ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්විණි.
හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළේ ඉරාන සන්නද්ධ හමුදාවය. ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස මියගියේ ඔවුන් රැගෙන අසර්බයිජානයේ සිට යළි ඉරානයට පියාසර කරමින් තිබුණු හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙනි.
හෙලිකොප්ටරය අසර්බයිජානයේ සිට ඉරානයට පියාසර කරන්න වූයේ තවත් හෙලිකොප්ටර් දෙකක් ද පිරිවරා ගනිමිනි. අනෙක් හෙලිකොප්ටර් යානා දෙකට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර අනතුර සිදුවූයේ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටි හෙලිකොප්ටරයයි.
විමර්ශන වාර්තාව හරහා ඉරාන සන්නද්ධ හමුදාව, පෙන්වා දී ඇත්තේ, ජනාධිපති රයිසි ඇතුළු පිරිස ගමන් කළ ‘බෙල්’ වර්ගයේ හෙලිකොප්ටර් යානය ගිනිගෙන කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු බවය. එම අවස්ථාවේ, ඝන මීදුම් තත්ත්වයක් ද පැවැතිණි. හෙලිකොප්ටරය කිසිම අවස්ථාවක නියමිත ගමන් මාර්ගය වෙනස් නොකළ බවත්, ඊට වෙඩි ප්‍රහාරයක් හෝ මිසයිල ප්‍රහායක් හෝ එල්ල නොවුණු බවත් ඉරාන සන්නද්ධ හමුදාව තහවුරු කර තිබේ.
(ඒ.එෆ්.පී.)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරාන ජනාධිපති මියයෑම: විමර්ශන වාර්තාව එළියට
Ahmed (Gulf) Sunday, 26 May 2024 02:06 AM
දෙවියන් වහන්සේගේ ශුද්ධ ජාතිය සම්බන්ධ කිරීම සඳහා දෙවියන් වහන්සේගෙන් දඬුවම්