(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටියෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ බව කියන ධීවරයකු කිලෝ මීටර් 30ක් දුරට පිහිනා මන්නාරම වෙරළ තීරයට පැමිණ සිටියදී ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කළ බව බව පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ කල්පිටිය ආණවාසල ජනසවිපුර පදිංචි එම්මානුවෙල් දිලාන් කොස්තා නම් එක් දරු පියෙකි.මොහු කිලෝ මීටර 30 කට ආසන්න දුරක් මුහුදේ පිහිනා මෙසේ වෙරළ තීරයට පැමිණ ඇත.
මෙම ධීවරයා පසු ගිය 9 දින රාත්‍රියේ තවත් ධීවරයකු සමග මුහුදට ගොස් ඇති අතර මුහුදේ කිමිදී මසුන් මරණ අතර මේ ධීවරයා අතුරුදහන්ව තිබිණි. ඔහුගේ සහායක ධීවරයා 10 දින රාත්‍රියේ ධීවර යාත්‍රාව සමග තනිව ගොඩ බිමට පැමිණ මේ බව දන්වා ඇත
කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි..!!!
මේ මනුස්සයා පීනලා එනකම් එක බෝට්ටුවක්වත් ගියේ නැද්ද හොයලා බලන්න?.
හිතට සතුටක් ඇතිවන පුවතක්... ඔබට ජේසු පිහිටයි ...!
මේ මනුස්සයා පීනලා හෝ ආවේ නැතිනම් අර අනික් මනුස්සයාව මිනීමැරුමකට සැක කරන්න වුණත් පුළුවන් කමක් තිබුණා. බුදුසරණයි..!!!