IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඕස්ට්‍රෙිලියාවේදී ලාංකික කතක මරා දාලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ සැන්ඩ්හර්ස්ට් හි පදිංචි 44 වියැති ශ්‍රී ලාංකික තිදරු මවකට ඇගේ නිවස තුළදී තියුණු ආයුදයකින් ඇණ  ඝාතනය කර ඇතැයි  එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නෙලෝමි පෙරේරා නැමැති තිදරු මවකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියා  මෙල්බර්න් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි ඕස්ට්‍රේලියාවේ නයින් නිව්ස් පුවත් සේවය පෙන්වා දී ඇත.

අපරාධය සිදුවන අවස්ථාවේ නෙලෝමි පෙරේරාගේ දියණිය අසල්වැසි නිවාසවලින් උදව් ඉල්ලමින් යන වීඩියෝ දර්ශන සී.සී.ටී.වී කැමරාවල පටිගත වී ඇති බව නයින් නිව්ස් පුවත් සේවය සඳහන් කර තිබේ.

"මගේ අම්මා මැරිලා, මගේ අම්මා මැරිලා"යැයි නෙලෝමි පෙරේරාගේ දියණිය පැමිණ පැවසූ බව අසල්වැසියන් පොලිසියට සාක්ෂි දී ඇත.

නෙලෝමි පෙරේරාගේ ගැටවර පුත්‍රයාටද සැකකරු පහර දී ඇති බවත් පහර කෑමෙන් සිදු වූ තුවාල දරුණු නොවන බවත් මෙල්බර්න් පොලිසිය පවසයි.

නෙලෝමි සහ දිනුෂ් මෑතකදී වෙන් වී ඇති අතර වෙන් වූ පසු ඇය තම නිවසේ අගුළු පවා මාරු කළ බව අසල්වාසීන් පවසා ඇත.

 



අදහස් (8)

ඕස්ට්‍රෙිලියාවේදී ලාංකික කතක මරා දාලා

Deeman Sunday, 04 December 2022 04:58 PM

ජපානයේත් ඔයවගේ භයානක සිද්ධියක් වෙන්න ගිහින් මම ඒ කාන්තාවට උදව් කරලා බේරගත්තා. දිගු කතාවක් නිසා කියන්න අමාරුයි. බිරිඳගේ නමට තියෙන ආපන ශාලාවල ලියලා දෙන්න කියලා ස්වාමියා බිරිඳව හැමදාම මරන්න යනවා. පුටුවක ඉන්දලා බැඳලා හිරිහැර කරන්න යනවා. ඇඟට භූමිතෙල් හලලා ගිනි තියනවා කියලා බය කරනවා. නින්දෙන් ඉද්දි බෙල්ලට පිහිය තියලා ඇහැරවනවා.

:       2       23

kamal Sunday, 04 December 2022 05:30 PM

ඕස්ට්‍රේලියන් කාරයින් වගේ නෙමෙයිනේ අපි, උදේ, හවස කන පිරෙනකම් පිරිත් අහලා හැදුණු වැඩුණු අයනේ....

:       4       63

පිටිගල මිලානෝ Sunday, 04 December 2022 05:33 PM

අපෝ මෙල්බර්න් දැන් වෙන්නප්පුව වගේ....

:       9       60

දිනේෂ් ඒකනායක-සිඩ්නි Sunday, 04 December 2022 06:51 PM

ගොඩක් ගැහැණු ඕස්ට්‍රේලියා යන්න ඕනෑ නිසා ඕනෑම මිනිහෙක්ගේ කරේ එල්ලිලා එනවා. ඊට පස්සේ ජීවිතේම චාටර්... සිඩ්නි මෙල්බර්න් ෂොපින් මෝල්වල මෙවැනි අය චාටර් වෙවී ඉන්නවා දවසම. ලංකාවේ කොල්ලෝ දැක්කම බලෙන්ම ඇවිල්ලා සෙට් වෙනවා. ඒවායේ අතුරුඵල තමයි මෙවන් මරණ...

:       19       36

lakmal Sunday, 04 December 2022 07:41 PM

පිටිගල ඔයාගැන දුකයි... ඔයා තාම ළදරු වයසේ ඉන්නේ... මේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ ... ඔයා මොන රටේද? 

:       17       21

Peduru Sunday, 04 December 2022 07:41 PM

මෙයාද ලාංකිකයෙකි... ක්‍රිකට් ක්‍රිඩකයෝද පිස්සු නටති. මීට පෙරද සිංහල ලාංකිකයෙක් තම දරුවන් දෙදෙනා මරා මවද මරා දැම්මා මතකද? විනයක් නීතියක් නැති රටක ඉපදුණු මොවුන්ට විනයක්, නීතියක් තිබෙන රටවල්වල ජීවත් වන්න පුරුදු නැත...

:       3       59

විජේ Monday, 05 December 2022 08:29 AM

මගේ අවුරුදු 18ක ඔස්ට්‍රේලියානු ජීවිතේ පලවෙනි අවුරුදු 15දී අහන්න ලැබුනු පවුල් අවුල් මිනීමැරීම් ගොඩකට ඉන්දියානු පසුබිමක් තියන පිරිමින්ට චෝදනා එල්ලවුනා. ඒ කාලෙ මටත් පොඩි කලකිරීමක් තිබුනා අපිත් දුබුරු පාට නිසා, දැක්ක ගමන් අපිත් 'ෆකිං ඉන්ඩියන්ස්' ගොඩටම වැටීම. ඒත් පහුගිය අවුරුදු 4ක 5ක විතර ඉදලා අපේ අයත් පෙන්නන්න පටන්ගත්තා අපිත් නොදියුනු, නූගත් 'ෆකිං ඉන්ඩියන්ස්'ලට නොදෙවෙනි බව. ඒ කාලෙ ලාංකිකයන් ගැන තිබුන පැහැදීම ටික ටික දැන් ඔස්ට්‍රේලියානු සමාජයෙනුත් නැතිවෙලා යනවාදෝ කියලත් වෙලාවකට හිතෙනවා. ඒක ඔස්ට්‍රේලියාවෙ ඉන්න අපිටත් වඩා ලංකාවෙ ඉන්න අයටයි බලපාන්නෙ. මොකද වැදගත්, අත්‍යවශ්‍ය දේකටවත් වීසා එකක් ගන්න බැරිවෙන නිසා, සංචාරකයයින් උනත් ලංකාවට යන්න තව පාරක් හිතන නිසා, චැරිටියක් උනත් උදව් කරන්න ඇබරෙන නිසා. ඒත් තාමත් බහුතරයක් රටවල්වල සංක්‍රමණිකයින් එක්ක බලද්දි ලංකාවෙන් ආව මිනිස්සු යම්කිසි තත්වයක් තියාගෙන ඉන්නවා. ඒත් ඉතින් කොච්චර කාලෙකටද දන්නෑ. ලොකු උන් හිටගෙන කරන දේ පොඩි උන් දුව දුව කරනවලුනෙ.

:       1       13

Asela Sunday, 04 December 2022 11:19 PM

සමහරුන්ට උගත්කම, බුද්ධිය තිබුණට විඤ්ඤාණය නැහැ...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1382 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site