
(අංජුල මහික වීරරත්න)
මහින්ද රාජපක්ෂ වන මම අතීතයේ ජනාධිපති ලෙස ජනතාව සමඟ අවුරුදු සැමරූ අයුරින්ම අද දවසේ ඔබේ අසල්වැසියෙකු මිතුරෙකු සහ වටිනාකම් දන්නා වැඩිහිටියකු ලෙස අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුදු සුබ පැතුමෙන් පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු තවත් එක් දිනයක් හෝ උත්සවයක් පමණක් නොවේ. එය අපේ කම පිරි හැඟීමකි. එම හැඟීම නිවස, පවුල, මුතුන්මිත්තන්, සොබාදහම සහ ඔබ අතර ඇති නොපෙනෙන බැඳීම ශක්තිමත් ව පවත්වා ගැනීමට හේතු වේ. මෙම සංස්කෘතික මංගල්‍යය තුළින් සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විදි, සාමූහිකත්වය, සමාජ සංස්ථාව සහ තම ආගම වැනි හර පද්ධතීන් පිළිබිඹු කරනු ලබයි. එක් අතකින් එය කෘෂිකර්මාන්තය හා බැඳි අපගේ මුතුන්මිත්තන් සොබාදහම සමඟ ගලපා ගත් ප්‍රඥාවන්ත ජීවන දර්ශනය ද වේ. තවත් අයුරකින් මෙය සංහිඳියාවෙන් යුතු මිත්‍රත්වයේ දිනය ද වේ. මෙම සංහිඳියාවට නීති රීති අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හොඳ හිත සමඟ කැවුම් කිරිබත් පිඟානක් සහ බුලත් හුරුල්ලක් පමණි. අලුත් අවුරුද්ද යනු අප සැමගේ මහා සංස්කෘතික මංගල්‍යයි. මෙය මිනිසාත් සොබාදහමත් අතර පවත්නා වූ භෞතික හා ආධ්‍යාත්මික බැඳීමේ අපූර්වත්වය පෙන්නුම් කරනු ලබයි. මිනිසා සහ කෘතවේදීත්වය අතර අපූරු සබඳතාවක් ගොඩනගයි. මෙය අප තුළ ජීවත් වන සංස්කෘතික අධ්‍යාත්මයේ ජන විඥානය ඉතා මෘදු ලෙස ප්‍රතිසංස්කරණයට ලක් කරනු ලබන ජාතික උත්සවයකි. රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය වන්නේ ද මෙම යහපත් සමාජ බඳතා සහ සාමූහිකත්වය බව අපි සැම දනිමු. එනිසාම, මෙවැනි සැමරුම් අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති කරනු ලබයි.
අතීතයේ රජ දවස මහා වාසල නැකැත් රාළ විසින් ප්‍රකාශ කරනු ලබන නැතැත් පත්‍රය අඬබෙර කරුවෙකු විසින් ගම් දනව් කරා රැගෙන ගිය බව ද රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව සූර්ය මංගල්‍ය සැමරූ බව ද ඉතිහාසයෙහි සඳහන්ව ඇත. අලුත් අවුරුද්ද යනු මතකයන් රැසක එකතුවකි. එම මතකයන් මම අද ද සතුටින් සිහිපත් කරමි. එබැවින්, ඔබේ දරුවන්ට ද එම සුන්දර මතකයන් හිමි කර දෙන ලෙස, වැඩිහිටි ඔබ සැමගෙන් මම ඉල්ලා සිටිමි.
මෙම කාලය තුළ අවුරුදු ක්‍රීඩා සඳහා විශේෂ තැනක් හිමි වේ. කොට්ට පොර, පොර පොල්, චක්ගුඩු, අංගම්පොර, ගස් නැගීම වැනි අවුරුදු ක්‍රීඩා තුළ ශේෂ වී ඇත්තේ අපගේ පාරම්පරික සටන් කලාවන්හි අවශේෂයන්ය. මේ නිසාම වර්ෂ 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනෙන් අනතුරුව සුදු ජාතිකයින් විසින් සිංහල අලුත් අවුරුද්දට මෙම ශිල්ප එළිදැක්වීම සහ පුහුණු වීම තහනම් කර ඇත. රටක් බිඳ දැමීමට නම් එහි සංස්කෘතික හර පද්ධතීන් බිඳ දැමිය යුතු බව ඔවුන් මැනවින් දැන සිටියහ. මෙය සියවස් ගණනාවකට පෙර ජීවත් වූ අපගේ පැරැන්නන් විසින් උපක්‍රමශීලී ලෙස රැකගත් සහ දායාද කළ පොදු උරුමය බව අප මතක තබා ගත යුතුය. කිසිවෙකුට මෙම මහා සංස්කෘතිය සූක්ෂ්ම ව දිය කර හැරීමට ඉඩ ලබා නොදිය යුතුය.
