
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (16) පැවැත්විණි.
ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්රමුඛ මහා සංඝරත්නද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ද,ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නියෝජිතයෝ ඇතුළු දූත පිරිස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික සංස්ථාවලට ආගමේ දේවලුත්, රාජ්‍ය යාන්ත්‍රණයේ දේවල් ඒ අදාල පුද්ගලයිනුත් කළයුතුයි. ඕවා පටලවා ගත්තාම ඡන්දයෙන් පත්නොවූ පුද්ගලයින් ආණ්ඩු කරණයට අනවශ්‍ය බලපෑම් කරනවා. අවශ්‍ය නම් රාජ්‍ය අනුග්‍රහය දීම වෙනම වැඩක්. නව ව්‍යවස්ථාවක් අත්‍යාවශ්‍යයයි...