IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ඉෂාරාගේ පාපොච්චාරණයෙන් පහක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිව්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම කොස්තාපල්වරයා අලුත්ගම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇති අතර , සෙව්වන්දිට වැලිපැන්න ප්‍රදේශයේ නිවසෙ නවාතැන් දුන් කොස්තාපල්වරයාගේ බිරිඳගේ මව, දොඩංගොඩ නිවසේ නවාතැන් දුන් පුද්ගලයා සහ මිද්දෙණිය නිවසේ කාන්තාව ද එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

සැකකාරිය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මේ විසින් තමන්ට හඳුන්වාදුන් බවද ඉෂාරා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොහොම හරි ඌව අන්දගෙන ඌ ලවා වැඩේ කරගන්නා ලෙස  කෙහෙල් බද්දරපද්මේ පැවසූ බවට ද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

කෙහෙල්බද්දර පද්මේ සමග පැවැති හිතවත්කම හේතුවෙන් මෙම ඝාතන සිද්ධියට කිසිඳු මුදලක් ඔහුගෙන් ලබානොගත් බවට ඇය විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගණේමුල්ල සංජීව ඝාතනය වූ පෙබරවාරි (19) දිනම රාත්‍රියේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත්, ඊට පසු දින කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයකු වන මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකුට අයත් දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බවත් ඇය ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි .

එම නිවසේ සිට අප්‍රේල් 13 වනදා දොඩංගොඩ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි නිවස ගොස් ඇති බවද ආරංචි මාර්ග පවසයි .

අලුත් අවුරුදු සමය බැවින් පොලිස් නිලධාරීන් අවුරුදු රාජකාරීවල යෙදී සිටි නිසා එම දිනය යොදා ගත් බවට ද ඇය ප්‍රකාශ කර ඇත.

මිද්දෙනණිය නිවසේ රැඳී සිටි ඇය පළාත් පාලන මැතිවරණ දින වු මැයි 6 වන යාපනය බලා ගොස් ඇති බවයි පොලිසිය පැවසීය.

එම දිනය තොරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් අදාළ දිනයේදී ඡන්ද රාජකාරීවල යෙදී සිටි නිසා බවට ද ඇය ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (9)

ඉෂාරාගේ පාපොච්චාරණයෙන් පහක් අල්ලයි

ජගත් ලියනගේ Friday, 17 October 2025 10:05 PM

පුදුම කපටි සූත්තර මොලයක්නේ මේ සෙව්වන්දි කියන එක්කෙනාට තිබිලා තියෙන්නේ...

:       1       7

පුන්සිරිSaturday, 18 October 2025 01:48 PM

ඒකනේ හැමෝම පෙම්බඳින්නේ .!!.

:       1       17

පිටිගල මිලානෝ Saturday, 18 October 2025 05:26 AM

ඉෂාරා කලේ පිස්තෝලේ ඇතුලට ගෙනියපු එක විතරයි. ඊට වඩා ලොකු වැරැදි කරපු අය ගොඩක් මේ නඩුවට සම්බන්ධයි. පව් ඉෂාරා..!

:       6       6

tissaSaturday, 18 October 2025 04:52 PM

මිනි මැරීමට අනුබල දීමත් දඬුවම් ලැබිය යුතු අපරාධයක්.

:       0       5

vis8 Saturday, 18 October 2025 07:10 AM

තම ශරීරය යොදවා තමන්ගේ වැඩ කටයුතු කරගත්තු නොමග ගිය ගෑනියෙක් ගෙන කවර කතාද?

:       0       15

තංගල්ලේ මෙත්-මල් Saturday, 18 October 2025 08:56 AM

අරයව අල්ලලාද?

:       2       14

සමන් T Saturday, 18 October 2025 03:40 PM

නෑ, තාම ක්‍රිෂ් ගනුදෙනු ඇදිලා ආවෙ නෑ.

:       3       9

tissa Saturday, 18 October 2025 03:48 PM

මේ දවස්වල ගැහැණු උදවිය ආශ්‍රය කරන්නේ පරිස්සමින්. ඔවුන් මොන පසුබිමකින් පැමිණි, කුමන අරමුණකින් කෙනෙක් ආශ්‍රය කරනවාද යන්න ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි.

:       3       4

කෞෂිSaturday, 18 October 2025 07:55 PM

ඔයා පහුගිය දවස්වල එහෙම නෙවේ ආශ්‍රය කෙරුවේ, එහෙම නේද තිස්ස? දැන් ඉතින් ගියදේ ගියාවේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 328 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 357 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site