(උපාලි රණවීර)

හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඉඹුල හන්දිය ප්‍රදේශයේ එකම නිවසේ එකොළොස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම කාර්යාලය තොරතුරු පවසයි.

හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ වී සුරවීර මහතා සඳහන් කළේ එම නිවසේ ආච්චි සීයා මව පියා ඇතුළු දරු මුණුබුරන් පිරිසක් මෙසේ රෝගයට ගොදුරු වී ඇති බව ය.

මොවුන් අතර නතර පාසල් සිසු සිසුවියන් හතර දෙනෙකු ද සිටින බව ඒ මහතා පැවසීය එම පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර හැරීමට පියවර ගත් බව පැවසූ ඒ මහතා සමීපතම ආශ්‍රය කළ පිරිස් සොයා නිරෝධායනයට යොමු කරන බවද කීවේය.