(ඩයනා උදයංගනී)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල අද (04) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකි බව ඔහු සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තොම්බර් 12 වනදා විභාග මධ්‍යස්ථාන 2,648කදී පැවැත්වූයේ කොවිඩ් අවදානම ද මධ්‍යයේය.

ඒ සඳහා විභාග අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.