(ගයාන් සූරියආරච්චි)
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන රාත්‍රී 9.30 න් පසුව කාලය තුළත් මාර්ග කීපයක් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ සිට කොළඹ දක්වා වූ අධිවේගී මාර්ගය, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවත, විදුලි සංඥා මංසන්ධිය, හෝටන් පෙදෙස, ග්‍රීන්පාත්, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, සෙන් ඇන්තනීස් පාර, ගාලු පාර, ගාලු මුවදොර, ලෝටස් පාර පස්වරු 2.00 ත් - 3.00 ත් අතර කාලයේ වසා තැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
කොළඹ අධිවේගී මාර්ගයේ ප්‍රභූවරයා ගමන් කරන අවස්ථාවේදී දෙපසටම වාහන ගමන් කිරීමට අවසර නොදෙන බවද තල්දූව මහතා කීය.
එමෙන්ම ඉරාන ජනාධිපතිවරයා ගමන් රාත්‍රී 9.30 න් පසුව කොටුව සිට කොල්ලුපිටිය දක්වා ගාලු පාරද, ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගය ද, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගී මාර්ගය දක්වාත් පෑලියගොඩ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයත් ප්‍රභූවරයා ගමන් කරන කාලසීමාව තුළ වසා තබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිර
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල
දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දම
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලං
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
සඳුන් Wednesday, 24 April 2024 02:34 PM
ලංකාවේ ඉන්න ලොන්තරස්ලා එළිබහින්නත් පාවිච්චි කරන්නේ හෙලිකොප්ටර්...!