IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ඉන්ධන පිරුම්හල් රාත්‍රී 8.00 ට වසයි

(යොහාන් භාසුර)

ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඇනවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාටුන්න මහතා අද (1) පෙරවරුවේ පැවසීය.

රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ඒ මහතා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්වලට ඊයේ දිනයේ ඇනවුම් කළ ඉන්ධන තොග අද දිනයේත් ලැබෙනු ඇති බවත් සඳුදා දින සඳහා ඉන්ධන තොග ඇනවුම් කර නොමැති බවත් නාඔටුන්න මහතා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කී නාඔටුන්න මහතා බලධාරීන් මෙම ගැටළුවට විසඳුම් දීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

 



අදහස් (18)

ඉන්ධන පිරුම්හල් රාත්‍රී 8.00 ට වසයි

Srinath Sunday, 02 March 2025 02:58 AM

ඉන්ධන කියන්නේ අත්‍යාවශ්‍ය සේවා? ලයිසන් කෑන්සල් කරන්න.

:       3       36

Asela Sunday, 02 March 2025 06:19 AM

ඔන්න අපි ආයෙත් පෝලිමට යනවා. ඊයේ මට පෝලිමේ ඉන්න සිද්ධ වුණා. දැන් මේ ප්‍රශ්නය බරපතළ වෙනවා. ඉන්ධන නැහැ, නමුත් ඇමැතිවරුන්ගෙන් අපට කුණුහරප ඇහෙනවා. මේ වැඩකට නැති, අකාර්යක්ෂම, ප්‍රායෝගික නොවන ඇමතිවරුන්ට ප්‍රායෝගිකව මේ රට පාලනය කරන්න බැහැ. මේක දැන් අවුල් ජාලයක් බවට පත්වෙමින් තියෙනවා. ඔවුන් තමන්ගේ සුපිරි මෝඩ මොළයෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. උදාහරණයක් ලෙස ඔවුන් තොරතුරු තාක්ෂණ සේවකයින්ට බදු ගහන්න පටන් ගත්තා. මේක අනවශ්‍යයි. "සතයක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය නමුත් අවසානයේ ඩොලරයක් නාස්ති කරනවා" නාස්ති කරනවා" මේ ගෞරවනීය මෝඩයින් කවදා ඉගෙන ගනීවිද". ඔවුන් අපි ඉන්ධන පෝලිමේ ඉන්නවාට කැමැතිද?. ඔවුන්ට අවශ්‍ය නම්, බිලියන ගණනක් ඉතිරි කර ගැනීම සඳහා අනවශ්‍ය දහස් ගණනක් රාජ්‍ය සේවකයින් ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමට පියවර ගන්න"

:       82       9

VishwaSunday, 02 March 2025 11:34 PM

තිබ්බ බද්ද අඩු කරලනෙ තියෙන්නෙ බාගෙකින්.අනික අධ්‍යාපන සෞඛ්‍ය වගේ සේවාවන් රැසක් නොමිලේ දීලත් ඒ හැම කෙනෙක්ටම ඇයි අනික් අයට ආදායම් හෝ උපයන විට විතරක් බදු ගහන්නේ. සාධාරණයක් තියෙන්න ඕනිනේ. අනික එක එකාට ඕන විදිහට සෙල්ලම් කරන්න ද ආණ්ඩු තියෙන්නේ. එහෙම බැලුවොත් තමන්ගේ ගාන මදි කියල හැම එකාම නිකා ඉන්න පටන් ගනී.

:       2       16

SelaThursday, 06 March 2025 11:55 AM

එයාලගෙ රෙදි සේදුවට කාරි නෑ මහත්තයෝ ඒත් ඔයා රෙදි ඇඳගෙන කතා කරන්න අසේල

:       1       4

සෙනෙවිරත්න Sunday, 02 March 2025 06:55 AM

ඉන්ධන නැත්නම් ඇරගෙන මොනවා කරන්නද? ගොන් වැඩ නොකර උසාවි නියෝගය කියවලා රටේ ජනතාව ගැන හිතන්න, රටේ පාලකයෝ සහ ජනතාව කැපකිරීම් කරනකොට මස් රාත්තලම ඉල්ලන්න එපා..

