එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විශාලතම ක‍්‍රිකට් පාසල වන ඩෙසට් කබ්ස් ක‍්‍රිකට් පුහුණු පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් පහක් අගෝස්තු මස 4 වැනිදා සිට 13 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතය. මෙම සංචාරයට වයස 11 න්, 12 න්, 13 න්, 15 න් සහ 17 න් පහළ කණ්ඩායම් සහභාගි වෙයි.
ඩෙසට් කබ්ස් ක‍්‍රිකට් පුහුණු පාසලේ ඩුබායි සහ සාජා යන මධ්‍යස්ථාන දෙකේදී 350 කට අධික ශ්‍රී ලංකා, ඉන්දියා සහ පාකිස්තානු ක‍්‍රීඩකයෝ පුහුණුව ලබන බව එහි ප‍්‍රධාන පුහුණුකරු ප්‍රෙස්ලි පොළොන්නෝවිට මහතා පැවසීය. මෙම සංචාරයට සහභාගි වන ක‍්‍රීඩකයන් 70 න් 35 ක් පමණ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති.
මෙම කණ්ඩායම් කොළඹ, නුවර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවල පාසල් සමග තරග 35 කට සහභාගි වීමට නියමිතය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එක්සත් අරාබි ඩෙසට් කබ්ස් ක‍්‍රිකට් පුහුණු පාසල ශ්‍රී ලංකා සංචාරයක
නවරත්න Friday, 27 July 2012 08:11 AM
නියමයි. ඔබට දිගු ගමනක් යාමට හැකිවේවි! (නි)