
(තිස්ස කොටින්කඩුව සහ ලාල් එස් කුමාර)
රාගම නගරයේ ප්‍රසිද්ධ රන් භාන්ඩ උකසට ගන්නා ස්ථානයකින් රුපියල් එක් කෝටි 40 ලක්ෂයක පමණ වටිනා රන්භාන්ඩ මංකොල්ලකා පලා ගිය බවට රාගම පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ එම ස්ථානයේ හිමිකාරිය සහ කළමනාකාරිය ඇතුලු සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල දකුනු බටගම සහ රාගම කුරුකුලාව පෙදසේ පදිංචි 65,53 වියේ පසුවන කාන්තාවන් දෙදනෙකු සහ එම ආයතනයේ සේවයේ නියුතුව සිටි 52 පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රාගම පදිංචි එක් පුද්ගලයකුගේ රාගම-කඩවත මාර්ගයේ පිහිටි නිවෙසට අයත් වත්තේ වලදා කිබී මාල, වලලු, කරාඹු, බ්‍රෙස්ලට්, මුදු ඇතුලු භාන්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිසිය පවසයි.
එසේ සොයා ගත් රන්භාන්ඩ තොගයම මංකොල්ල කන ලදැයි පොලිසියට පැමිණිකර සිටි සිද්ධිය සම්බන්ධයෙන් රන්භාන්ඩ බවද පොලිසිය කියයි.
සිදුකල විමර්ශනයේදී අදාල උකස් බඩු ස්ථානයේ සවිකර තිබු cctv කැමරාවේ DVP කොටසද හිමිකාරිය විසින් ඉවත් කොට තිබු බවද පොලිසිය පවසයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.