IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උපාලි කොඩිකාර ඇමති දිනේෂ්ට දෙහි කපයි

මහරගම ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට සන්ධානයෙන් විටින් විටින් විට මන්ත්‍රීවරුන් දෙදෙනකු තෝරා යැවූවත් මහරගමට ඔවුන්ගෙන් සේවයක් නොවීයැයි බස්නාහිර පළාත් මහාමාර්ග ඇමති උපාලි කොඩිකාර මහතා පැවසීය. ඔහු එසේ කීවේ මහරගම නව සතිපොළට මුල් ගල් තැබූ උත්සවයේදීය. බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ප්‍රධාන ආරාධිතයා විය. නාගරික සංවර්ධන අමාත්‍යංශය රුපියල් අට කෝටියකට ආසන්න මුදලකින් නව සති පොළක් ඉදිකිරීමට යයි.

‘‘මහරගම ජනතාවගේ ඡන්දයෙන් දිනේෂ් ගුණවර්ධන හා අමල් සේනාධිලංකාර මහත්වරුන් පාර්ලිමේන්තු යැව්වා. ඒ දෙන්නාගෙන්ම වැඩක් වුණේ නෑ. අවුරුදු 23 ක් යනතුරු සති පොළ ඉදිකිරීම පමාවුණා” යැයිද කොඩිකාර මහතා කීවේය.

මහරගම සංවර්ධනය තමාගේත් උපාලි කොඩිකාරවන තම සැමියාගේත් දෙවුර මත රැඳී ඇතැයි නගර සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය කීවාය. 

MudithaDSCN9003



අදහස් (0)

උපාලි කොඩිකාර ඇමති දිනේෂ්ට දෙහි කපයි

ලසන්ත Sunday, 14 September 2014 10:35 PM

මොන තත්වයෙන් ගත්තත් මට නම් දිනේෂ් ගුණවර්ධන කියන්නෙ බොහොම ඉහළින් ඉන්න දේශපාලකයෙක්. මම මේ කියන්නෙ සාපේක්ෂවයි. (නි)

:       0       0

බොරළුගොඩ කුමාර Monday, 15 September 2014 12:26 AM

අදටත් ගැමියන් "රොබට් ගුණවර්ධන සහ පිලිප් ගුණවර්ධන" යන මහත්මාවරුන්ට සළකනවා. ඒත් වර්තමානය ගැන නම් කණගාටුයි (නි).

:       0       0

සත්‍යයා Monday, 15 September 2014 01:09 AM

ඒ අතින් බලනකොට දිනේෂ්ටයි අමල්ටයි උරහිස් තිබිලම නැතිවගක් තමයි අපි‍ට හිතෙන්නේ. එකම කණ්ඩායමක් පරම්පරා දෙකක් බලයේ ඉන්නකොට ගැටුම් ඇතිවන්නේ විරුද්ධ පක්ෂයත් එක්ක නොවෙයි, තමන්ගේම කට්ටිය අතරේයි. හැබැයි ඡන්ද ප්‍රතිඵල වලට නම් ඔය ගැටුම් කොහොමතත් බලපාන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Monday, 15 September 2014 01:24 AM

මම නම් අසා තිබෙන විදිහට දිනේෂ් මහතා හොඳ කෙනෙක් (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 September 2014 01:29 AM

ජනතාවගේ වටිනාකම අන්තයටම ගිහිල්ලා. මේ ක්‍රමය ඉක්මනින් අහෝසි කළයුතුයි. (නි)

:       0       0

උපාලි Monday, 15 September 2014 01:31 AM

මට මතක්වෙනවා ප්‍රංශයේ හිටි 14 වැනි ලුවී රජතුමා කියූ අහංකාර කියමනක්. "රට නම් මමයි". (නි)

:       0       0

කමල් Monday, 15 September 2014 01:47 AM

අනුන්ගේ වැරදි කීමට වඩා තමන්ට පුළුවන් දෙය ජනතාව වෙනුවෙන් කරන එකයි වැදගත්. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 15 September 2014 04:26 AM

