(ඩයනා උදයංගනී)
පසුගිය දිනවල පැවති වැසි තත්වයේ අඩුවීමක් අද (21) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ක 50 ක පමණ වේගවත් සුළං හැමිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.