තාක්ෂණය සමඟ ගොඩනැගෙන, මව්බිමේ අනාගතය වන අපේ දරු දැරියන්ගේ සිත් තුළ සංස්කෘතික අනන්‍යතාවය රෝපණය කිරීම අප සැමගේ වගකීමක් මෙන් ම යුතුකමකි. රටේ අනාගතයත් ජාතියක අනන්‍යතාවයත් තැනෙන්නේ අපගේ දරුවන්ගේ හදවත් තුළ රැකෙන අපේ සංස්කෘතියේ හරයෙනි. එම හරයන් ගරුත්වය , කරුණාව, එකමුතුකම සහ සොබාදහමට ගරු කිරීම වැනි ගුණාංගයන් පිළිබිඹු කරනු ලබයි.
අද දවසේ සුබ මොහොතින් අප සැම එක්ව නිවැරදිව චාරිත්‍ර ඉටු කරමු. අපි පවුලක් ලෙස මෙය සමරමු. මේ මහපොළවේ දරුවන් ලෙස මෙය සමරමු. අපේ මුතුන් මිත්තන් පාරම්පරික ව රැගෙන ආ සෞඛ්‍ය සම්පන්න, ගුණගරුක නිර්මාණාත්මක හැකියාවන් සංරක්ෂණය කරමු. සංස්කෘතිය රැකෙන්නේ පවුල තුළය, ඔබ තුළය, ඔබගේ ආරදණීය දරුවා තුළය.
අප සැම දරු මුනුබුරන් වට කර ගනිමින් නිවසේ සිට චාරිත්‍ර සිදු කරනු ලබන අද දවසේ ද, සේවයේ නියුතු සියලු ම ආරක්ෂක නිල දරුවන් සහ සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා නිලධරයන් සැම ද මම මේ අවස්ථාවේ සිහිපත් කරමි.
අප රටේ වෙසෙන සහ විදේශීය රටවල වෙසෙන සියලු ශ්‍රී ලාංකික මගේ ජනතාවට ආයුෂ, ප්‍රඥා, සැප, බල ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන මගුලක් කරගන්න. ඒත් අපේ සල්ලි වියදම් කරලා කරන්න එපා. ඉස්සරත් පරම්පරාවම එකතු කරගෙන අවුරුදු කෑව හැටි අපිට මතකයි. දැන් ඒ සන්දර්ශනය ඕන නෑ.
දකුණු පලාත සබරගමුවෙන් යාකර A17 පාරේ රක්වාන සිට දෙනියාය කරා යන ඕන කෙනෙකුට රාජපක්ෂ රෙජීමය රටේ මාර්ග සංවර්ධනය කල ආකාරය තේරුම්ගත හැකියි....ඉස්සර කොළඹට කිරි ගමට කැකිරි... රාජපක්ෂකරනය අනුව දකුණට කහවනු සෙස්සන්ට කුනු රොඩු....
අනේ එපා, අපි අපේ පාඩුවෙ ඉන්නම්, පුතාලගෙ කෙලි අපට දැනෙනව
ඔබ කතාවෙහි දක්ෂයෙකි, ජනයාගේ හද ගැහෙනා රිද්මය සොයාගෙන එයට ආමන්ත්‍රණය කල රටට බිහිවූ දක්ෂ පාලකයෙකි. නමුත් රටේ බහුතරයක් සාමාන්‍ය ජනයාට අවුරුදු සැමරීම කෙසේ වෙතත් වේල් තුනක් කා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම, ජනතාවගේ අහිංසක හීන ගව් ගණනාවක් ඈතකට තල්ලු කිරීමට ප්‍රධාන වූ එක් සාධකයක් වන්නේ ඔබගේ අදූර්දර්ශී පාලනය බව ඔබට නොවැටහීම, රටේ බහුතරයක් ජනයාට නොවැටහීම ඛේදයකි.
