IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්දියාව හමුවේ පරාජයත් සමග කොරියානු පුහුණුකරුගේ සේවය අවසන් ?

ඉන්දියාව හමුවේ ගෝල 3x0 කින් ඊයේ (7) තරගයේදී පරාජයට පත්වීම නිසා අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටුණු ශ්‍රී ලංකාවට ඒ සමග නවවැනි සාක් පාපන්දු ශූරතාවලියෙන් ඉවත්වීමට සිදුවිය. නවදිල්ලි නුවර ජවහල්ලාර් නේරු ක‍්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන එම තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජයට පත්වීමත් සමග සාක් පාපන්දු කුසලාන දිනා ගැනීමේ ශ්‍රී ලංකාවේ සිහිනය බිඳ වැටුණි. ශ්‍රී ලංකාව 1997 සිට එම කුසලාන දිනා ගැනීමේ උත්සාහය සාර්ථක කර ගැනීමට අපොහොසත් වී සිටින අතර මෙවර මූලික වටයේ පරාජයෙන්ම ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම කැපී පෙනේ. නේරු ක‍්‍රීඩාංගනයට ඊයේ ඉන්දීය ක‍්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් රැස්ව සිටි අතර තරගයේ මුල් භාගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ හොඳ තරගයකට අවතීර්ණ වූහ. එහෙත් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඊයේ තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයගැනීමේ අභියෝගයටද මුහුණදී තිබුණි. දෙවැනි භාගයේදී ඉන්දීය ක‍්‍රීඩකයන්ගේ දස්කම් විශිෂ්ට අයුරින් මතුවූ අතර එහි ප‍්‍රතිඵලය වූයේ පන්දුව දැල ආසන්නයට රැගෙන යමින් ඔවුන් ගෝල දෙකක්ම වාර්තා කිරීමයි. එහිදී වඩාත්ම අලංකාර ගෝලය 68 වැනි විනාඩියේදී වාර්තා කළේ සුනිල් ඩෙට්රි විසිනි. ඒ ක්ලිෆඞ් මිරින්ඩා ඉහළින් ලබාදුන් පන්දුව කෙළින්ම හිසෙන් ඔහු දැල තුළට යොමු කිරීමෙනි. ශ්‍රී ලංකා දැල්රකින ක‍්‍රීඩක සුජාන් පෙරේරාට සිදුවූයේ ඒ දෙස බලා සිටීම පමණි. සුනිල් ඩෙට්රිගේ දස්කම් මෙම තරගයේදී කැපී පෙනෙත්දී ඔහුට 49 වැනි විනාඩියේදී ගිලිහී ගිය ගෝල අවස්ථාවක් ක්‍ෂණිකව සාර්ථක කරගත් ජෙසී ෆෙක්සුලා ශ්‍රී ලංකා දැල් රකින්නාට ඉඩ නොතබමින් ඉන්දීය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කළේය. ඇෆ්ගනිස්ථානය හා නේපාලය අතරද ඉන්දියාව හා මාලදිවයින අතරද හෙට (9) අවසන් පූර්ව තරග වටය පැවැත්වේ. ඒ කාණ්ඩයෙන් ඇෆ්ගනිස්ථානය හා ඉන්දියාවද බී කාණ්ඩයෙන් නේපාලය හා මාලදිවයින ද වැඩිම ප‍්‍රසාද ලකුණු ලබමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී ශ්‍රී ලංකාව හැරුණු විට භූතානය, පකිස්තානය හා බංග්ලාදේශයටද මෙවර තරගාවලියේ ලද පසුබෑම හමුවේ ඉවතට යාමට සිදුවිය. පසුගිය තරගාවලියේ ලද ප‍්‍රතිඵල දෙස බැලීමේදී ශ්‍රී ලංකාව එහිදී අවසන් පූර්ව වටයට පිවිසෙමින් දස්කම් දැක්වීය. එහෙත් එහිදී මාලදිවයින හමුවේ පරාජයට පත්විය. ඒ අනුව ගියවර සාක් කුසලාන දිනාගත් සත්කාරක ඉන්දියාවට මෙවරත් එය රැුක ගැනීමේ අවස්ථාව තවදුරටත් උදාවී තිබේ. ශ්‍රී ලංකා පිල එරෙහිව පැවැති තරගය පමණක් ජයගැනීමට සමත්වූ අතර ඇෆ්ගනිස්ථානය හමුවේද මූලික වටයේදී ගෝල 3-1 කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඊයේ දිනය ශ්‍රී ලංකාවට අවාසනාවන්ත තත්ත්වයක් උදා කළ බවක් පෙනුනේ තරගය නිමාවීමට නියමිතව තිබියදී 90 වැනි විනාඩියේදී බණ්ඩාර වරකාගොඩගේ පහරකින් ශ්‍රී ලංකා දැල තුළටම පන්දුව යොමුවීමෙන් ඉන්දියාව තරගයේ සිය තෙවැනි ගෝලයත් අපහසුතාවකින් තොරව වාර්තා කිරීමයි. තරගය නිමාවීමෙන් පසු ඊයේ ජවහල්ලාර් නේරු ක‍්‍රීඩාංගනයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු කොරියානු ජාතික ජංග් ජුංග් මහතා පැවැසුවේ මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පරාජයේ වගකීම තමන් බාර ගන්නා බවයි. වසර 2006 සිට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සේවය ලබාදෙන කොරියානු පුහුණුකරුගේ සේවය මෙම තරගාවලියත් සමග අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි එහි කළමනාකරු පැවසීය.



අදහස් (0)

ඉන්දියාව හමුවේ පරාජයත් සමග කොරියානු පුහුණුකරුගේ සේවය අවසන් ?

ලුෂාන් Thursday, 08 December 2011 11:16 PM

ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site