IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඕ.අයි.සී පත් කළාට ඇමැතිවරු දෙකක් ගැටුමක

අජන්ත කුමාර අගලකඩ

රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට අලුතින් ස්ථානාධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් අද (07) පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඇමැතිවරුන් දෙදෙනකු අතර මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

තමා අදාළ ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා බැවින් තමාගෙන් නොවිමසා ස්ථානාධිපතිවරයකු පත්කර ඇතැයි ද එක් ඇමතිවරයකු චෝදනා කර ඇත.

ඊට පිළිතුරු දී ඇති තවත් ඇමතිවරයකු ප්‍රකාශ කර ඇත්තේ තමා ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා බවය.

ඔවුන් දෙදෙනාටම පිළිතුරු දී ඇති මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ දේශපාලකයන්ගේ ලිපිවලට තමා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් නොකරන බවය.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන්නේ ඔවුන්ගේ සුදුසුකම් මත සහ සේවා අවශ්‍යතා මත පමණක් බව ද ඔහු එහිදි සඳහන් කර ඇත.

 



අදහස් (1)

ඕ.අයි.සී පත් කළාට ඇමැතිවරු දෙකක් ගැටුමක

සමරකෝන් Tuesday, 08 February 2022 06:42 AM

මෙහිදී පොලිසිය භාර ඇමතිවරයා නිවැරදියි කියන්න පුළුවන් මොකද ඔය එක් ඇමතියෙක් ආසන සංවිධායක ධුරය දරණ ආසනයේ ප්‍රධාන නගරය හා ආසනය කසිප්පු සහ මත්ද්‍රව්‍ය ඉහලින්ම තිබෙන ප්‍රදේශයක් කියලා රටම දන්නෙ නැතත් පොලිසිය දන්නවා සමහරක් කසිප්පු කාරයින් මොන වැරැද්දක් කලත් විමර්ශනය කරනවිට කසිප්පු කාරයා නිවැරදි කරුවා ලෙසට විමර්ශන වාර්තාව ලියන්නත් පොලිසියේදී පරීක්ෂණ සදහා ආවේ සිගරැට් එකක් වත් නොබොන කෙනෙක් කියා සගයා බේරගන්න හරිම දක්ෂයෝ ඉන්නෙ (සිගරැට් නොබිව්වට හොද බයිට් එකක් සමග සුදුවා ටිකක් හරි මොනරු දෙතුන් දෙනෙක් ආවොත් පැමිණිලි කරු පරාජය වෙනවා ) බොරුනම් කියපු ඇමතියාගේ කාර්‍යාලය තියෙන නගරයේදී හවස පහට හයට විතර සමරකෝන් ගොඩනැගිල්ල අසලට ඇවිත් කසිප්පු කාරයෝ ඉන්නවද බලන්න උදේම ආවත් බැරිවෙන්නෙ නැහැ )

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site