IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ඉතින් ආයෙමත් ලියන්න සේකර මා ආදර කිවිඳේ

2016-11-27-ent-114

ගී පැදුර එලා තිබේ.

අඳුරු පාට මේ කුළු අතරින් මතුව, සොඳුරු සඳපාන නිහඬ සුසානය පුරා පතුරුවන සඳ අහස් වියනෙහි හුදෙකලාවේය. රන් තරු සැඟවිලාය.

ගී පැදුර මත අලස ලෙස වාඩිගත් මහගමසේකරයෝ පන්හිඳ සුරතින් ගෙන ගීයක් ලියන්නට පත්ඉරුවක් සොයති.

මෙතෙක් කලක් එකුදු ගී පදයක්වත් නොලියූ ඔහු මේ ලහි ලහියේ සැරසෙන්නේ කුමක් නම් ලියන්නට දැයි සඳ විපිලිසරය.

කවදාවත් නැති තරමේ උනන්දුවකින් ඔහු සඳපාන දෙස බලාගෙන කවි පද සොයන සේය.

ඇයි මේ ?

ඔහුගේ හිතමිත‍්‍ර අමරදේවයන් ගී පැදුරට පැමිණි නිසාවෙන්ද? එසේ නම් තවදුරටත් ඔහු නොලියා සිටිය යුතු නැත. මන්ද යත්, ඔහු ලියන ලස්සන ගී පද මියුරු හඬින් ගයන්නට අමරදේවයන් දැන් ඔහු අසලම සිටින බැවිනි.

කේමදාසයන් සර්පිනාව අතින් රැුගෙන බලාසිටින්නේ සේකරයන්ගේ අතින් අලූත් ගීයක් ලියැවෙන තුරුය. මේ අමරණීය ගී පැදුරෙහි සරච්චන්ද්‍රයන් ද ජෝතිපාලයන් ද ගුණදාස කපුගේ ද රැුඳී සිටිති. කපුගේගේ සුරතෙහි රැුඳුනු මීවිත මදක් සෙල වී ගී පැදුර මත විසිර ගියත් උදා වූ රාත‍්‍රිය මනරම්ය. ඔහු බලාසිටින්නේ මළවුන්ගේ දුක් නිවන්නටය.

මේ සියල්ල සමන් කළුබෝවිලගේ තෙලිතුඩට අසුවන්නට කලින් රජී වසන්ත වෙල්ගමගේ පන්හිඳට අසුව තිබිණි. එය මෙසේය.\

 

2016-11-27-ent-117ඉතින් ආයෙමත් ලියන්න

සේකර මා ආදර කිවිඳේ

ඔහු ආවා ඔබේ ළඟට

කිරි බැබලෙන රෑ සඳ වතුරේ

 

වෙනදා වගේ කලබලයට

සර්පිනාවකුත් අරගෙන

මාස්ටර් ඇවිත් මඳ අඳුරේ

මළවුන්ගේ අවුරුදු දා

සරා සඳ බලා එන්නට

නෑගම් යමු සඳ තරු අතරේ.

 

මළවුන්ගේ දුක බලන්න

මියුරු මීවිතක් අරගෙන

ඇතෙක් වගේ ආවා කපුගේ

ජෝති ඉතින් වාඩිවෙන්න.

නොගැයූ ගීතය ගයන්න

අමරණීය මේ ගී පැදුරේ.

රජීට කතා කරන්න ඉඩ දෙමු.

 

ජගත් වික‍්‍රමනායක කියන මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා දවසක් දා මට කිව්වා පණ්ඩිත් අමරදේවයන්ට ගීතයක් ලියන්න කියලා. මොකද අමරදේවයන් ජගත් සර්ගෙ මිත‍්‍රයෙක් නිසා. ඔහු කිව්වෙ මං ලියන ගීතය අමරදේවයන් ලවා ගායනා කරවනවයි කියලා.

ඉතින් එදා රාත්තිරියෙම මම අමරදේවයන්ට ගීතයක් ලිව්වා මේ විදියට.

 

ආදරේ හිමකන්දේ

තවමත් ඇවිදිනවා මම

වයලීනයෙ මියුරු සුසුම්

පුබුදන අතරේ

සේකර මා ආදර මිතුරේ

ඔබේ අලූත් පෙම් ගීතය

එවන්න මට රෑ සඳ වතුරේ

 

2016-11-27-ent-116ඒත් මේ ගීතය අමරදේවයන්ගෙ හඬින් අහන්න මට වාසනාවක් නැතුව ගියා.

කොහොම හරි පසුගියදා අමරදේවයන්, මිය ගියාම මුළු රටම වගේ මාත් කම්පාවට පත් වුණා.

අමරදේවයන්ගෙ අවසන් කටයුතු වුණු රාත‍්‍රිය මට මහා මූසල කම්පා සහගත එකක් වුණා. ඒ රාත‍්‍රිය මට නිදිවර්ජිත එකක් වුණා. මම ඇඳේ ඒ මේ අත පෙරළි පෙරළී ඉන්න කොට හිතේ ලියැවුණු මේ පදවැල ඊට පස්සේ මම කඩදාසියක ලිව්වා.

