(සුජිත් හේවාජුලිගේ)
ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී දාහතර ලක්ෂ තිස් හත්දහස් හයසිය හත් දෙනකු විදේශගතව ඇති බව ඔහු කීවෙය.
මින් විදේශ රැකියා සඳහා ගොස් ඇති සංඛ්‍යාව හය ලක්ෂ අටදහස් නවසිය විසි පහකි. එය විදේශවලට ගොස් ඇති මුළු සංඛ්‍යාවෙන් සියයට 24ක පමණ ප්‍රතිශතයකි.
පසුගිය 2022 වසරේදී තුන් ලක්ෂ එකොළොස් දහස් දෙසිය හැට නවයක් ද පසුගිය වසරේදී දෙලක්ෂ අනූ හත්දහස් හයසිය පනස් හය දෙනකු ද විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇති බව මහාචාර්යවරයා කීවේය.
පසුගිය 2023 වර්ෂයේදී විදේශ රැකියා සඳහා පිටව ගිය අයගෙන් සියයට හැත්තෑවක් පමණ වෘත්තීය වශයෙන් ඉහළ සුදුසුකම් සහිත ඉංජිනේරුවරුන් වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිස් බව පවසන වසන්ත අතුකෝරල මහතා පසුගිය වර්ෂයේදී විදේශ රැකියා සඳහා ගිය අය අතුරින් සියයට 34ක් වයස 25-34 අතර අය බවද ප්‍රකාශ කළේය.
පසුගිය වසර දෙකේදී විදේස් ගතවූ පිරිසෙන් සියයට පනස් පහක් පිරිමි ද සියයට 45 ක් ගැහැනු අය ද වෙති.
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය වසර දෙකේදී නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දහ අට ලක්ෂ විසි දහස් හාරසිය හැත්තෑ නවයකි.
ආර්ථික අගහිඟකම් සහ අපේක්ෂා භංගත්වය යනාදී කාරණා හේතුවෙන් මෙම පිරිස මෙසේ විදේශවලට ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය.
COMMENTS
මේක තමයි දේශ හිතෛෂී දේශමාමක එකම දේකට පමණක්ම විශේෂඥ 225ක් රටට කරපු සෙත... තවතවත් ලක ලැහැස්ති වෙන්නේ තම පුරුද්ද රැකගැනීමට පමණයි.
පවතින දේශපාලන ක්‍රමය යටතේ මෙසේ සිදුවීම පුදුමයට කරුණක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ....
රාජපක්ෂලාට උගතුන්ගෙන් වැඩක් නෑ... රටේ නූගත් මෝඩයින් ඉතුරුවෙන තරමට උන්ට හොඳයි.....
ඔය උගතුන්ගන් බහුතරයක් ගෝඨාභය බලයට ගෙන එන්න වැඩ කල හා ඡන්ද දුන්න අය විය යුතුයී. ඒ උගතුන්ට රට හැර යන්න සිදුවුණේ තමන් පත්කර ගත්ත ආණ්ඩුවේ අමන තකතීරු ප්‍රතිපත්ති හා වැඩපිළිවල නිසා බව පැහැදිලියි. ඒක එහෙම උනේ ඔවුන් පටු අරමුණුක හා කිසිදා ඉටුකළ නොහැකි ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළක් ගැන විශ්වාසය තැබුව නිසයි.ඊළග ඡන්දයේ දී රටේ ජීවත්වෙලා ඉන්න ජනතාවත් නිවැරදි ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළක් ඇති දේශපාලන පක්ෂයක් බලයට ගෙන නොආවොත් යන්න තැනක් හොයා ගන්න සිදු වනු ඇත.
උගතුන් පමණක් නොව අනෙක් සෑම කොටසක්ම මේ ආණ්ඩුව නිසා රට එපාවෙලා හැකි සෑම කෙනෙක්ම රට යන්න බලන්නේ.
