ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉන්දෝර් හි පැවැති සිවුවැනි (දිවා-රාති‍්‍ර) එක් දින තරගයෙන් ඉන්දීය කී‍්‍රඩකයෝ ලකුණු 153ක ජයක් ලැබූහ.
තරග 5කින් සමන්විත එක් දින තරගාවලියේ තරග 3-1ක් ලෙස ඉන්දියාව පෙරමුණේ සිටී.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව සිය ඕවර 50 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 418ක් රැස්කර ගැනීමට සමත් විය.
ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ විරේන්දර් සෙවැග් (219) සහ ගෞතම් ගම්බිර් (67) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 176ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
විරේන්දර් සෙවැග් එක්දින තරගයකදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීය.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කොදෙව් පිලට සියලූ දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 265කි.
කොදෙව් කඩුලූ රකින්නා වූ ඩිනෙෂ් රැම්ඩින් පන්දු 96 කදී හතරේ පහර 12ක් සමගින් වේගවත් ලකුණු 96 ක් ලබා ගැනීමට සමත්විය.
තරගයේ වීරයා- විරේන්දර් සෙවැග්
ඉන්දියාව ඕවර 50 කදි කඩුලූ 5ට 418 (විරේන්දර් සෙවැග් 219, ගෞතම් ගම්බිර් 67, සුරේෂ් රයිනා 55, පොලාර්ඞ් 65/1)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 49.2කදී සියලූ දෙනා දැවී 265 (දිනේෂ් රැුම්ඩින් 96, සිමන්ස් 33, ෂර්මා 43/3, ජඬේජා 34/3)
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවට ලකුණු 153 ක ජයක්