පහුවෙනිදා පාන්දරම මම රෝහණ ධර්මකීර්තිට මේ වචන ටික ෆෝන් කරලා කියාගෙන ගියා.

එතකොට?

එතැන් සිට කතාව කිවයුත්තේ රෝහණ ධර්මකීර්තිය.

ඉතිං මම ඔහුට ඉඩදෙමි.

අමරදේව සර්ගෙ මරණය ගැන මමත් හිටියෙ කම්පාවෙන්. මම එස්.එම්.එස්. එකක් ලියලා යාලූවො කීප දෙනකුටම යව යවා හිටිද්දි රජී මට කතා කළේ.

”අමරදේව සර් ඒ ලෝකෙදි පිළිගන්න කපුගේ සර් ඇවිත් ඇති” කියලයි මම එස්.එම්.එස්. එක යැව්වේ.

මට හිතිච්ච දේම ඊටත් වඩා සුන්දර විදියට රජීට හිතිල තිබුණා. ඔහු කියාගෙන ගිය පද වලින් වසඟ වුණු මම ඊට පස්සෙ ඒ පද ටික ලියාගත්ත. ඊට දවසකට දෙකකට පස්සේ කපුගේ සර්ගෙ අම්මගෙ මළ ගෙදරට ගිය මමයි රජීව්යි දෙන්නම අපේ ගෙදර ආවා. එදා රෑ තමයි මම මේ ගීතයට තනුව දැම්මේ.

මට හිතුනා මේ සංගීතය බොහොම සංසුන් වෙන්න ඕනෙ කියලා. ඒ නිසා මම කලබලකාරී සංගීීත රිදමයක් මේකට භාවිතා කළේම නැහැ. ඊට පස්සේ ප‍්‍රශ්නෙ වුණේ කවුද මේක ගායනා කරන්නෙ කියන එකයි.

ජානක වික‍්‍රමසිංහට තමයි අපි දෙන්නගෙම පළමු කැමැත්ත තිබුණේ. පස්සෙ මම ජානකට කතා කළා.

ඒ කතාව කියන්නට ජානක වික‍්‍රමසිංහට ඉඩ දෙමු. ‘‘මේ සිංදුවෙ වචන ටික දැකපු ගමන්ම මට ඇඬුණ. මොකද හේතුව ඒ වෙනකොටත් අමරදේව සර් නැති වියෝවෙන් මං කම්පිතව සිටි නිසා. මුලින්ම කපුගේ සර් නැති වුණාම මට ලොකු කම්පනයක් දැනුණේ. ඒ තරම්ම කම්පනයක් තමයි අමරදේවයන්ගෙ වියෝවෙනුත් මට දැනුණේ.

2016-11-27-ent-115මේ ගීතයෙ අමරදේවයන් සමග තවත් ප‍්‍රාඥයන් පස්දෙනෙක් ගැන කතා කරනවා. නමුත් මේ කතාවෙන් ඔවුන්ට අවමානයක් දැනෙන්න ඉඩක් තිබිය යුතු නෑ...

මම මේ පදමාලාව නැවත නැවතත් කියවලා බැලූවෙ එයින් මේ පිරිසට කිසියම් අවමානයක් වෙයිද කියලයි. නෑ එහෙම දෙයක් නෑ. රජී මේ ගීතය ලියලා තියෙන්නෙ හැබෑම ආදරයෙන්... රෝහණ තනුව දාලා තියෙන්නෙත් ආදරයෙන්. ඉතින් මමත් ඉතාම ආදරයෙන් මේ ගීතය ගායනා කළා. මේ පිරිස සැබෑම රසවතුන්. මළවුන්ගේ ලෝකයක් තියෙනව නම් ඔවුන් එකතුවෙලා ගී පැදුරක් එළාගෙන මෙලහටත් අලූත් අලූත් නිර්මාණ කරනවා ඇති. අපි එහෙම හිතන එක ඒ අයට කරන අවමානයක් නෙමෙයි.

මේ සිංදුව රෙකෝඞ් කළාට පස්සේ යාළුවො අතරේ ෆේස් බුක් ඔස්සේ හුවමාරු වුණා. ලැබුණු ප‍්‍රතිචාර ඉතා ඉහළයි. දැන් ශදමඑමඉැ ඔස්සේ සේකර මා ආදර කිවිඳේ නමින් මෙය බලන්න අහන්න රසවිඳින්න පුළුවන්.

රජී රෝහණ සහ ජානක කියන්නේ එසේය.

මමද දෙතුන් වරක් සවන් දුනිමි. මට මැවී පෙනෙන්නේම අමරණීය ගී පැදුර මත ඇරඹෙන සංගීත සාජ්ජයයි.

 

ආරිච්චි බෝරිච්චි

කම්බිකූරු බෝල මාල

ඒත් අතට මේත් අතට

අඟර දඟර සරුංගෝල

 

ශාන්ත කුමාර විතාන

 



අදහස් (0)

ඉතින් ආයෙමත් ලියන්න සේකර මා ආදර කිවිඳේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 654 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site