
(අංජුල මහික වීරරත්න)
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව සඳහන් කරන ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා, ශ්‍රී ලංකාව තුළ සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මෙරට ජනතාවට ස්තුතිවන්ත වන බව කියා සිටියි.
වසර ගණනාවක් තිස්සේ ආසියා සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී මෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට ස්ථීර හවුල්කරුවකු ලෙස කටයුතු කර ඇති බවද අසකාවා මහතා කියයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ඉවහල් වනු ඇති බව ද එම සුබ පැතුම් පණිවුඩයෙහි සඳහන් කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව සමඟ ඇති සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට කැප වී කටයුතු කරන බව ද, ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හැකිවනු ඇති බවද සුබපැතුම් පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
පව් රනිල්ට කණට ගැහැව්වා වගේ...?
ඔවුන් විස්වාස කරන්නේ හොරු නොවන නායකයින්ව මිස, ගේම් ගහන උන්ව නොවේ. ඒකයි අනුරව විශ්වාස කරන්නේ.