IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


එකමුතුකම නැති කර ගත්තොත් හානිය ජනතාවටමයි

(අංජුල මහික වීරරත්න)

ගෝඨා ⁣ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය  සම්පූර්ණයෙන්ම හෙළා දකින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගෝඨා ගෝ  ගම ආරක්ෂා කිරීමට යුතුකමක් තිබුණ බවත් එම තරුණ පිරිස ප්‍රජාතන්ත්‍රවාදීව තම විරෝධය ප්‍රකාශ කළ බවත් වික්‍රමසිංහ මහතා කීය.

අප සියලුම සියලුම දෙනා ඊට දුන් ප්‍රතිචාරය ප්‍රමාණවත් නැතැයි ද  ඒ වෙනස ඉදිරියට ගෙන යාමට ශීඝ්‍ර වුණේ නැති හෙයින් ඒ වැරැද්ද  පිළිගත යුතු යැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අද රටේ නීතිය සාමය නැති වී ඇතැයි ද ආණ්ඩුවක් ඉවත්වෙලා පමණක් ප්‍රමාණවත් නැති අතර  ගැටුම් දිගටම යනවා නම් ආර්ථික පීඩනය තවත් වැඩි වෙන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

 ගැටුම් ඉදිරියට ගෙන ගියොත් මිනිස්සුන් ගහ ගන්නට පටන් ගත්තොත් තිබෙන එකමුතු කම නැති කර ගත්තොත් එහි හානිය වන්නේ ජනතාවටම බවද වික්‍රමසිංහ මහතා කීය.

වැරදි කළ හැම දෙනාටම දඬුවම් කළ යුතු අතර පරණ විදියට දේශපාලනයේ යෙදෙන්නට බැරි බව සියලු දෙනාට පවසන බවත් ආණ්ඩු විපක්ෂ ආදී පක්ෂ භේද පසෙකට දැමිය යුතුව තිබෙන බවත් වික්‍රමසිංහ සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුවේ කිසිවකුත් පටු දේශපාලනයට යනවා නම් පාර්ලිමේන්තුව වසා දැමීම ඊට වඩා හොඳ බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

වත්මන්  තත්ත්වය පිළිබඳව  මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.



අදහස් (2)

එකමුතුකම නැති කර ගත්තොත් හානිය ජනතාවටමයි

Jagath Monday, 09 May 2022 10:06 PM

මු තමයි නියම කපටි නරියා..

:       0       0

නල්ල නේරම් අන්නා..! Monday, 09 May 2022 10:13 PM

කොහොමද අපේ වැඩ...! දැන් ඔලු බක්කං නටපන් සිංහයා... උඹේ කඩුව දැන් මළකඩ කලා..! අපේ කොඩිය ලඟඳිම ලෙළ දෙනවා..! නල්ල නේරම් අන්නා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 38 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 340 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site