(සුජිත් හේවාජූලිගේ)
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය කාලය දින හතක් දක්වා අඩු කිරීමට අනුමැතිය දෙන්නැයි සෞඛ්‍ය අංශ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව කෝවිඩ් -19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය හෙට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ද යුද හමුදපතිවරයා සඳහන් කරයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන් හෝටල්වල හෝ නිරෝධායන මධ්‍යස්ථානයන් හි දින 14ක් නිරෝධායනයට යොමු කෙරිණි.
මෙම දිගු නිරෝධායනය තමන්ට දැඩි පීඩාවක් බව විශාල පිරිසක් රජයට හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පැමිණිලි කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ හරියටම තීරණය කරලා එක දෙයක් කියනවද..? කලින් කිව්වා එන්නත ලබාගෙන පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තම නිවාස වලම නිරෝධායනය වෙන්න පුළුවන් කියලා. දැන් කියනවා දවස් 07ක් හෝටල්වල නිරෝධායනය කරන්න යනවා කියලා. ඇත්තටම මොකක්ද කරන්න යන්නේ..? කලාපයේ බොහෝ රටවල් මේ වනවිටත් තම විදෙස් ශ්‍රමිකයින්ට නිවාස නිරෝධායනය ලබාදෙනවා. නමුත් අපේ අය තවම ඒ ගැන සලකා බලනවා.
එන්නත් දෙකම විදගෙන එන අයට මොකද කරන්නේ..?
හොඳ යෝජනාවක්... ‘‘ගසා කෑවා හොඳටම ඇති. දැන්වත් නතර කරමු. ‘‘අහිංසක පිටරට මිනිස්සුන්ගෙන් ගන්න මුදල්.. කෝ විදේශ සේවා කාර්යාංශය...? මොනවද කළේ රට විරුවන්ට..? ‘‘දැන්වත් ගසාකෑම හොඳටම ඇති... නතර කරමු..‘‘
ඡන්දේ ඉවර වෙනකන් ඕක ඇඳන් යට...
ඊයේ කිව්වේ රටින් එන අය ගෙදරම නිරෝධායනයට කියලා... අද නිරෝධායන කාලය දින 07ක් දක්වා අඩු කිරීමට අනුමැතිය ඉල්ලයි කියනවා. බෙහෙත් විදපු අයට නිවෙස් නිරෝධායනය දෙන්න. ලොකු කාලයක් නිවාඩු දෙන්නේ නැහැ. ආයතන වලින් මෙහෙම එන්න නම් රස්සාවල් දාලා එන්න ඕනෑ. දැන් ඔය ඇති අපට එන්න දෙන්න අපේ රටට...
දැන් ඔයා කියන්නේ එන්නත් ලබාගත්ත කට්ටියත් නිරෝධායනය වෙන්න ඕනෑ කියන එකද? නැතිනම් ඊයේ කිව්වා වගේ එන්නත් ගත්ත කට්ටියට ගෙදර නිරෝධායනය වෙන්න ඉඩදෙනවද?
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඩුබායිවල එදිනෙදා සාමාන්‍ය ජීවන රටාව ගෙවන අපට ඇයි අපේ රටට ඇවිත් PCR එකක් කරන් එහෙම ඉන්න බැරි...? නිවෙස් නිරෝධායනය දෙන්න... දැන් ඔය ඇති අපට එන්න දෙන්න අපේ රටට... අවුරුද්දටම නිවාඩු ලැබෙන්නේ පොඩි කාලයක් අපට අපේ පවුලේ අයත් එක්ක ඉන්න...
