(කාංචන කුමාර ආරියදාස)
කිරි ගවයන් 50ක් පාලනය කරන තරුණ ගොවි මහතකු ඉන්ධන ලබා ගැනීම සඳහා තමන්ට පෝලිමේ සිටීමට නොහැකි නිසා කිරි එළ එළදෙනකු ඉන්ධන පෝලිමේ ගැටගසා අනෙක් සතුන්ගේ ආහාරපාන සහ අවශ්‍යතා ඉටුකර පුවතක් දඹුල්ල නගරයෙන් වාර්තා විය.
දඹුල්ල අතුපාරයාය ප්‍රදේශ්යේ පදිංචි ආර් .එම් .රත්නායක නැමැති තරුණ කිරි ගොවි මහතා මෙම කිරි එළදෙනගේ පිටේ තම යතුරුපැදියේ අංකය ලියා කිරි එළ එළදෙන පෝලිමේ තබා තිබේ.
දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පෝලිමේ මෙම ගවයා බැඳ තිබේ.
තරුණ කිරි ගොවි මහතා කියා සිටියේ දින ගණනාවක් තමන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටිය ද එහෙත් ඉන්දන ලබා ගැනීමට නොහැකි වූ බව ය .
කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරයාටත් පොලීසියටත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයාටත් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටින මහජනතාවටත් තමන්ට සිදුව ඇති අකරතැබ්බය ගැන දැනුවත් කළ බව හෙතෙම සඳහන් කළේ ය
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්ධන පෝලිමට එළගවයෙක්
sam Thursday, 07 July 2022 04:06 AM
ඉන්ධන පෝලිමට ආපු එළ ගවයා කවුද දන්නවද?
සුරංග Thursday, 07 July 2022 06:39 AM
ඇත්තටම මේ තත්වයට වහාම විසදුම් දීමට ප්‍රාදේශීය ලේකම්ලා පියවර ගතයුතුය මොකද අපේ ප්‍රදේශයේ පිරවුම් හල්වලම වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල (ඒවායේ පිරවුම් හල් තිබියදී ) යතුරු පැදි කරුවන් ටුක්ටුක් කරුවන් පැමිණ අරගල කරන නිනිසාත් අපට පෝලිමේ සිටීමට ශක්තිය නොමැති නිසා එහෙම කිරීම අවශ්‍ය වෙනවා
SL Thursday, 07 July 2022 08:24 AM
මේ ගවයා දක්කන්න ඕනේ කාංචන ගේ ඔෆිස් එකට... ගවය ඔෆිස් එකේ බැඳලා කාංචන පෝලිමට දාන්න ඕනේ. වාහන අංකයට දෙන කූපන් ක්‍රමයක් වගේ දෙයකින් මිනිස්සුන්ට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් දෙන්න පුළුවන් විදියට ක්‍රමයක් හදන්න ඕනේතරම් පහසුකම් තියෙද්දී කාංචන පිස්සු නටනවා. පෝලිම්වල මිනිස්සු කන කාලය, ආතතිය, මැරිලා වැටෙන එක ගැන මේ මනුස්සයාට වගේ වගක් නැහැ..
Bamunuarachchi Thursday, 07 July 2022 08:45 AM
අහන්න දෙයක් නැහැ අනුරට තෙල් ගෙනියන්න ඇවිල්ල