IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඔලිම්පියාඩ් රන් දිනු දූ පුත්තු

ඉන්දුනීසියාවේ පැවති 11 වන අන්තර්ජාතික  ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ගණිත අංශයෙන්  රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් ශ්‍රී ලංකාවේ ලෝකයේ දෙවන් ස්ථානයට ඔසවා තැබීමට ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ පිරිසක් සමත් වුහ. ඔවුහු  අද  අලූයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි මෙම සිසු සිසුවියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂක බී.ඩී චිත්‍රානන්ද බියන්විල සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා කේ.ජී.එල් නිරීසා යන මහත්ම මහත්මීන් ඇතුළු විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ දෙමව්පියන් විසින් ඉතා උනුසුම් අන්දමින් පිලිගනු ලැබීය.

එහිදී දරුවන් පිළිගනිමින් චිත්‍රානන්ද බියන්විල මහතා පැවසුවේ මෙවැනි අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගත් දරුවන්ට පළමුව සුභපතන බවත දෙවනුව  ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වන බවත්ය.

එමෙන්ම දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන් ඔපවත් කර ශක්තියක් ලබා දුන් සියළු දෙනාට අධ්‍යාපන අමාතයංශය වෙනුවෙන් තමන් ස්තුතිවන්ත වන බවත් ඔහු කීය.

මහනුවර ධර්මරාජ විදුහලේ උදිත සඳරුවන්  විජේරත්න සහ හොරණ තක්ෂිලා විදුහලේ චනුද අනුසර ජයලත් රන්පදක්කම් හිමි කර ගත් අතර ගාල්ල රිච්මන්ඩි විදුහලේ තිරස සදලූක කොඩිතුවක්කු සහ වව්නියා රම්බයිකුලම් බාලිකා විදුහලේ සර්වනාදන්  ෂර්මිකා යන සිසු සුවියෝ රිදී පදක්කම් හිමිකරගත්හ.

මෙහිදී කොළඹ රාජකීය විදුහළ ජි.මානෙත් බානුල පෙරේරා සහ ත්‍රිකුණාමලය කෝනේස්වරම් හිංදු විදුහලේ ටී. සුන්දර් භවන් යන සිසුහු ලෝකඩ පදක්කම් හිමිකරගත්හ.

මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසිරි ඉඳුසර සදහම්, ඒ. ආකාෂ්, පී සේතුරාගවම්, කේ. කාර්තීපන් යන සිසුන්ද,  සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණිත විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක  ඩබ්ලිව්.එච්.එන්.එච් දයානන්ද මහත්මිය කණ්ඩායම මෙහෙයවමින් ද, කෑගල්ල ස්වර්ණ ජයන්ති විදුහලේ නියෝජ්‍ය විදුහල්පති යු.ජී.ජේ. එස්   රත්නායක මහතා කන්ඩායමේ නිබන්ධක වශයෙන්ද කටයුතු කරමින් සංචාරයක සඳහා එක්ව තිබුණි.

මෙම තරගාවලිය සඳහා  දරුවන් තෝරාගෙන ඇත්තේ පළාත් සහ ජාතික මට්ටමින් කරන ලද තරග විභායකින් අනතුරුවය. පසුව නැවත පවත්වන ලද තරග විභායකින් ජාතික සංචිතය සඳහා දරුවන් තෝරාගෙන පසුගිය පෙබරවාරි සිට මේ සඳහා ඔවුන් පුහුණු කර ඇත.

උඩුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා එන්.යු ප්‍රියානි දාස්,  හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ජී.සුනිල් ශාන්ත, කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ එස්.කේ.බී.එම්.කේ භානු ගුප්ත සහ බදුල්ල ධර්මදුත විදුහලේ ජයන්ත සමරජීව යන ෂමහත් මහත්මීන් මෙම දරුවන් තරගාවලිය සඳහා සුදානම් කර ඇත.

(රන් පදක්කම් හිමි කරගත්  උදිත සඳරුවන් සහ චනුද අනුසර ජයලත්)

1

(රිදී පදක්කම් හිමිකරගත් තිසර සඳලුක කොඩිතුවක්කු සහ සර්වනන්දන් ශර්මිකා)

2

(ලෝකඩ පදක්කම් හිමිකරගත් ජී. මානෙත් බානුල පෙරේරා සහ ටී.සුන්දර් බවන්)

3

4 5 6 7 8 9 10 11 12 13 14 15 16



අදහස් (0)

ඔලිම්පියාඩ් රන් දිනු දූ පුත්තු

චම්පිකා Sunday, 12 October 2014 04:33 AM

ඉදිරියේදීත් එවැනිම ජයග්‍රහන ලැබේවා.(හේ)

:       0       0

හේමන්ත Sunday, 12 October 2014 05:01 AM

මේ නංගිලා මල්ලිලා සියලු දෙනාටම සුභ පැතුම්! ලොකු වුනාම රට හැර දා ගිහින් පිට රට වල සේවය කරන්න එපා. ලංකාවේම ඉන්න ගණන් අසමත් වන අපේ පරපුර ගොඩගන්න. (හේ)

:       0       0

චමින්ද Sunday, 12 October 2014 05:06 AM

අපේ දරුවෝ කොහොමටත් ගණිත අංශයට බොහොම දක්ෂයි.මම සිටිනා රටෙත් ශ්‍රී ලාංකික දරුවෝ ගණිත විෂයට, සෑම විටම පදක්කම් පිට පදක්කම් ලබා ගන්නවා.මේ දුවලා පුතාලට මගෙන් උණුසුම් සුබ පැතුම්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site