
(කාංචන කුමාර ආරියදාස)
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති.
ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද(03 ) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
එමෙන්ම මෙදින බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය පහළ වැටීම නිසා අනෙකුත් එළවළු මිල පහත වැටීම සිදුවන බව ඔවුහු අවධාරණය කරති.
ඉකුත් දිනවලින් ඉහල මිල ගණන් ද යටතේ අලෙවි වූ අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 150 ක් 200 ත් අතර පහත වැටී තිබිණිි. රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝ එක මෙදින අලෙවි වූයේ රුපියල් 150ත් 200 ත් වැනි මිලකට ත් වට්ටක්කා කිලෝව රුපියල් අනුවත් සීයක් අතර මිලකට අලෙවි වෙයි
විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 03 දින දහවල් වන විට රුපියල් හැටේ සිට රුපියල් සියය දක්වා වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි
ඒ අනුව ලීක්ස් කිලෝවක්ද රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය. කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද පහත වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පොල් ගෙඩියක තොග මිල රුපියල් 150කට අලෙවිවනු දැක ගැනීමට හැකි විය එම පොල් සිල්ලර වෙළඳපොලේ එක ගෙඩියක් රුපියල් 180කට අලෙවිවීම විශේෂත්වයකි
එළවළු සිල්ලර මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ තොග මිලදී ගත්තද ඒවා වැස්ස සමග විනාස වීම නිසා විශාල වශයෙන්ම ඉවත් කිරීමට සිදුවීම නිසාවෙන් බව සිල්වර වෙළෙන්දෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ අද(03) එළවළු කිලෝවක පැවති තොග මිල මෙසේය
බෝංචි 650 ත් 700
ලීක්ස් 100ත් 140
කැරට් 60 ත් 100
ගෝවා 40 ත් 100
තක්කාලී 180. 200
රාබු 30 ත් 60
නො කෝල් 280.ත් 300
කැකිරී 50 ත් 60
පිපිඤ්ඤා 80ත් 100
වැටකොලු 160 ත් 240
බණ්ඩක්කා 50 ත් 60
පතෝල 150 ත් 160
වම්බටු 150 ත් 200
අමු මිරිස් 150ත් 200
මැකරල් 30ත් 50
මාළු මිරිස් 300 ත් 350
2025 නොවැම්බර් මස 21
229
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
282
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1201
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එළවලු තොග මිල පහළට