
(සුජිත් හේවාජුලිගේ)
සුපිරි වෙළඳසල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයිවූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුපිරි වෙළඳ සල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයි විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබී ඇති බවත් ඒ අනුව ඊට අදාළ නිර්දේශ හා නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා කොන්දේසි සහිත අවසරයක් ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
සංචරණ සීමා කාලයේ දී බොහෝ පිරිස් සිය නිවෙස්වලම මත්පැන් පෙරීමට පටන් ගැනීම නිසා රජයට දීර්ඝකාලීනව බදු ආදායම් අහිමිව යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ කරුණු සැලකිල්ලටගෙන සුපිරි වෙළෙඳසල් හරහා ඔන් ලයින් ක්‍රමයට මත්පැන් සැපයීමට මුදල් අමාත්‍යාංශයෙන් මෙසේ අවසර ඉල්ලූ බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු පවසති.
ඉදිරියේදී එම අවසරය බොහෝ දුරට ලැබෙනු ඇතැයිද ඒ නිලධාරීහු සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ යෝජනාවක්... මේවා බලෙන් නවත්තන්න බෑ. අවශ්‍ය කෙනා කොහොම හරි සපයා ගන්නවා.
ඉක්මණට කිරිබත් උයලා සමරන්න ලෑස්ති වෙන්න.. රබන් ගහලා " රට රකින අපේ විරුවා " සිංදුවත් දැම්මා නම් 69 ලක්ෂයට අමාරුව නිට්ටාවටම සනීප වෙයි..
මතට තිත කියලා පටන් ගත්තේ... අන්තිමට ලයිසන් තවතව දීලා තමයි නැවතුණේ...
ඉක්මණට දෙන්න...
මේ අයට මොලේ පෑදිලා තියෙන්නේ දැන් තමයි...! මිනිහෙක් බොන එක එයාගේ සිවිල් අයිතියක්.. බීලා මැරෙන එකත් එහෙමයි.. බොන එකා දැනගන්න ඕනෑ කොහොමද මම බොන්නේ කියලා. අනික බොන අය වැඩියම ඉන්න පහළම සමාජ ස්ථරයේ ඉන්න කට්ටිය ඔය මොනවා වහලා තිබ්බත් බොන්න හොයා ගන්නවා..
මිනිසුන් බීමට කොපමණ ඇබ්බැහි වෙලාද?
ලොක්ඩවුන් කාලය තුළ කසිප්පු පෙරීමටත් ඉඩදෙන්න. සාධාරණ සමාජයක් සඳහා.
හොඳ දෙයක්...!!!
ඇති යාන්තම් හොඳ යෝජනාවක් ගෙනාවා.
කුරුම්බාවලට පුරුදු වුණාම තැඹිලි තිබුණත් එකයි, නැතත් එකයි..
මේ මගින් සිදුවන්නේ සුළු පිරිසක් විසින් මත්පැන් මිලටගෙන වැඩිමිලට විකිණීමේ ජාලයක් සකස් වීමයි. ඇත්තටම සිදුවිය යුත්තේ සියලු පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ ජාලයක් රජය මගින් සකස් කිරීමයි.
සමහර පැතිවල හොර රහසේ කසිප්පු පෙරනවා. කුඩා පොලිතීන් බෑග්වල විකුණනවා. පොලිසියෙන් ඇල්ලුවත් පගාව දීලා බේරෙනවා...
ඔය විකාර වැඩ නතර කරලා අපේ ගෙදර ඉන්න පාසල් ළමුන්ට ඉගෙන ගන්න ඔන්ලයින් ක්‍රමයක් හැදුවොත් නරකද? ඒක අපේ අනාගත ආයෝජනයක්නේ...
අනේ ඕකට නම් ඉඩ දෙන්න එපා.. මීට කසිප්පු මුදලාලි...
තමන්ට අවශ්‍ය දේ තමන් සපයා ගැනීමේ වරද කුමක්ද? එය ස්වයං පෝෂණයේ ලක්ෂණයක් නොවේද?
මතට තිත.. මේක බෞද්ධ රටක්.. කෝ අපේ විරුවා..?
මත්වතුරවලට ගහලා තියෙන විශාල බදු ප්‍රමාණය නිසා මත්දුව්‍ය නිවසේම පෙරාගෙන වැඩිහරිය ස්වයං රැකියාවක් ලෙස පාරිභෝගිකයන් කිහිප දෙනෙකුට විකිණීම කරන විශාල පිරිසක් කෝවිඩ් තිබුනත්, නැතත් පසුගිය කාලේ විශාල ලෙස රටේ බිහිවෙලා.
රටේ ජාතිය, ආගම ධර්මය, රක්ෂිත වනාන්තර, මුහුද ඇතුළු වෙරළ ආශ්‍රිත පරිසරය විකුණගෙන කාලා මුදල් ගොඩගසා ගන්නා පාලකයින් අරක්කු ටිකක් ජනතාවට විකුණලා මුදල් ටිකක් උපයාගන්න එක මහලොකු වරදක්ද? බලුකම්, ජඩකම්, තක්කඩිකම්, පාදඩකම් , නිවටකම් කරලාම විනාශ මුඛයේ සිටින ජාතියක් අරක්කු ටිකක් බීලා විනාශ වෙන එකත් ලොකුවට හිතන්න තරම් දෙයක්ද? ඔන්ලයින් ඕඩරයක් දාලා බඩු ටික ගෙදරටම ගෙන්වාගෙන "චියර්ස් " කියලා සෞදිය පුරලා කාලා බීල ජොලි කරමුකෝ අපි හැමදාම. අන්න එතකොටනේ කරපු වෙනසේ "සැප" දැනෙන්නේ නියමෙටම...
රසායන පොහොර හොඳ නෑ ආණ්ඩුවට.. ජරා අරක්කු හොඳයි ජනතාවට... ඉඩම් ටිකට කෙළින්න හදන්නේ. මිනිස්සුන්ට ආදරේට නොවෙයි.
තැබෑරුම් වැඩිහරියක අයිතිකාරයෝ කවුරුත් දන්නවනේ... එයාලට ආදායම අඩුවෙලා ඇති. කෝ මේවාට අපේ හාමුදුරුවරු කතා නැහැ නේද?
ගොඩක් හොදයි
රසායනික පොහොර ජනතාවට විෂ වුණාට, එතනෝල් වැනි විෂ රසායන දමලා හදන එතනෝල් ජොනීගේ අරක්කු විස නැහැ. ඒකට හේතුව ජොනී දේශප්‍රේමී පිලේ කෙනෙක්නේ...
මත්පැන් පානය කළ මිනිසා තිරිසනෙක් හා සමානයි... හැම ආගමකම නායකවරු මත්වතුර තහනම් කර ඇත. ඇයි මේ නායකයන් මේ ගැන ඔච්චර කල්පනා කරන්නේ..? රට දිනුවට කරන්න කොච්චර දේවල් තියෙනවද? මත්වතුර බීලා රටක් හදන්න පුළුවන්ද? මහ මෝඩ රැළක්...