නිෂ්පාදන ආර්ථිකයකට වඩා ආනයන ආර්ථිකයක් පතන දේශපාලුවො හැම දෙයක්ම රේගු ආදායම් හා විදෙස් ශ්‍රමිකයන් ගෙනුත් සංචාරක කර්මාන්තයෙනුත් රටේ සංවර්ධනය පතනවා මෙයින් රැකියා ප්‍රශ්නය විසදීමට හැකියාව නැහැ රටේ තිබුන කර්මාන්තශාලා බොහොමයක් වැසීගොස් රැකියා අහිමි වුනා සමහරක් දේශපාලන පක්ෂය පුද්ගලික අංශයේ දේපොළ රාජසන්තක (ශෝබනේට ජනතා අයිතියට පත්කරනවා කියනවා) කරන නිසා බොහොමයක් දෙනා ව්‍යාපාර ආරම්භ කරන්න කැමති නැහැ එවැනි තත්වයක් යටතේ ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්
අපේක්ෂා භංගත්වයට හේතුවුනේ මොන කරුණුද? සමීක්ෂණයක් කරල තොරතුරු දෙන්න රජය කවදාවත්ම කැමැති නෑ නේද? කාලකන්නි පවුල්වාදී දේශපාලනය ලංකාව විනාශ කලා.අදටත් එසේමයි.ඒ නිසාම තරුණ උගතුන්ට රට එපාවුනා. ආසියාවට ආර්ථික සමෘද්ධිය ලැබෙන විට අපි හිටපු තැනින් අගාධයකට වැට්ටුවේ කාලකන්නි දේශපාලක පවුල් කීපයක් එකතුව නේද?පරිපාලන සේවය දේශපාලනීකරණය කර නිලධාරීන් දූෂිත තත්ත්වයට ආවට වගකියන්න ඕනත් දේශපාලන නායකත්වය... පවුල්වාදය අතුගාල දමන තෙක් සහ අනවශ්‍ය ලෙස විශාල දේශපාලන ව්‍යුහය අඩුකරන තෙක් රට ගොඩ නගන්න බෑ.
විසිපන් ලක්ෂයක් නොවේ.. කෝටි දෙකහමාරක්ම මේ රට එපා වෙලා. විදේශගත වෙන්න ක්‍රමයක් නැතිව ඉන්නේ...
ආර්ථික සමෘද්ධිමත් වීම සහ අපේක්ෂා සඵල වීම වගේ දේවල් අදාළ වෙන්නෙ දියවන්නාවේ ඉන්න 226 ටම විතරයි.
ඒ කියන්නේ රටේ ජනග්‍රහණයෙන් 10% කට වැඩියෙන් විතර රට අත්හැරලා ගිහිල්ල , එත් බය වෙන්න එපා ,රනිල්ව තව 10 සැරයක් විතර දිනේවොව්ත් ඔය කට්ටිය රට හොයාගෙන එයි
අනේ මන්දා ඉතිං, මහ බැංකු වාර්තාවේ මෙහෙම තියෙනවා, අරහෙම තියෙනවා කියලා කියන්නෙ නැතුව ඒ ගැන හොඳ විශ්ලේෂණයක් දෙන්න බැරිද මේ මහාචාර්යවරයාට රටට දැන ගන්න?
මේ තරම් විශාල බුද්ධිමතුන් පිරිසක් රටෙන් ගියා කියන්නේ සුළුපටු පාඩුවක් නොවේ.නිදහස් අධ්‍යාපනයෙන් උගත් බොහෝ දෙනා තමන්ගේ රටෙන් තම අධ්‍යාපනය සඳහා වැයවූ ජාතික ධනය වෙනුවෙන් මව් රටට සේවය කිරීමට සිටියත්,ඔවුන් රට හැරදා යාමට හේතුවුනේ,රට හොරා කා බංකොලොත් කළ සමහර දේශපාලනඥයන් නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඒත්,මේ සා විනාශයක් කළ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවක් තවමත් පෙනෙන්නට නැත.පුදුමයි ඒත් ඇත්තයි.
මේ මහාචාර්ය වරයා එක්තරා පක්ෂයකට කඩේ යන්නෙක් බව ප්‍රකට කරුණක්. එනිසා මෙයා මේ ඉලක්කම් ටික එයාගේ වාසියට කරකවා ඇත. බොරු පල බොරු හා සංඛ්‍යාන බොරු වශයෙන් බොරු වර්ග 3 ක් පවතින බව කියනවනේ.
නිදහස් අධ්‍යාපනය දිය යුත්තේ අත්‍යාවශ්‍ය කොටසක පමණි. මුදල් ඇති අයත් මෙයින් ගොඩ යනවා වගේම උගතුන් වූ පසු රට හැර යාමද සිදුවේ.
මේ රට ගියා කියන උගතුන්ගෙන් වැඩිපුරම කරන්නේ කම්කරු රැකියා
උගතුන්ට කරකියා ගන්ඩ දෙයක් නැති නිසා රට අතහැර ගියා
උගතුන්ට විතරක් නෙවෙයි දැන් කාටත් රට එපා වෙන තැනට පත් කෙරුවේ කාලකන්නි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ .පරම්පරා ගාණකට ඇති වෙන්ඩ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා හම්බ කරගත්තුවා තියෙන නිසා උන්ට නම් අවුලක් නැහැ .
