තරුණ තරුණියන්ගේ ආදරය දිනාගත් චාමර වීරසිංහ හිදිසි අනතුරකට මුහුණ පා ඇති බව අන්තර්ජාලයේ විවිධ පුවත් මගින් පළ විය. එහි ඇත්ත නැත්ත සොයා සහ ඔහුගේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳව දැනගැනීමට අපි ඔහුව සම්බන්ධ කර ගත්තෙමු.
ඔබ යම් අනතුරකට මුහුණපෑවා කියලා ආරංචියි?
ඔව්, මගෙ යාළුවෙක් එක්ක බයික් එකේ පිළියන්දල ටවුන් එකට යද්දි ත්‍රීවිල් එකක හැපුණා. කකුලේ ඇඟිලි 3ක් පැනලා, දැන් ගල් බැන්ඩේජ් එකක් දාලා තියෙන්නේ. මූණෙයි, අතපයෙයි තුවාල ටිකක් තියෙනවා, තාම හරියට ඇවිද ගන්න බැරි එකයි ප්‍රශ්නේ.
මේ සම්බන්ධව අන්තර්ජාලයේ විවිධ පුවත් පළවෙනවා?
අපිට යම් දෙයක් වෙනකම් බලන් ඉන්න පිරිසක් ඉන්නවනේ, ඒ අයට ඕන කොහෙන්හරි වාසි ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඒක තමයි ඒ කරලා තියෙන්නෙ. නමුත් මට ආදරේ කරන රසික පිරිසක් ඉන්නවා. ඒ අය මාව බලන්න රෝහලට පවා ආවා. මගේ දුරකථනයට ඇමතුම් ගොඩක් ආවා. ඒ හැමෝටම මම ස්තුති කරනවා.
නවක ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
"මේ සුබ පැතුම් ඔබටයි ළඳේ" කියන මගේ නවතම ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංගවලට ගියාම ඒක හොඳටම පේනවා. තවත් ගීත 3ක් එළිදක්වන්න නියමිතව තියෙනවා.
මෙම ගීතයෙන් කියැවෙන්නේ ඔබට සම්බන්ධ සිදුවීමක්ද?
අනේ නැහැ, ඒ ගීතය මට ලැබුණෙ ළහිරු පෙරේරා ළඟ ඉන්න මනුරග මල්ලිගෙන්, ඒක එයාගෙ අදහසක්. නැතුව මම කියලා ලියව ගත්ත එකක් නෙමෙයි.
මේ සුබ පැතුම් ඔබටයි ළඳේ" ගීතයට රූපරචනාවක් කර තිබෙනවා නේද?
ඔව්, රූපරචනාවක් කළා, නමුත් එයට මම සම්බන්ධ වුණේ නැහැ. විෂුවල් එකකට පෙනී හිටියා විතරයි. ඇත්තම කිවුවොත් ඒ රූප රචනාවට මගෙ එච්චර පැහැදීමක් නැහැ. ඉදිරියේ මගෙ ගීතවල රූපරචනා මමම තිර රචනය ලියලා කරන්න බලාපොරොත්තු වෙනවා.
අද පවතින සංගීත රටාව පිළිබඳව ඔබගේ අදහස
එන්න එන්න තාක්ෂණය දිවුණු වෙනවා, ඒ එක්කම මිනිස්සුන්ගේ රසාස්වාදයත් දිවුණු වෙනවනම් තමයි මම හිතන විදියට වටින්නේ. අද තියෙන සිංදු ගත්තත් බොළඳ වචන, බොළඳ තනු තියෙන්නේ. අනිත් එක ඔක්කොම ගීත එකවගෙයි. ඒ නිසා මම ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒකාකාරී පැත්තෙන් මිදිලා අලුත් දෙයක්.
ඔබ සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඒ ගැන යමක් කිව්වොත්?
ඔව්, දැනට අපි මාතර පුහුණුවීම් කරගෙන යනවා. ලබන අවුරුද්දේ පළමු ප්‍රසංගය කරන්නයි අපි අදහස් කරලා තියෙන්නේ. මේ වගේ දෙයක් කරන්න අදහස් කළේ අද ඇහෙන් නැති පරණ ගීත නවක අයට අහන්න දෙන්නයි.
අමරදේව මාස්ටර් සංගීත ක්ෂේත්‍රයට අහිමිවීම පිළිබඳව ඔබේ අදහස?
ලොකු දුකක් තියෙනවා, අපේ රටට කියාගන්න බැරි තරම් පාඩුවක් වුණේ මාස්ටර් නැතිවීම. මට හිතාගන්න බෑ ඉස්සරහට එතුමගෙ තැන ගන්න කෙනෙක්, දැනමුතුකමක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා.
චාමරගේ ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොයි වගේද?
ඇත්තටම මගේ බිරිඳ මාව තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා ඇය මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. අපට දුවෙක් ඉන්නවා, දුවගෙ වැඩයි, මගේ වැඩයි ඔක්කොම කරන්නෙ මගේ බිරිඳ. ඉතින් මම වාසනාවන්තයි, මේ වගේ බිරිඳක් ලැබීම ගැන.
පැමිණි ගමන් මඟ ආපසු හැරි බැලුවොත්?
මගේ ජීවිතයේ පොඩි පොඩි වැරදි තැන් කිපයක් තියෙනවා. ඒවා නිවැරදි කරගෙන එන්න පුළුවන්නම් ඒ දේ මම කරනවා. ආපසු හැරි බැලුවම එච්චරයි මට හිතෙන්නේ.
ඡායාරූප සහ සටහන මහේෂ් මලවර ආරචිචි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඒකාකාරී පැත්තෙන් මිදිලා අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා