IMG-LOGO

ඉන්ධන ගන්න ටෝකන් එකට පිටින් ආ පොලිසියට විරෝධයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ඉන්ධනහලින් ලබා දුන් ටෝකන්වලට ඉන්ධන නිකුත් කරමින් සිටින අතරතුර පොලිසිය පෞද්ගලික යතුරු පැදිවලට සහ රාජකාරී යතුරු පැදිවලට ඉන්ධන ලබාගැනීමට පැමිණීමත් සමග ටෝකන් ලබාගත් පිරිස ඊට දැඩි විරෝධයක් එල්ල කළහ.

දින 5ක් තිස්සේ මෙම පිරිස පෝලිම්වල රැඳී සිට ඇතැයි ද පැවැසෙයි.

බණ්ඩාරගම පොලිසියේ  නිලධාරීන් දස දෙනකු පමණ සිය පෞද්ගලික යතුරුපැදි ,සහ රාජකාරි යතුරුපැදි රැගෙන  ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ ඇත. ඒ අවස්ථාවේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

අනතුරුව ස්ථානාධිපතිවරයා පැමිණ පිරිසට කරුණු පහදා දීමට උත්සාහ කිරීමේදී ඔහුට ද විරෝධය එල්ල කළහ.

අනතුරුව පාරිභෝගිකයන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයම පොලිසියේ පෞද්ගලික යතුරු සඳහා ලබාදීමට එකඟතාවය මත විරෝධය අවසන් කෙරිණි.

 



අදහස් (1)

ඉන්ධන ගන්න ටෝකන් එකට පිටින් ආ පොලිසියට විරෝධයක්

Sahara perera Wednesday, 29 June 2022 02:43 PM

පොලිසියේ රාජකාරි කරන අයට තෙල් අවශ්‍යමයි... සහ ඉස්පිරිතාල ජොබ් කරන අයට අයට... නැති නම් අත්‍යාවශ්‍ය සේවා කොහොමද කරන්නේ..?

:       18       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 313 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site