මහා ජනතාවට සේවය කිරීම ඔය කගේ කාගේත් වගකීමයි. චන්දෙන් පත් කරලා ඔතනට එව්වේ පුටු රත් කර කර ඉන්න නෙමෙයිනේ.තමන්ට කරන්න පුළුවන් මොනාද ඒ දේ කරනවා මිසක යල් පැන ගිය දේවල් හාර අවුස්සන එකෙන් පලක් නැහැනේ. ඒක ඉතින් ජනතාව තේරුම් ගනීවි ඊලග පාර ඡන්දයක් පැවැත්තුවොත් කාටද මනාපේ අමනාපෙ දෙන්න ඕනේ කියල.(අ)

:       0       0

සුමන මානන්දුව, Monday, 15 September 2014 09:36 AM

මුලින් දිනේෂ් ඇමති වෙන්න කලින් වැදගත් දේශපාලකයෙක්.නමුත් දැන් කඩේ යන්නෙක්. (අ)

:       0       0

රෂාන් Sunday, 14 September 2014 12:58 PM

අපි දන්නවා හැරෙනකොට... (නි)

:       0       0

රුවන් Sunday, 14 September 2014 01:04 PM

තමන්ට පුළුවන් දෙයක් කරනවා මිසක් අනෙක් උදවිය කල නොකළ දේවල් මොනවටද? (නි)

:       0       0

පාලිත Sunday, 14 September 2014 01:09 PM

එයාලත් මෙහෙම කියනකොට අනෙක් අය මොනවා නොකියයිද? (නි)

:       0       0

චන්දන Sunday, 14 September 2014 03:40 PM

අපි නොදන්න දේවල් (නදී)

:       0       0

සිරි Sunday, 14 September 2014 03:44 PM

අපේ මහත්තයට තරමකට කේන්ති ගිහිල්ලා වගේ. (නදී)

:       0       0

උපාලි Sunday, 14 September 2014 05:14 PM

උපාලි හෝමාගම, දිනේෂ් මහරගම. උපාලි ඡන්ද කරන්නේ මහරගම. දිනේශ්ලට යන එන මන් නැහැ. දිනේෂ් හෝමාගමින් වැඩේට බහින්න යන බව අාරංචියි. එ්ක නිසා මේ වගේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

කිරින්ද Monday, 15 September 2014 12:24 PM

උපාලි කොඩිකාරට දේශපාලනය ගැන තව ඉගෙනගන්න තියෙන බව නම් කතාවෙන් පේනවා. (නදී)

:       0       0

ඇන්ටන් Sunday, 14 September 2014 07:22 PM

හරියට අත්තිවාරම් කපලා පසුව මුල් ගල් තියනවා නම් නේද වඩා හොඳ? (නි)

:       0       0

හේවගේ Sunday, 14 September 2014 07:39 PM

කවුරු කිවුවත් කතාව ඇත්ත තමයි. රට ජාතිය ගැන කතා කළාට ගමේ මඩ වළවල් වැහෙන්නේ නැහැ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 September 2014 08:47 PM

අනේ අනේ! 8 කෝටියක වෙළඳ සංකීරණය හදන්න අවුරුදු 23ක් ගියා. හැබැයි අපේ රටේ එක ඇමති කෙනෙකුට තීරුබදු රහිත ක්‍රමය යටතේ ලක්ෂ 100 ක මෝටර් රථයක් ගෙන්නුවොත් ලක්ෂ 300ක තීරු බදු රජයට අහිමි වෙනවා. මේ ප්‍රදේශයේ පළාත්, පාර්ලිමේන්තු ආදී ලෙස මේ වරප්‍රසාද සඳහා උරුමකම් කියන අය කීදෙනෙක් ඉන්නවද? අද ජනතාවගේ අවශ්‍යතා වලට කිසිම වටිනාකමක් නැහැ. (නි)

:       0       0

යසිත Sunday, 14 September 2014 09:06 PM

අනෙක් අයට වැරදි කීම මම නම් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site