මහබැංකු වාර්තා කියන්නෙම හොරට හදන වාර්තා. ඒවා ඇත්ත නෙවෙයි. ලෝකෙට පරකාසෙ කරන්න, ආධාර ගන්න, බොරු දත්ත දාලා ඔව්වා හදන්න මහබැංකුවෙ කස්ටිය පනදාගෙන වැඩ හැම අවුරුද්දෙම. ඒවා පදනම් කරගෙන නිගමන දෙන මේ මහාචාර්යවරයා ගැන කවර කතාද? දන්නෝ දනිති මෙයා ගැන පේරාදෙනියෙ.
මේ රට ගිය සංඛ්‍යාවට අදාළ උගතුන් පමණක් නොවෙයි, ඔවුනොවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූවන්, උගතුන් නොවුවත් රැකියා සඳහා විදේශගත වූවන් යනාදී මෙකී නොකී සියළු දෙනාම අයත්. මහාචාර්යතුමා සිද්ධිය තමන්ට අවශ්‍ය ආකාරයට විශ්ලේෂණය කරල තියනවා. එපමණයි. කියන්නා කෙසේ කිවුව ද......
දුප්පත් මිනිස්සු වැඩිපුර ගෙවන බද්දෙන් නිදහස් අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවය ලබාදුන් ජාතිය තමන්ගේ අම්මයි තාත්තයි වගේ බව මේ අය දැනගත යුතුයි. දැන් ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ කුඩා කාලයේ කිසිවක් නොදුන් රටවලට සේවය කිරීමට ය. මෙසේ දුෂ්කර කාලවලදී මවට පියාට සේවය නොකර පව්කම් කරති. දිනක මේ පව්වල අස්වැන්න ඔවුන්ට ලැබේවි. කිසිවෙකු අවුරුදු 100ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් නොවන අතර අවුරුදු 75ක් හෝ 80ක් ජීවත් විය හැක.
නිකන් හරි ඇමරිකාව, එංගලන්තය, නවසිලන්තය, කැනඩාව කිව්වොත් අපි ලංකාවේ ඕනෑම කෙනෙක්ට වීසා දෙනවා. කැමැති කෙනෙක් එන්න කියලා... එදායින් පස්සේ අපේ රටේ ඉතිරි වෙන්නේ වයසක අය විතරයි. ඔක්කෝම රට දාලා යාවි..!
මෙම විශ්ලේෂණය මගින් අවධානයට යොමු නොකරන පැත්තක් පවතියි. විදේශගතවූ ශ්‍රී ලාංකිකයින් පුර්ණ වශයෙන් ශ්‍රී ලංකාව හැර ගියේද යන්නයි. බහුතරයක් විදේශ ගතව ඇත්තේ ආර්ථික ගැටලු නිසායි. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරනු ලබන බොහෝමයක් විදේශ ගතව ඇත්තේ තමන්ගේ රැකියාවෙන් ඉල්ලා අස්වී නොවේ. ඔවුන් රජය මගින් ලබාදී ඇති පස් අවුරුදු නිවාඩු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් විදේශගතව ඇත. තවත් පිරිසක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විදේශගතව තිබේ. ටිකක් සිතා බලන්න විශේෂඥ වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකාවේ තරම් රෝගීන් පිරිසක් බටහිර රටවල සිටිනවාද කියලා. මහබැංකු වාර්ථාවේ සඳහන් වන දේ මීට වඩා පුළුල්ව අවධානයට යොමු කිරීමක් මෙහිදී සිදුකර නොමැත...
මෙයා අන්ධ කයිප්පු කාලාද කොහේද? ලංකාවේ මුළු ජනගහනය මිලියන 22යි. ඒකෙන් 1/8ක් (මිලියන 2.56ක්) රටගිහින් කියලා හිතන අපි පව්..! මේ වාගේ අයට තමයි සමාජ ජාලා නියාමන පනත ක්‍රියාත්මක කරන්න ඕනේ. මේවගේ අය ඉන්න ඕනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ නෙමෙයි, හන්තානේ සාරවත් තණකොළ බිමක. අපි නොදන්නා වසන්ත...!
හොඳට ඉගෙනගෙන රාජ්‍ය සේවයට ගියාට වැඩක් නෑ ඉතින්.. අන්තිමට වැඩ කරන්න වෙන්නේ දේශපාලකයින්ට ගොට්ට අල්ලන රාජ්‍ය පරිපාලන සේවයේ ඈයෝ යටතේ...!
මට එපාවෙන්නේ මේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සු නිසා. මේ කාලකණ්ණි පාලකයෝ පත්කරන්නේ ඔය පිස්සු මිනිස්සු.. මොකක්හරි ලණුවක් කාලා ඕන ගොනෙක් උඩින්ම දිනනවා.
ඔය ගියාට විදේශ විනිමය එවයිනේ එතකොට නම් රට විරුවෝ කියයි.