IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


‘ඊනිව්ස් ගැන සොයන්න‘

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට හා අධිකරණ ආයතන වලට අපහාස වන අන්දමේ ප්‍රවෘත්තිමය සිද්ධීන් 14ක් පළ කිරීමෙන් අධිකරණයට අපහාස වී ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කරන්නැයි ඉල්ලා නීතීඥවරයකු හා ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයකු වන මධුර විතානගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට අද (23) පැමිණිලි14 ක් බාර දුන්නේය.

ප්‍රවෘත්ති මාලාවක් වශයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් සිදු කරන මේ ක්‍රියාව පිළිබද සොයා බලා සුදුසු දඩුවම් ලබා දෙන ලෙසට මධුර විතානගේ මහතා කළ පැමිණිල්ලේ සදහන් වේ.



අදහස් (0)

‘ඊනිව්ස් ගැන සොයන්න‘

මිකී Wednesday, 23 November 2016 06:42 PM

කරන වැරදි හෙළිකරන මාධ්‍යවල කට වහන්න හදනවට වඩා වැරදි කරන දුෂිත විනිසුරුවරුන්ට දඩුවම් දෙන්න (නි)

:       0       0

දයා Wednesday, 23 November 2016 06:45 PM

අසත්‍ය පතුරන අයට විරුද්ධව කවුද නඩුවක් දාන්නේ ? (නි)

:       0       0

සුමනා Wednesday, 23 November 2016 06:48 PM

සුදු ඇඳගෙන උපාසකයෙක් වගේ ඉඳලා හොරුන්ව ආරක්ෂා කරන අයත් ඉවත් කරවන්න නඩුවක් දාන්න පුළුවන් කොන්ද පණ තියෙන කෙනෙක් රටේ නැද්ද? (නි)

:       0       0

ශෂී Wednesday, 23 November 2016 06:49 PM

ලංකා ඊ නිවුස් මමත් දැන් අවුරුදු ගානක් සිට බලනවා. මහින්දගේ කාලයේ එය වාරණය කරලා තියෙද්දිත් මම ප්‍රොක්සි හරහා බැලුවා. මෙයින් නම් සඳහන් කළ වැරදිකාරයින් ඇත්තටම ලොකු දුෂිතයින්. ඒ ගැන ආයේ දෙකක් නැහැ. ලංකාවේ නීතිය විවේචනය කළේ මේ වෙබ් අඩවිය නොවෙයි. (නි)

:       0       0

රාධා Wednesday, 23 November 2016 06:52 PM

ඇත්ත කියනකොට ගොඩක් අයට බොහොම රිදෙනවා (නි)

:       0       0

අබය Wednesday, 23 November 2016 08:22 PM

ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි ඇයි බයවෙන්නේ (නි)

:       0       0

දයා රත්නායක Wednesday, 23 November 2016 09:01 PM

දඬුවම් කළයුත්තේ වැරදි පුවතක් පළකළා නම් පමණකි. පළකළ පුවත් සත්‍ය නම් අපහාසයක් වූවත් දඬුවම් දීම සාධාරණ නොවේ. (නි)

:       0       0

නාමල් Wednesday, 23 November 2016 11:25 PM

කාගේ කීමටද? විනිසුරෙක් නම් තම ගෞරවය රැකගන්න දැනගන්න. එවිට මෙවැනි ක්‍රියා නැවැත්විය හැක. (බ)

:       0       0

ලුම්බිණි Thursday, 24 November 2016 12:27 AM

කාගේ හෝ වැරදි පෙන්නා දෙන එක වරදක්ද? මේ චීනය නොවෙයි නේද? (බ)

:       0       0

සමන් Friday, 25 November 2016 12:10 AM

ඊ නිව්ස්, දූෂණ එළිකිරීම හොඳයි (නි)

:       0       0

රත්න Thursday, 24 November 2016 02:29 AM

ඔහොම තමා පිට කැහිල්ලෙන් පුහුල් හොරා අහුවෙනවා නේ..(බ)

:       0       0

බණ්ඩාර Thursday, 24 November 2016 03:00 AM

ඇත්ත කියනකොට රිදෙනවා (බ)

:       0       0

සරත්චන්ද්‍ර Wednesday, 23 November 2016 11:47 AM

ඊ නිව්ස් වල අදායම ගැන විගණනයක් කලොත් හොඳයි. (ම)

:       0       0

ගමගේ Wednesday, 23 November 2016 11:56 AM

මෙය නිතතින්ම සිදුවිය යුතුම දෙයක් වීරවන්සගේ සී නිවුස් හා ඊ නිවුස් හී මූලික පරමාර්තය අනුන්ට අපහාසකිරීම හා තමන් පමණයි නිවැරදියන මතයේ සිටින්නවුන්.(ම)

:       0       0

සෙනෙවි Thursday, 24 November 2016 07:05 AM

ඔව් මේ කැලෑපත්තරයේ බුද්ධාගමටත් නිතර පහර දෙන බව පේනවා .කිසියම් විදේශීය නයාය පත්‍රයකට අනුව වැඩකරන බවත් පේනවා (බ)

:       0       0

කමල් ඊස්ට් ලන්ඩන් Wednesday, 23 November 2016 02:30 PM

ඔය කියන පුද්ගලයා ගැන කවුරුත් දන්නවා. (නි)

:       0       0

රූපසිංහ Thursday, 24 November 2016 07:28 AM

ඊ නිවුස් තමන් වාමාංශික බවක් පෙන්වමින් කරන්නේ දකුණට ආවැඩීමක් පමණයි. (ම)

:       0       0

චානක Wednesday, 23 November 2016 03:16 PM

මේක ඊ නිවුස් සමඟ පසුගියදා විරසකයක් ඇතිකරගත් ප්‍රභලයෙකුගේ ප්ලෑන් එකක් කියලයි අපිට හිතන්නේ (නි)

:       0       0

සුසිල් Thursday, 24 November 2016 03:42 PM

නඩුව දම්මවාපු බළල් අත පේනවා....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site