IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එතෙර සුභසාධන අංශ වහන්න එපා‘යි ඉල්ලති

 

(විනීතා එම් ගමගේ)

විදේශ රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කර ඇති කම්කරු සුභ සාධන නිලධාරින් ගේ සේවය අත්හිටුවා ඔවුන් මෙරටට ගෙන්වීමට කම්කරු අමාත්‍යංශය ගෙන ඇති තීරණය නිසා අලුත් විදේශ රැකියා සොයාගැනීම් නවතින බවත්, දැනට විදෙස් ගත වී සිටින සේවකයින්ගේ ආරක්ෂාවට බාධා සිදුවන බවත් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.  

එමෙන්ම විදේශයන්හිදී කරදරවලට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයෝ ආපසු ගෙන්වා ගැනීම හෝ ඔවුන් වෙනුවෙන් නීතිමය කටයුතු කිරීම ද නවතිනු ඇතැයි එම සංගමය යවන ලද ලිපියේ සඳහන්ව ඇත. 

එම සංගමයේ ලේකම් එම් ඩී සමරක්කොඩි මහතාගේ අස්සනින් යුතුව ඉකුත් 24 වැනිදා යවා ඇති එම ලිපියේ, එතෙර දූත මණ්ඩල කාර්යාලවල ස්ථාපිත කර ඇති රැකියා හා සුභසාධන අංශ වසා දැමීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බව සඳහන් කර ඇත.
විදේශ දූත මණ්ඩල 16 ක සේවය කළ නිලධාරින් 150 දෙනාගෙන් මේ වනවිට 125 දෙනෙකුම ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇතැයි එම ලිපියෙන් පෙන්වා දෙන අතර එම කාර්යාල වසා දැමීමට උත්සාහ කරන බවට එයම සාක්ෂියක් යැයි පෙන්වා දෙයි. 

මේ සම්බන්ධව ලංකාදීපයට අදහස් දක්වමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාවේ සභාපති අනුර කුමාර සූරියආරච්චි මහතා කියා සිටියේ මේ වනවිට ජෙඩා හි කොන්සල් කාර්යාලයේ කාර්යංශය නියෝජනය කරන කිසිදු නිලධාරියෙකු නොමැති බවය. 

බහරේනයේ, ඊශ්‍රායලයේ, ජෝර්දානයේ, දකුණු කොරියාව, මැලේසියාව, හා මාලදිවයින යන රටවල ඇත්තේ එකම නිලධාරියෙකු බැගින් පමණක් බවත් ඔවුන් ද ලිපිකරුවන් පමණක් බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම මේ අයගෙන් වැඩි පිරිසක් 2021 වසර වනවිට සේවාකාලය අවසන්ව ආපසු පැමිණීමට නියමිත පිරිස් බව ද හෙතෙම කියා සිටියේය. 

මෙම රටවල්වලින් බොහොමයක් ගෘහ සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යන රටවල් බැවින් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන කාන්තාවන් මෙම සුභසාධන අංශයේ පිහිට සොයා එන බවත් පෙන්වා දුන් සූරිආරච්චි මහතා විශේෂයෙන් බන්ධනාගාර ගත වූ ශ්‍රී ලාංකිකයන්, රෝහල් ගත වූ ශ්‍රී ලාංකිකයන් හා අධිකරණමය කටයුතුවලට මුහුණ දී සිටින්නන් වෙනුවෙන් සපයන සහය මේ වනවිටත් බිඳ වැටී ඇතැයි පෙන්වා දුන්නේය.

එබැවින් මේ සේවාවන් තවදුරටත් ලබා දීමට පියවර ගන්නැයි ඉල්ලමින් ලිපිය යැවූ බවත් එහි පිටපත් කම්කරු අමාත්‍යවරයා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා, එම අමාත්‍යංශ දෙකෙහි ලේකම්වරු මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා වෙත ද යැවූ බව ද ඔහු කියා සිටියේය. 

 

 



අදහස් (7)

එතෙර සුභසාධන අංශ වහන්න එපා‘යි ඉල්ලති

de silva Friday, 02 October 2020 01:19 PM

විදේශ ශ්‍රමිකයින්ගෙන් රක්ෂණ මුදල් අයකරගෙන හමාර නිසා ඔවුන් අතරමංවෙලා මැරුණත් කමක් නැහැ කියලා වගකිව යුතු දේශපාලකයා සහ නිලධාරීන් සිටිනවා ඇති. ඇරත් මේ නිලධාරීන් එහෙ සිටියා කියලා සැලකිය යුතු දෙයක් පසුගිය මාස 4-5 සිදුවුණේ නැත.

:       1       17

Kumar (Gulf) Friday, 02 October 2020 07:44 PM

විදේශ ශ්‍රමිකයන් ඔවුන් කරපු දෙයක් නැත, නිකන් රටේ සල්ලි නාස්ති වෙන එක විතරයි.

:       0       8

Shahiwal Friday, 02 October 2020 08:11 PM

ඔය අය හිටිය කියලා සත පහක වැඩක් නැ. සෙනගට කතා කරන්න දන්නේ නැහැ. එවනවා නම් ෆැමිලි කට්ටිය එවන්න එපා. තනි පුද්ගලයා හොඳයි රජයට යන වියදම් අඩුයි. පවතින රජයෙන් කරපු ලොකුම වියදම් කැපීමක්.

:       0       17

Dharmasiri Saturday, 03 October 2020 05:22 AM

ඔය මිනිස්සු බදුමුදල් කකා නිකන් ඉන්නේ විදේශගත ශ්‍රමිකයින්ට කළ දෙයක් නැහැ. නැවත අනිවාර්යයෙන් ගෙන්වාගන්න. මම වසර 30ක් පමණ ගල්ෆ් රටවල් කිහිපයක ඉන්නවා. මෙලෝ දෙයක් කරන්නේ නැහැ ඔය නිලධාරීන්... අපිට ගෙම්බර් දානවා විතරයි. කෝ ලංකාවට එන්න වැඩපිළිවෙළක් හැදුවද අපට..? 500 ඩිරාම් දුන්නම ලිස්ට් එකේ නම උඩට දාලා දෙනවා.

:       0       32

de silva Saturday, 03 October 2020 08:39 AM

ආණ්ඩුවට පිටරටවලට අනාථවෙලා ඉන්න විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නය මේ නිලධාරීන් මාර්ගයෙන් කලමනාකරණය කරගන්න බැරි බව පේනවා. එසේනම් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය වැනි ආයතනයක් සමග සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. මේ නිලධාරීන්ගේ යැපීමට වියදම් කරන මුදල් එම සංවිධාන වලට දෙන්න. තානාපති කාර්යාල වසා දැමීම මේ ප්‍රශ්නවලට විසඳුම නොවේ.

:       0       2

PathiranaSaturday, 03 October 2020 12:39 PM

සිල්වා මහත්තයා මොනවා කියනවාද මන්දා. ආණ්ඩුවට වුවමනාවක් තිබුණා නම් මෙලහකට ඔක්කොම ගෙන්නගෙන... ඔය කියන නිලධාරීන් අතරේ හුඟක් හොඳ අයත් ඉන්නවා. මම අත්දැකීමෙන් දන්නවා.

:       2       0

de silva Saturday, 03 October 2020 07:06 PM

පතිරණ මහත්මයා මට මැදපෙරදිග අතරමං වෙලා ඉන්න අපේ ශ්‍රමිකයන් ගැන හිතලා හිතලා රාත්‍රීයට හරියට නින්ද යන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site