
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු පවසයි.

COMMENTS
ඔහුව ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා බදු ගෙවන්නන්ට වැඩිපුර ගෙවන්න (ඔහුට නොමිලේ සංචාරයක්), ඔහුට කන්න දී උසාවියට ගෙනැවිත් අනුකම්පා ඇප මත මුදා හැරීමට ඔහුට වෙනත් ලාභ ප්‍රවාහන විකල්පයක් භාවිතා කර ආපසු යා හැකිය.
තව කෝටි 5ක් වියදම් කරලා, ගෝලයෝ ටික දාලා චන්දෙට ආණ්ඩුවේ කෙනාට උදව් කරමු..
ලංකාවට ගෙනල්ලා උසාවි දාමු. ඊට පස්සෙ එළියේ. ආයේ පැනලා යන්න පුලුවන් .
ඉතා හොඳයි
නාටක පටන් ගන්නා කාලයයි.. මේ.....ඊයේ රාත්‍රී තුවක්කුවක් සමග මුස්ලිම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ආරංචියි.. එය සැලසුම් සහගතයි කියා ත් කියනවා.. නාටක නරි නාටක වෙන්න තව මාස එකහමාරයි.
මීට පෙරත් අල්ලගෙන ඇප දීලා වෙච්ච වැඩේ දැක්කා.ආයෙත් ඒ නාට්‍ය ම බලාගන්න පුලුවන්.
ගෙනත් උසාවි දාල ඇප දෙමු නේද? එහෙම නැති උනිත් රිමාන්ඩ් කරල එකපාරටම ලෙඩක් හදවල රෝහල්ගත කරමුකෝ .මොනව උනත් රටේ නම ජාත්‍යන්තරයට ගෙනිච්ච කෙනෙක්
පේනවානේ.. ලංකාවේ පොලිසියට ඕන නම් කරන්න බැරි වැඩක් නෑ ....
චන්දෙට ඕනිවෙයි
දැන් ඕකෙ ගෞරවය ගෙදර යවපු දේශබන්දුට දෙන්න හදාවි. එයා නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුව වහන්න වෙන තාලෙට සමහරුන්ගෙත් චීවර දාපු සමහර අයත් හිතන්නෙ.
සාලිය පීරිස් කවද්ද අත් අඩංගුවට ගන්නේ ?
ලංකාවට ගෙනැවිත් ආයෙත් ඇප දෙමු.
මාර වැඩේ පොලිස්පති නැති උනා විතරයි පාතාල කුඩු නායකයෝ අල්ලනවා... අල්ලනවා..(පො. පති ඉන්න කොට කුඩු ගහපු එවුන් ලොක්කො පැන්නා).. හැබැයි ප්‍රංශ දේශ සීමාව බෙලෝ රුසියාව අතර කථා නම් වෙන්න නෑ, එක ලංකාව හා ඇෆ්ගනි්ථානයේ වගේ දුර රටවල් දෙකක්
ෂා මරේ මරු. රනිල් ජනාධිපති තුමාගේ වැඩක් මේක. එතුමාගේ නියෝගය නිසා තමයි පොලීසිය මෙහෙම තරාතිරම නොබලා හොරුන්ව අත්අඩංගුවට ගන්න වැඩ කරන්නේ. විශේෂයෙන්ම ප්‍රංශයේ අන්ත කොනේ පිහිටි දේශ සීමාවකදී." මේ වෙලාවේ රනිල් තමයි" කියලා මිනිස්සු කියන්නේ කට කහනවට නෙමෙයි කියලා තේරෙන්නේ දැන් තමයි.
මේක ඡන්ද කාලෙට කරන නාඩගමක් මිසක් වෙන දෙයක් නෙවෙයි.
මෙය ඔබගේ සේවය අවශ්‍යයම කාලයයි.
කළු කෝට් කාරයින්ට හොඳ කාලයක් උදා වෙනු ඇත.
බොරු කියල බත් කනවට වැඩිය?
ලංකාවෙන් මෙවුන්ට ඇප දෙනවා ?
එක උණ්ඩයක් අවශ්‍යයි..!
තාජුඩීන් ගොඩ ගන්නේ කවද්ද?
ලොකු පැටී ඇල්ලුවට ලොකුම ලොකු පැටී ඇල්ලුවේ නැහැනේ ?චන්දෙන් පස්සේ ලොකු පැටී ගේ ලොක්කෝ සේරම අල්ලයි
හොඳ වැඩ්ඩොනේ...!