ඩුබායි ගිය නාමල් ඇමැතිතුමා ආපසු ලංකාවට එන්න කලින් නිරෝධායන කාලය දින 7කට හෙටම අඩුකරන එක හොඳයි. ආ අමතක වුණා. ඒ ගමන්ම ගෙදර නිරෝධායනයටත් හෙටම අවසර දෙන්න. ඔබතුමා වෙලාවට ඔය වැඩ ටික කරලා තිබ්බේ නැත්නම් එතුමා ලංකාවට ආවට පස්සේ එතුමාට තරහා ගිහින් හෙන විජ්ජුම්බරයක් වෙයි. එතුමා ලංකාවට ඇවිත් දින 7ක් ගෙදරට වෙලා නිරෝධායනය වුණාට පස්සේ නැවත පරණ නීති ටික අපි ලංකාවට එනකොට අපිට පනවන්න. තවත් දෙයක්, ඊයේ ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් අලුතෙන් හොයාගෙන තියෙනවා ලංකාවට එන කොරෝනා වයිරසයේ පමණක් බීජව්සන කාලය දින 14 නෙමෙයි දින 7ක් කියලා. අපරාදේ මෙච්චර කල් අපිව දින 14ක් නිරෝධායනය කෙරෙව්වේ... එ්කත් ඔය ගමන්ම මාධ්‍ය සාකච්ඡාවකදී කියලා දාන්න. ඔබට ජය...
අගමැතිතුමාට ලබන සිකුරාදා බංග්ලාදේශයට යන්න ඕනෑ. එයාටත් අැවිල්ලා දවස් 14ක් නිරෝධායනය විය යුතු නිසා මේ නීති වෙනස් වෙනවා.
ඊයෙ කිව්වා නිරෝධායනය අවලංගු කරන්න ඉල්ලුම් කළා කියලා, අද කියනවා නිරෝධායන සීමාව අඩු කරන්න ඉල්ලුම් කළා කියලා... හෝටල් වලින් ඇමතුම් එන්න ඇති.
දැනට අයකරන දිනක මිල දෙකෙන් වැඩි කරලා දින ගණන දෙකෙන් බෙදුවා නම්, තමයි නියම ලාභය හෝටල් මුදලාලිලාට ලැබෙන්නේ. අන්න එහෙම තමයි මහත්තයෝ අපේ රටේ වැඩකටයුතු සිද්ධ විය යුත්තේ. ඔය දේශප්‍රේමී රට විරුවන්ට වුණත් මුදලට වඩා කාලයනේ වටින්නේ? අනික ඒ අයට දැන් නිවාඩුවට එන්න ඒ ගොල්ලන්ගේම කියලා රටක් ඉතුරු වෙලා තියනවනේ? පහුගිය කාලේ එහෙම රටක් තිබුණේ නැහැ කියලනේ ඔය නාහෙන් අඬ අඬා හිටියේ. යන්තම් ඇති, දැන් ඒ අසනීපෙත් සුවයි...
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන හොර තක්කඩින්ට මාර වැඩේ වෙන්නේ. දැන් ඉතින් වෙන උප්පර වැටිටියක් සොයා ගනිල්ලා සොරා කන්න. අපේ එවුන්.., අපේ එවුන්ගෙන්ම මංකොල්ල කාලා ජීවත් වෙන අයනේ... ඒක මම හිතන්නේ අපේ ජාතියෙ හැටිද කොහෙද?....
අද නේද ලොකුපුතා අපහු එන්න තියෙන්නේ?
පළාත් සභා ළංවෙනකොට තව දින අඩුවෙයි.
ඔහේට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. අනික මේක මහා විකාරයක්. කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. අන්තිමට කියන්න තියෙන්නේ දැන් ඔක්කොම ඇණගෙන හත්පොළේ ගාගෙන ඉන්නේ. ඒකයි මේ ඔක්කොම. මතකයිනේ කොරෝනා නීතියෙන් රිංගපු හැටි..
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන්ට එන්නත් දෙකම ලැබී ඇතිබවට සහතික කළ ලිය කියවිලි ඇත්නම් ලංකාවට පැමිණ යලිත් නිරෝධායනය කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැත. රජය කළයුතු වන්නේ එන්නත් ලැබී සති දෙකකට පසුව පැමිණෙන ලෙස ඔවුන්ට දන්වා සිටීම හෝ රජයේ ප්‍රකාශයක් නිකුත් කිරීම පමණි.
එතෙර සිටින අපි ජාතික කොඩි ගහගෙන ඇවිත් මෙයාලට ඡන්දය දුන්නේ. ලංකාවට හැර අනෙක් සියලු රටවල නිවෙස් නිරෝධායනය පුළුවන්. හෝටල්වලින් ගසාකන්න රට විරුවන්ගේ රීරි මාංශය උරාබොන වැඩ පිළිවෙළක්.