ඔබ කතාවෙහි දක්ෂයෙකි, ජනයාගේ හද ගැහෙනා රිද්මය සොයාගෙන එයට ආමන්ත්‍රණය කල රටට බිහිවූ දක්ෂ පාලකයෙකි. නමුත් රටේ බහුතරයක් සාමාන්‍ය ජනයාට අවුරුදු සැමරීම කෙසේ වෙතත් වේල් තුනක් කා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම, ජනතාවගේ අහිංසක හීන ගව් ගණනාවක් ඈතකට තල්ලු කිරීමට ප්‍රධාන වූ එක් සාධකයක් වන්නේ ඔබගේ අදූර්දර්ශී පාලනය බව ඔබට නොවැටහීම, රටේ බහුතරයක් ජනයාට නොවැටහීම ඛේදයකි.
මේ රටේ "හිටපු ජනාධිපතිලාත්" අවුරුදු සමරනවා ඇතිනේ...ඉතින් මෙතුමාගේ අවුරුදු පණිවිඩ රචනාව පමණක් පත්තරේ පලකරන්න තරම් මුදලට ගිජු (පෙරේත) පත්තර කාරයෝ ලංකාවේ ඉන්න එක මට අමුතු දෙයක් නෙවෙයි..ඔය රචනාවේ ලියල තියෙන දේවල් ඔවුන්ගේ පවුල් පරම්පරාවට නම් අඩුවක් නැතිව ඇති. ඒ වගේම වලව් වල අවුරුදු ඉඳුල් බුදින පාදඩ ජඩ මඩ (මාධ්‍ය) කරියන්ටත් ඉඳුල් රස නොඅඩුව විඳිනවා ඇති.. මට නම් තවමත් මතකයි, 2022 වසරේ මේ රටේ තිබුන පෝලිම් තත්වය..යුද්දේ හමාර කල මෙතුමා , කොටි සංවිධානයේ සල්ලි වගේම රටේ සල්ලිත් සුද්ද කල බව ආයේ අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ..අපේ සල්ලි වලින් අවුරුදු නොකන තමන්ගේ මුදලින් අවුරුදු කන ජනාධිපති වරයෙක් දැන් මේ රටේ සිටිනවා. අපේ සල්ලි වලින් අපිට, අවුරුදු පණිවිඩ එවලා දුරකථන සමාගම් පොහොසත් කරන ජනාධිපති කෙනෙකුට වඩා තමන්ගේ මුදලින් අවුරුදු කන ජනාධිපති වරයාගේ වටිනාකම අපට දැනෙනවා..කරපු හරිය හොඳටම ඇති, මේ අවුරුද්දෙවත් මේ රටේ නීති ගරුක යුක්තිගරුක, තමන්ගේ ස්ව උත්සාහයෙන් හම්බ කරලා ජීවත් වෙන ජනතාවට පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමි..
මොකට කියනවද? ආසියාවෙ ආස්චර්ය පෙන්වපු හැටි රටම දන්නවා.
ඔබට ගම්මැද්දේ කේලම් කියන ගැහැණු කල සියලු අවලාද අද පුස්සක් බවට ඔප්පු වෙලා ඉවරයි.
පල පල
නෑ මොලේ තාම ලෑස්ති නැතෙයි ?
ඔබගේ පවුලේ සැමරැම අතිවිශිෂ්ටයි. කොපමනද කිව්වොත් ඔබගේ පවුල නායකත්වයෙන් ඉවත්වී අවුරැදු 2ක් ගතවීත් සාමාන්‍ය ජනයාට යංතං පාං කියාගතහැකි තත්වයක් උදාවී ඇත. මහජනයා එතනින් ගොඩයාමට කරන උත්සාහයට වලකපමින් පුතා සහ මුනුපුරන්ද ඉදිරිපත්කරමින් ඔවුන්ගේ ඉදිරිගමන පමනක්ම පැතීමත් විශිෂ්ටයි.
සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙච්ච වෙලාවේ විකාර දොඩවන්න එපා. මෙයාගේ කාලේ කොට්ට පොර, පොර පොල්, අංගම්පොර වැනි අවුරුදු ක්‍රීඩා වෙනුවට දැක්කේ ගිණි අවි සහ ගිණි කෙළි සමගින් සුදුවෑන්, තාඩුජීන්, කතෘ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ වැනි ඝාතන, ගස් නැගීම වැනි අවුරුදු ක්‍රීඩා වෙනුවට දැක්කේ දළදා මාලිගාව ඉදිරිපිට කාර් රේස්..