
(සුජිත් හේවාජුලිගේ)
කතානායක අශෝක සපුමල් රන්වල මහතා සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනාත්මක කතාබහක් ඇතිවී තිබේ.
සිය ප්‍රකාශයෙන් ඊට පැහැදිලි උත්තර ලබාදීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටි.
සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කථානායකවරයා ප්‍රකාශයන් නිකුත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා(10) ප්‍රකාශ කළේය.
මේ අතර කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිති.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උපාධිය ගැන කතානායක කරුණු කියන්න යයි
Damith Thursday, 12 December 2024 03:03 PM
මොනවාද දන්නේ නෑ කියන්ඩ හිතන් ඉන්නේ...
ජයනාත් Thursday, 12 December 2024 03:09 PM
මහජනයා ජාජබට ඡන්ද දුන්නේ අවංකව විශ්වාසයක් ඇතිව... ඒ විශ්වාසය එලෙසම තබාගත යුතුයි. ආචාර්ය, මහාචාර්යවරු පාර්ලිමේන්තුවට ඉල්ලුවේ නැහැ. එතැනට අවශ්‍ය දූෂණ විරෝධි පිරිසක්... ඒ නිසා තමන්ට තියෙන උපාධි ගැන බොරු කියන්න අවශ්‍ය නැහැ. මේ වගේ තව කීදෙනෙකු ඉන්නවාද? දැන්වත් ඇත්ත කියන්න.
යෝගා Thursday, 12 December 2024 04:20 PM
වැරැද්ද පිළිගෙන ජනතාවගෙන් වැඳලා සමාව ගන්න. තවදුරටත් බොරු කියලා වැඩක් නෑ.
පිටරැටියා Thursday, 12 December 2024 04:40 PM
හිටපු කතානායකවරු, ජනාදිපතිවරු, මැති ඇමැතිවරුන්ගේ තියෙන සුදුසුකම් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පට්ට හොර දූෂිතයෝ...!
Hemantha Thursday, 12 December 2024 06:37 PM
අපරාදේ... ඒ වෙනුවෙන් යොදන කාලය, ඊට වඩා වටිනා දේවල් පාර්ලිමේන්තුවේ කතා කරන්න. සහතිකේ ෆේස්බුක් දාන්න, වැඩේ ඉවරයි...!
Nandalal DE SILVA - France Thursday, 12 December 2024 09:32 PM
ඒ මොකද එච්චර කාලයක් ගන්නේ? ඔය වගේ වැදගත් සහතික පතක් කුස්සියේ දුම් මැස්සේ නෙමෙයි නේද තැන්පත් කර තියන්න ගන්නේ මගේ සියලුම සහතික පත් පරිස්සෙමෙන් ෆයිල් එකක අමුණලා තිබෙන නිසා ඕනම සහතිකයක් විනාඩි කිහිපයකින් එළියට ගන්න පූළුවන්...
Perrea Thursday, 12 December 2024 11:51 PM
කතන්දරේ කියන්න ඔච්චර කල් මරමර පැකිලෙන්නේ මොකද?
Lalla Friday, 13 December 2024 07:51 AM
පරක්කු වැඩියි.දැනටම පච වෙලා නිග්‍රහයට පාත්‍ර වෙලා ඉවරයි. කවුද මන්ත්‍රීල වෙන්න උපාධිය සම්පූර්ණ කර ගැනීම ඕන කිව්වේ. මූලික අධ්‍යාපනය සහ බුද්ධිය ඒ සඳහා මදිද?
අරවින්ද මොනරවිල Friday, 13 December 2024 08:07 AM
චාමර සම්පත්, ඩි.ඩි.චානක, නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස වගේ උගතුන් වෙන්න ඇති පාර්ලිමේන්තුවේදි කතානායකගේ උගත්තම පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කරන්න යන්නේ.
නිමෙෂ Friday, 13 December 2024 08:36 AM
මා දන්නා පරිදි ඔහුට මූලික උපාධියක් පවා නැත. ඔහුට ඇත්තේ ඉංජිනේරු ඩිප්ලෝමාවකි. රටේ බහුතරයක් ඩිප්ලොමාධාරීන්ව ඉංජිනේරුවරු ලෙස හඳුන්වයි. එය බරපතල වරදකි. එනම් හෙදියක් වෛද්‍යවරයෙක් ලෙස හැඳින්වීමට සමානය. ඉංජිනේරුවරයක් යනු අවුරුදු 4 ක විද්‍යාවේදී උපාධියක් ලැබූවෙකි. නමුත් එවැනි ඉංජිනෙරෙරුවරුන්ට ලංකාවෙ නිසි තැනක් නොලැබෙන නිසා 90% පමණ දෙනා රට හැර ගොසින්ය. එබැවින් සුදුසුකම් නොමැති පිරිස් ඉංජිනේරුවරු ලෙස තමාවම හඳුන්වාගනිති. මෙය බරපතළ තත්වයක් වන අතර ඉදිරියේදී මහත් ව්‍යසනයකට හේතු වේ
Toni Friday, 13 December 2024 03:22 PM
අරවින්ද මොනරවිල, ඔයාට ගැටලුව අවබෝධ වෙලා නෑ .. ගැටලුව අධ්‍යාපන සුදුසුකම් නොවේ... සේවාදාය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරිම....