තොටුපොළ බලා යමින් සිටි කටාර් ගුවන් සේවයේ යානයක එන්ජිමක තෙල් කාන්දුවක් වෙතියි ඇතිවූ සැකයෙන් එම යානය කටුනායකට ගොඩ බැස්විණි. බොයිං 777-300 යානය ප්‍රශ්නයකින් තොරව කටුනායකට ගොඩ බැස්වූ බවත්, යානයේ වම් පස තටුවේ කාන්දුවක් ගැන වාර්තා වූ බවත් වාර්තා විය.
දොහා සිට කටුනායකට පැමිණි වෙනත් යානයකින් මගීහු පර්ත් බලා ගියහ.
ඒ වන විට යානය පැය 10ක් පමා වී තිබිණි.
කටුනායකට ගොඩ බෑ යානය දොහා බලා පිටත්ව ගිය අතර අලුත්වැඩියාවෙන් පසු යළි ගුවන් ගත කිරීමට පෙර විසි හතර පැයක් දොහා ගුවන් අංගනයේ නතර කැර තැබෙනු ඇත.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කටාර් යානයක් හදිසියේ කටුනායකට බස්සයි
දිනේෂ් Thursday, 04 September 2014 09:05 AM
ශිහ් මත්තලට බෑවා නම් මරුනේ (නදී)
කුමාර් Thursday, 04 September 2014 09:21 AM
මිහින් ලංකා නම් ඉතින් තෙල් කාන්දුවට ඇබයක් ගහගෙන ඔහේ යාවි. (නදී)
කරුණාරත්න Friday, 05 September 2014 07:34 AM
අමන්දි මත්තල කුරුම්බා කඩේ කෙල්ලනේ. (ස)
අමන්දි Thursday, 04 September 2014 05:32 PM
මේ ලියන සමහරුන්ට අපේ මත්තල ගැන වටිනාකමක් නැහැ.ඒකයි ඔහොම අදහස් ලියන්නේ (නි)
සත්‍යපාල Thursday, 04 September 2014 10:01 AM
ඇයි කටුනායකට ගොඩ බැස්සුවේ මත්තලට යවන්න එපාය. එහෙම නම් එකේ මගීන්ට පැය දහයක්ම අලි බලන්න තිබුණ නේ. (ස)
හේවාවිතාරණ Thursday, 04 September 2014 08:09 PM
ලංකාවට තවත් ප්‍රසිද්ධියක් මෙම සිදුවීම (නි)
හරිශ්චන්ද්‍ර Friday, 05 September 2014 12:38 PM
සිරිමල් සහ බණ්ඩාර , ඔබ දෙදෙනාගේ ප්‍රතිචාර හරි වැදගත්.අපේ සමහර අයගේ මානසික ව්‍යාකූලකම තමයි අපේ මේ රටට බලපා තිබෙන්නේ. (නි)
හරිස්චන්ද්‍ර Friday, 05 September 2014 01:08 PM
අමන්දි,හේවාවිතාරණ,ශෂී,මහේෂ්, සහ සිරිමල්- බණ්ඩාර යන අයගේ ප්‍රතිචාර අගය කරමි. මෙවැනි හදිසි අවාස්තාවකදී ගුවන් යානය පියාසර කරන කිට්ටුම ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීම තමයි කරන්නේ. මෙම අදහස් ලියන මමත් මෙය ලියන්නේ යුරෝපිය රටක සිට. දැනට ගුවන් ගමන් 84ක් ගමන් ගත් අපක්ෂපාති පුද්ගලයෙක්. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම අප කාටත් වැදගත්. (නදී)
ශශී Friday, 05 September 2014 12:47 AM
අපේ අය හැමදෙයක් දිහාම බලන්නේ අසුභවාදී කෝණයකින් (නි)
මහේෂ් Friday, 05 September 2014 01:46 AM
හදිසි දෝෂ ඇතිවීම ස්වභාවික දෙයක් (නි)
සිරිමල් Friday, 05 September 2014 03:02 AM
ශශී, පුදුම වෙන්න එපා අපේ අයගේ ප්‍රතිචාරය ගැන. අපේ රට මෙච්චර පසුගාමී වෙලා තියෙන්නේ දේශපාලකයන්ගේම වැරැද්ද නිසාම නෙමේ. මේ විදිහට හිතන බහුතරය නිසා. මම දැකපු තවත් දෙයක් තමයි වෙන රටවල් වල ජීවත් වෙන මෙහෙන් ගිය බහුතරයක් දෙනා ගේ කොමෙන්ටුත් ඔය වගේ. හේතුව මම හිතන්නේ. එයාට ඕනි ලංකාව තිබුන තැනම ඉන්නවා දකින්න. එතකොට නේ එයාල ගත්ත තීරණය හරි එකක් වෙන්නේ.(නදී)
කුෂාන් චාමර Friday, 05 September 2014 03:22 AM
අනේ අමන්දි කියන්නකෝ මත්තල තියෙන වටිනාකම (නදී)
බණ්ඩාර Friday, 05 September 2014 03:36 AM
සිරිමල්, ඔබේ කතාව 100% හරි. අපේ අය වෙන දියුණු රටවලට ගිහින් ඒ රටවල් සමග සංසන්දනය කරනවා. එ්ක වැරදියි. අපි සංසන්දනය කරන්න ඕනේ අපේ මට්ටමේ තියෙන රටක් එක්ක. අනික ප්‍රයෝගික විකල්පයකින් තොරව විවේචනය කරන්න ඕනේ කෙනෙක්ට පුළුවන්. (නදී)
සත්‍යපාල Friday, 05 September 2014 04:09 AM
අපේ රට මේතරමට පසුගාමී වෙලා තියනවා කියලා පිළිගත්තාට ඒකට හේතුව නම් හරියට හොයාගෙන නැහැ වගෙයි. (නි)
රාජපක්ෂ Friday, 05 September 2014 06:45 AM
සිරිමල්ගෙයි,බණ්ඩාරගෙයි, බළලා පැන්නා මල්ලෙන් එළියට.අපි මීට කලිනුත් මෙවැනි අය ගැන, එසැණෙහි කතා කරලා තියෙනවා. දෙන්නම අඩන්නේ නැතුව, පිටරටකට ගිහිල්ලා එන්නකෝ (නි)