IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරු නැගෙණහිර අධිවේගී මාර්ග ඉදිකිරීමට ඉන්දියාවේ සහාය

යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දියාව පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

 ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාර් මහතා මෙලෙස පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාව දිනකට අලුතින් මහා මාර්ග කිලෝමීටර් 23 ක් බැගින් ඉදිකරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගද්කාර් මහතාට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකාවේ දිගුකල් පවතින මහාමාර්ග ඉදිකිරීමට ඉන්දියාවේ විශේෂඥයින් සැපයීමට ඉන්දියාව සූදානම් බව ගද්කාර් මහතා පවසා තිබේ. 



අදහස් (14)

උතුරු නැගෙණහිර අධිවේගී මාර්ග ඉදිකිරීමට ඉන්දියාවේ සහාය

Upali Friday, 28 April 2017 10:44 AM

කරුණාකරලා ඉන්දියාවේ වන්දනාවේ යනකොට හමුවන අධිවේග මාර්ග ටික ඉස්සෙල්ලා හරියට හදාගන්නවද? .. වෙන රටවල්වල හදන්න කලින්..

:       13       139

wasantha Friday, 28 April 2017 10:49 AM

අගමැතිතුමනි, කතාව නවතා කාගෙන් හරි මුදල් ගෙන වැඩ පෙන්වන්නද? නැත්නම් කවුරු වුණත් වැඩකරුවා කියල පිළිගන්න වෙනවා.

:       1725       5

Anura Bandara Friday, 28 April 2017 10:57 AM

මේක සම්පූර්ණයෙන්ම ඉන්දියාව මගින් ගන්නා අනවශ්‍ය කටයුත්තකි.

:       12       54

Senarath Friday, 28 April 2017 11:27 AM

පාරවල් කන්නද කියල ඇහුව මතක නැත්ද? මෙහෙම බොරුකාරයෝ ටිකක්. රටේ කෙරුණු වැඩ කිසි වග විභාගයක් නැතිව නවත්තලා දැන් යනවා මේක ඉන්දියන් කොලනියක් කරන්න.

:       26       272

තංගල්ලේ රාජු Friday, 28 April 2017 12:37 PM

අධිවේගය හම්බන්තොටට දීර්ඝ කලාම...... අපේ රටට දැන් තියන අධිවේග මාර්ග හොඳටම ප්‍රමාණවත්ය.

:       44       697

lalith Friday, 28 April 2017 12:49 PM

පාරවල් නම් කමක් නැහැ. රේල් පාරවල් නම් හදන්න දෙන්න එපා. ඒගොල්ලෝ ගියාට පස්සේ රේල් පාරවල් සුද්ද කරන්න ගිහාම අර කුණු කන්ද සුද්ද කරනවට එහා දෙයක් වෙනවා...

:       14       32

asela Friday, 28 April 2017 02:24 PM

ඊට වඩා නරකද ඔය මුදල් වලින් ඉන්දියාවට වැසිකිලි ටිකක් හදලා දුන්නොත්......

:       13       93

gamini Friday, 28 April 2017 02:27 PM

කට නෙවෙයි වැඩයි ඕනේ.....

:       12       34

de silva berlin Friday, 28 April 2017 06:44 PM

අලුතින් අධිවේගී මාර්ග යාපනයට හදන්න කතා කරන්නේ ... බලයට ඇවිත් අවුරුදු දෙකකට වැඩිය ගත වෙලත් තවම බැරි වුණානෙ තිබෙන අධිවේගී මාර්ගය කඩවත සිට මිගමු පාර දක්වා හෝ මාතර නිල්වලා ගඟෙන් එහා පැත්තට හදා ගන්න... මෙයාගේ කතා හරියට අර "මිස්ටර් බීන්ගේ" විහිළු වගේ මොනවා නැති වුනත් උඩ පැන පැන හිනා වෙන්න නම් හොඳයි...

:       2       0

wasanjaya Friday, 28 April 2017 09:36 PM

සිංහල ජාතිය පැවතෙන්නේ ඉන්දියාවෙන් ආපු අයගෙන් උණත් දැන් අපි ස්වාධීන ජාතියකි. එබැවින් ඉන්දියාවට අපරට පාවා නොදිය යුතුය. තෙල් ටැංකි, අධිවේගී මාර්ග .... කොටින්ම එටෙකා ගිවිසුම් අපට උවමනා නැත.

:       0       0

Deeapl Nirosh Saturday, 29 April 2017 02:31 AM

දකුණට වගේම උතුරටත් එකසේ අධිවේගී මාර්ග අත්‍යාවශයයි. හැබැයි මේ වෙලාවේ ප්‍රමුඛතාවය දිය යුත්තෙ කොළඹ- නුවර අධිවේගී මාර්ගය ඉතා කඩිනමින් ඉදිකිරීමටයි.

:       0       6

ravin Saturday, 29 April 2017 05:51 AM

ඔය කියන රටේ පාරවල් අපුරුවට ඇද්ද ? අනුන්ගේ දේවල් බලන්න ඉස්සෙල්ල ඒ උදවියගේ පාරවල් ටික හදාගන්න කියන්න.

:       0       21

sisira Sunday, 30 April 2017 07:47 AM

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකට බැල්ම හෙලා ගැනීමටද?

:       0       0

wasanjaya Sunday, 30 April 2017 01:22 PM

හනුමන් පාලම හදපුවම ඉන්දියාවේ ඉඳල මන්නාරමෙන් ඇතුල්වෙලා තිරිකුණාමලේට අධිවේගී මාර්ගයෙන් ඇවිත් එහෙ තියෙන මත්ස්‍ය සම්පතත් කොල්ලකා ගනියි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site