:       5       58

karolisSunday, 02 March 2025 07:46 PM

දැන් බලයේ ඉන්න පෙළපාලි රස්තියාදුකාරයොත් ඒ කාලේ ජනතාව ගැන හිතුවා නේද? තමන්ට රිදෙන කොට තමයි ජනතාව ගැන හිතන්න කියන්න මතක් වෙන්නේ...!

:       16       9

Chinthaka Sunday, 02 March 2025 07:31 AM

පොම්පකරුවන් හොරට තෙල් ගැසීමේ වාසියත් බෙදුම්කරුවන්ට ලැබෙනවා උදාහරණයක් ලෙසට වාහනයේ ඉන්ධන ලීටර් දෙකක් තුනක් තිබියදී කෙනෙක් ගිහිල්ලා තමන්ගෙ කාරයට රුපියල් 5000/= ගහන්න කියනවා පොම්පකරු රුපියල් 4000/=ත් 4500/= අතරෙදි මීටරය පමනක් ක්‍රියාත්මක වෙන්න සලස්වනවා එවිට පාරිභෝගිකයා ගෙවූ මුදලින් දහයෙන් එකක් පමණ බෙදුම්කරු ගසාකනවා මේවාටත් නීතියක් ක්‍රියාත්මක කර එලෙස ගසාකෑමත් නවත්වනවා නම් ඉතාමත් හොඳයි... ගරු ඇමැතිතුමාගේ අවදානයට යොමුවේවා..!

:       3       43

ග්‍රෙෂන් ප්‍රනාන්දු.Wednesday, 05 March 2025 11:41 AM

මම ඔබතුමාට ආරාධනා කරනවා... මා රැකියාව කරන ආයතනයට ඇවිල්ලා බලන්න 5000ට 4000ද තෙල් වදින්නේ කියලා. ඔබතුමාට පුළුවන්නේ අදාල වැටලීම් ඒකකයට ඇමතුමක් දීලා... පැහැදිලිද?

:       2       2

gamunu Sunday, 02 March 2025 08:12 AM

සත්‍ය වශයෙන්ම මේ 3% ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ...!

:       15       7

Lalla Sunday, 02 March 2025 09:20 AM

ව්‍යාපාරික ප්‍රජාව මහජන සේවයක් කරනවා කියලත් ඒ සේවය ලබන මහජනතාවට පීඩා කිරීම අපරාධයක් කියලත් නොසිතනවා නම් 69 ලක්ෂයක වරමක් තිබුණු විධායක ජනපති පන්නලා දාපු මහජන මතය ගැනත් හිතන්න ඕනෑ. ඊළඟ පියවර සිපෙට්කෝ ඉන්ධන අලෙවිසැල් වර්ජනය කිරීමට පියවර ගැනීම...

:       1       15

Dilum Sunday, 02 March 2025 10:38 AM

මේ අයව අත්අඩංගුවට අරගෙන රැකියාවලින් ඉවත් කළ යුතුයි. රජය මීට දැඩි පියවර අනුගමනය කළ යුතුයි.

:       3       29

Kamal Koyrala Sunday, 02 March 2025 12:10 PM

උසාවි තීරණයක් නම් මොවුන් උසාවියට අපහාසය කර තිබෙන්නේ වහාම උසාවිය මගින් සදාධාරණයක් කළ යුතුයි

:       0       4

Rifan Sunday, 02 March 2025 12:26 PM

වරදක් නම් වෙලා තියෙන්නේ එක නිවැරදි කරගන්නවා වෙනුවට ඒ වරද දිගටම කරන්න බැහැනේ. වැඩිය දැගලුවොත් වැරදි ලෙස ගෙවූ මුදලත් අය කරගන්න කටයුතු කලානම් ඉවරයි. අනික මෙවැනි සේවාවන් රජ්‍ය ව්‍යාපාර ලෙස පවත්වාගෙන යායුතුයි.

