
(ඩී.ජී. සුගතපාල , සුමතිපාල දීයගහගේ)
කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු ඊයේ රාත්‍රි 9.28 ට පමණ තුර්කියේ සිට පැමිණි Flyx Aero Zimbabwe ගුවන්යානය මගින් මත්තල ගුවන් තොටුපොලේ සිටි ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොල වෙත ගෙන යන ලදී. පසුව එහි සිටි ඉරානය බලා ගෙන යාමට නියමිතව තිබිණි.
කරාපිටිය රෝහලේ සිට අවස්ථා දෙකකදි මළ සිරුරු මත්තල ගුවන් තොටුපොල වෙත පොලිස් ආරක්ෂාව යටතේ ගෙන යන ලද අතර ශ්‍රි ලංකාවේ ඉරාන තානාපති Alireze Delkhosh මහතා සහ එම මහත්මිය ඇතුලු තානාපති කාර්යාලයේ පිරිසක් ද පැමිණ බෆල් යන්ත්‍රයක් මගින් පටිගත කරණ ලද යාඥාවක් පවත්වන ලදි.
ගාල්ල වරායේ සිටි මුහුදු සැතපුම් 40ක් පමණ දුරදි Iris Dena නැවට එල්ල වු සබ්මැරින් ප්‍රහාරයකින් පසුගිය 04 වැනි දින අලුයම එම නැව මුහුදු බත් වු අතර එහිසිට මියගිය නාවිකයන් 84 කගේ මළ සිරුරු ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙනැවිත් කරාපිටිය රෝහලේ තැන්පත් කරණ ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාඥාවක්? අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මිනී පිට්ටනියක් කරන්න, බෑන්ඩ් චූන් දමන්න, කවුද ඉඩ දුන්නේ? මේ වගේ වැඩ අපේ රට හැර ලෝකයේ වෙන කිසිම රටක සිද්ද වෙන්නේ නෑ. ඇමෙරිකන් ප්‍රහාරය එනකොටත් නාවිකයෝ යාඥාවක් කරන්න ඇති. ඒක මදිද? ඥාණසාර හිමි මොකද දන්නේ නැහැ නිශ්ශබ්ද? ගුවන් තොටුපළ අධිකාරිය මොනවද කියන්නේ...? ඒ රොත්තම ඉරානයට යවන්න.
ගුවන් තොටුපළේ හිටපු විදේශ සංචාරකයින් හිතුවද දන්නේ නැහැ, ඔවුන් හිටියේ ජුම්මා පල්ලියේ යාඥාවක් අතරේ කියා. මැද පෙරදිග, අරාබි රටක ගුවන් තොටුපළකවත් මෙවැනි යාඥාවක් ඇහුණු කෙනෙක් ඉන්නවා නම් පොඩි කමෙන්ට් එකක් දාන්න. කාටද අපේ කටුනායක, ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී, රටේ ප්‍රධාන ආගම වන බුදු දහමේ පිරිත් ටිකක් අහන්න වාසනාව ලැබුණේ.... ගුවන් තොටුපළ භාර ඇමැතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.