IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උසාවි යන්නත් අන්තර්ජාලය

මානව හිමිකම් නඩු තිහක් පමණ අන්තර්ජාලයෙන් යොමු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

නීතිවේදීන් සාමාන්‍ය ලෙස ගොනු කළ එම නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විද්‍යුත් ගොනු මඟින් අන්තර්ජාලයට එක්කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ මානව හිමිකම් නඩු ගොනු කිරීමේ පහසුකම මේ වන විට විවෘතව පවතී.

ඒ අනුව නීතිඥ මහත්වරුන්ට තම කාර්යාලයේ සිට නඩු ගොනු කිරීමට හැකියාව ඇති බවත් විද්‍යුත් ගොනු බවට පත් කළ නඩු වාර්තා ඕනෑම අවස්ථාවක පහසුවෙන් බලා ගැනීමේ හැකියාවත් මින් ලැබන බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි කියයි. එසේ නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට පැමිණ එහි එක් මහලක පවත්වාගෙන යන කවුන්ටරයට භාර දීමෙන් අන්තර්ජාලය හරහා මානව හිමිකම් නඩු ගොනු කිරීමට අවස්ථාව සලසා දී ඇත.

අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අන්තර්ජාලය ඔස්සේ නඩු ගොනු කිරීමට හැකියාව ලබාදෙන මෘදුකාංගය නිපදවනු ලැබූවේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ මෘදුකාංග ප්‍රවර්ධන ඒකකය බව එහි ප්‍රධානී හර්ෂ විජයවර්ධන මහා පැවසීය.

මෘදුකාංගය නිපදවීමට මූල්‍ය ආධාර සැපයූවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයයි. (අයි.සී.ටී.ඒ)

විශ්ව විද්‍යාලය යටතේ ස්ථාපිත තීක්ෂණ පරිගණක අධ්‍යයනායතනය විසින් මෙම මෘදුකාංගය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදී ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාගේ අධීක්ෂණය යටතේ හර්ෂ විජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් තොරතුරු පද්ධති කළමනාකරු චමින්ද අත්තනායක, ජ්‍යෙෂ්ඨ පරිගණක මෘදුකාංග ඉංජිනේරු අෂාන් හනත්, දිනූෂ අමරසිංහ, සමීර කොඩිතුවක්කු , දුලන්ජන් ගුණසේකර, මෘදුකාංග ඉංජිනේරු රුක්ෂාන් ආරියරත්න, ක්‍රිෂ්ණකුමාර් බ්‍රහමන්, සුපුන් බණ්ඩාර යන මහත්වරු මෙම මෘදුකාංගය නිර්මාණය කළහ.



අදහස් (0)

උසාවි යන්නත් අන්තර්ජාලය

සෑම් Thursday, 04 December 2014 08:56 AM

ලෝකය දියුණු වෙනවා කියන්නේ මේකටයි. මීට වසර තුන හතරකට පෙර ඕස්ට්‍රේලියාවේ පුද්ගලයෙකුට උසාවිය මගින් සිතාසි බාරදීමට පොලිසියට නියෝග කර තිබුනා. නමුත් ඔහුගේ පදිංචියක්, ටෙලිපෝන් නොම්මරයක් කිසිවක්ම පොලිසියට හොයාගන්න බැරි උනා. පසුව ඔහුගේ ෆේස් බුක් එක මගින් ඔහුට සාර්ථකව සිතාසි නිකුත් කරලා ඔහුව උසාවියට ගෙන ආවා. (ර)

:       0       0

සුභාෂ් Thursday, 04 December 2014 09:23 AM

ගොඩක් හොඳ වැඩක් (නදී)

:       0       0

උදාරත් Thursday, 04 December 2014 10:34 AM

නීතිඥවරු කතා කරන්නෙත් අන්තර්ජාලයෙන්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 700 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site