:       2       24

VishwaSunday, 02 March 2025 11:39 PM

අනිවාරෙන්ම ඔව්.මහජන බදු වලින්නෙ කොමිස් ගෙවන්නෙ.පාරිභෝගිකය තමා හරිනම් මේවට කතා කරන්න ඕන නැතුව ආණ්ඩු නෙමේ.ජනතාව දැනගන්න ඕන හරි වැරැද්ද තේරුම් ගන්න.පක්ෂ පාට ඉස්සරහට දාගන බෙදිල බයිලා ගැහුව වගේ නෙමේ අන්තිමට මේවගෙ දුක් විදින්න ඕනිත් ජනතාවම තමා.

:       0       2

Harshana Sunday, 02 March 2025 09:08 PM

ඇත්තටම මේ 3% තුනක් නිසා මුළු රටේම මිනිසුන්ගේ දෛනික ජීවිතේටයි බලපාන්නේ. රැකියා කරන පුද්ගලයින්ට වෙන්නේ දවසම තෙල් පෝලිම් වල ඉන්න. එදා වේල හම්බ කරන් කන මිනිස්සුන්ටත් වෙන්නේත් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන එකයි. නිලය, බලය, මුදල් තියෙන මිනිස්සුන්ට ඒවා ගැන ප්‍රශ්නයක්. අහිංසක, අසරණ, දුප්පත් මිනිසුන්ට විතරයි මේ තෙල්වල ප්‍රශ්න වලටත් මුහුණ දෙන්නේ. රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් තමයි දැන් පවති⁣න්නේ... ඉතිං අන්න ඒ නිසා මේ අසරණ, අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරන්න එපා. අනික මේකෙන් වෙන්නේ රටේ වැඩ කරන මිනිසුන්ගේ වටිනා කාලය නිකං පෝලිමකට වෙලා ඉඳලා විනාශ වෙන එක විතරයි. ඉතින් මෙවන් විපත් ඇති නොවන ලෙස රජය මේ පිළිබඳ මනාව සොයා බලා වැඩ කටයුතු කරනවා නම් සුදුසුයි..

:       0       0

අරවින්ද මොණරවිල Monday, 03 March 2025 10:50 AM

වැඩි හරියක් ඉන්ධන පිරවුම්හල් තියෙන්නේ පොහොට්ටුවේ සහ සජබ හිටපු සහ දැන් ඉන්න මන්ත්‍රිවරුන්ට, උන් හැන්ද අතේ තියෙන කාලයේ තමන්ට රිසිසේ බෙදා ගත්ත නමුත් කටු කන සෙට් එකට නම් ඒවා අදාළම නැහැ වගේ.

:       1       5

Sandun Monday, 03 March 2025 11:27 AM

ෆුල් ටැන්ක් කරද්දි අපිහිතමු උදාහරණයක් විදිහට 990 995ක ඉන්ධන ලබා ගත්තා කියලා. කවදාවත් ඉතිරි ලැබෙන්නේ නැනේ.

:       0       2

රසික Wednesday, 05 March 2025 01:35 PM

ඔබලා මොන අංචිය ඇද්දත් මේ ආණ්ඩුවත් තොපිව අරින්නේ නැහැ. රජය කෙසේ වෙතත් අපි රට වැසියෝ කුලප්පු වුණොත්, හැමෝම ඉල්ලලා ඇරගන්නවා. බෙදා හැරිමේ පරයින්ට මාර අමාරුවක් තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ
2025 මාර්තු මස 19 81 0

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී


’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’
2025 මාර්තු මස 19 110 0

ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේද


’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’
2025 මාර්තු මස 19 46 0

තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහ


‘‘සජබ සභාපති ඉල්ලා අස්වීම බාර ගෙන නෑ‘‘
2025 මාර්තු මස 19 177 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට දැන්වූ ලිපිය පක


මෙච්චර පඩි වැඩි කරද්දිත් සෞඛ්‍ය වර්ජන අනුමත කරන්න බෑ
2025 මාර්තු මස 19 246 1

වෘත්තීය සමිති වල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුම


රිලව් මරලා දාන්න
2025 මාර්තු මස 19 215 1

වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 421 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 964 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 336 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site