
ඇමෙරිකාවෙන්, තමන්ට ටොන් 10,000 ක හමුදා උපකරණ තොගයක් ලැබුණු බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායලය පවසන ආකාරයට, මෙම හමුදා උපකරණ ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් පසුව අදියර කීපයක් යටතේය. ඇමෙරිකන් හමුදා ගුවන් යානා, ගමන් වාර 200 කදී මෙම හමුදා උපකරණ රැගෙනවිත් තිබේ.
මේ අතර, ඊශ්‍රායල හමුදාව, දිගින් දිගටම ගාසා තීරණයට එල්ල කරන ප්‍රහාර තවත් ඉවසිය නොහැකි යැයි ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානී මේජර් ජනරාල් හොසේන් සලාමී පවසයි.
ඊශ්‍රායල රජය, ගාසා තීරයට පහර දෙන්නේ පලස්තීන වැසියන්ගේ ජීවිත ගැන කිසිදු තැකීමක් නොකර බවත්, ඊශ්‍රායලයේ අරමුණ දේශපාලනික එකක් බවත් ජනරාල්වරයා පෙන්වා දෙයි.
ඊශ්‍රායල හමුදාව යළිත් වරක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත පහර දෙන්නේ, දෙපාර්ශ්වය අතර ඇතිකරගෙන තිබුණු මානුෂීය සටන් විරාමය අසාර්ථක වී අවසන් වුණු බැවිනි.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඊශ්‍රායලයට ඇමෙරිකාවෙන් ටොන් 10,000 ක හමුදා ආධාර