IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්ධන අවසන් වුණැයි හමුදා සෙබළාගේ අත කපලා

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය 100 කණුව අයි ඕසී ඉන්ධන පිරවුම්හලේ ඇතිවූ තදබදයක් සහ ගැටුමක් අතරතුර ආරක්‍ෂාවට සිටි යුද හමුදා සෙබළකුගේ අත කිසියම් පුද්ගලයකු තියුණු ආයුදයකින් පහරදී කැපුම් තුවාලයක් සහිත ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇති බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි.

මෙම ඉන්ධන පිරවුම්හලට එදින පෙරවරුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් බවුසරයක් පැමිණ ඇති බව පොලීසිය කීවේය.

පෝලිමේ තිබූ වාහනවලට ඉන්ධන ලබාදී ඇති අතර සවස තුනට පමණ ඉන්ධන අවසන්වී ඇති බව සඳහන් යැයි ද පොලීසිය පැවසුවේ අවස්ථාවේ ඉන්ධන ලබාගැනීමේ අරමුණින් පෝලිමේ සිටි පිරිස එකවරම ඉන්ධන පිරවුම්හල වෙත කඩාවැදී ඇත. එහිදී ආරක්‍ෂාවට සිටි යුදහමුදා සෙබලූන් කඩාවැදුණු පිරිසට මැදිවී ඇත.

ඒ අවස්ථාවේ යුදහමුදා සෙබළාගේ අත කැපී ඇති බවද පොලීසිය සඳහන් කරයි. එම සෙබළා ඇඹිලිපිටිය කදුරුගස්ආර යුද හමුදා කඳවුරට අනුයුක්තව සිටි සෙබළකු බව ද පොලීසිය සඳහන් කළේය. සෙනග අතර සිටි පුද්ගලයකු තමන්ගේ අත කැපූ බව සෙබළා රෝහලේ දී පොලිසියට පවසා තිබුණි.

 



අදහස් (8)

ඉන්ධන අවසන් වුණැයි හමුදා සෙබළාගේ අත කපලා

sharm warn Monday, 04 July 2022 09:45 AM

අර නිරායුධ තරුණයාට පයින් ගහපු නිලඇඳුම් දාගත්තු කෙනා ගැනත් දාන්න ඕනේ...

:       6       33

pakeer Monday, 04 July 2022 10:43 AM

මෝඩ පාලකයන්ගේ... අවනීතිය, හොරකම, අදක්ෂකම, දීන බව.... ආරක්ෂා කරන්න එපා.. එතකොට වෙන්නේ මේවා තමයි.!

:       3       28

nalin Monday, 04 July 2022 11:50 AM

ඇයි මේක විතරක් දාල තියෙන්නෙ. අර නිරායුද තරුනයට පයින් ගහන එකත් දාන්න. මේකත් අනිවාර්යෙන් ඒවගේ එකක් වෙන්න ඕනෙ.

:       4       25

නාදුගල Monday, 04 July 2022 12:27 PM

මේ වාර්තාව ලියපු අයගැන බැලුවම ඔවුන්ට ඉන්ධන හිගයක් නැහැ කියලා පේනවා මොකද කොළඹගෙආරට අජිත් ලාල් පදිංචි රත්නපුර සිට කි.මී පනහක් පමණ තිබෙන නිසා. අනෙක් වාර්තාකරු ඉන්න දාපනේටත් එපමණ දුරක් ඇති . ඇයි මේ දෙන්නෙක් වාර්තාව ලියන්න මෙහෙම ඉන්ධන නාස්ති කරන්නෙ

:       2       9

fairoos Monday, 04 July 2022 01:05 PM

වගකියයුතු ඇමතිගෙ අත කපන්ඩ ඔනෙ

:       3       9

බද්රානි Monday, 04 July 2022 01:11 PM

පාලකයින්ව රකින තඩි මුර බල්ලෙක් තරුණයෙකුට පයින් පහරක් එල්ල කරනවා මම දැක්කා. අන්න ඒ සුනඛයාගේ නින්දිත ක්‍රියාව මේ රටේ සමස්ත ජනතාව හෙලා දැකිය යුතුයි. තිරිසනෙක් වුණත් සමාජයට, රටට හෝ හමුදාවට අපකීර්තියක් ගෙන දෙනවා නම් ඒ සත්වයාව එතැනින් ඉවත්කළ යුතුයි. බලමු, නීතිය ක්‍රියාත්මක වෙන හැටි? ප්‍රෞඩ ජාතියට, බල්ලන්ගෙනුත් පා පහරවල් කන්න වෙලා දැන්...?

:       2       18

Nandana Monday, 04 July 2022 03:34 PM

හමුදා නිලදාරියට ප්‍රනාමය, සමහර උන්ට ඉවසීම කියල දෙන්න ඔන, තේරෙනරෙනසාවෙන්, ඔකුන් තමයි සේරම අවුල් කරන්නෙ, අපි හැමොටම පීඩනය තියනව.

:       0       0

sarath Wednesday, 06 July 2022 07:30 AM

බෞද්ධ රටක එන්න අපි ආගමට අනුව ඉන්නවා නම් මේ දේවල් වෙන්නේ... දැන් මිනිසත්කම නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site