( දයාසීලී ලියනගේ)
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් ලක්ෂ පහමාරකට ආසන්න පිරිසකට පළමු මාත්‍රාවෙන් මාස තුනකට අධික කාලයක් ගතවනතුරු දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීම නිසා එම එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණය පිළිබඳ පවතින බලය ඉවත්වී තිබේද යන්න ගැන සැක මතුව ඇති බව වාර්තාවේ.
මාස හයක කාලයක් මෙම පළමු මාත්‍රාවේ ප්‍රතිශක්තිකරණය රඳාපවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇතත්, වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ පළමු මාත්‍රාව ලබා දී දින 75 කින් ප්‍රතිශක්තිය හීන වී යන බවය.
කෙසේ වුවද ජපානය ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 14 ක ප්‍රමාණය ලැබුණු වාහාම ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබානොදුන් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
COMMENTS
ජපාන මාත්‍රාවලින් ලක්ෂ 11 ක් වෙන් කරගෙන එම ලක්ෂ 5 1/2 ට ඇස්ට්‍රා සෙනිකා 2 හා 3 මාත්‍රා දුන්නොත් වැරැද්ද හදා ගන්න පුලුවන්.
සෞඛ්‍ය අමාත්‍යාංශය එකක් කියනවා, දොස්තරලා එකක් කියනවා.., ඇමැතිවරු 03 දෙනා තව එකක් කියනවා. මේ හැමෝම සෙල්ලම් කරන්නේ රටේ අහිංසක ජනතාවගේ ජීවිතත් එක්ක නේද?
අනේ..!!! මන්දා මේ රටේ වැඩ. විරුද්ධ පක්ෂය පැත්තේ අය පාර්ලිමේන්තුවේදී මොන තරම් කිව්වද, මුලදීම මේ එන්නත් ගෙනත් විදිමු කියලා. ඒත්, මතකද වාසුදේව ඒ ගැන උඩ පනිමින් විරෝධය දැක්වූ හැටි... කෝ අද ඒ ගැන ඔහු හෝ විරුද්ධ වෙච්ච කිසිවෙක් කිසිඳු වගකීමක් ගන්නේ නැහැ. ඒවා කිසිවක් ඔවුන්ටත්, මේ රටේ බොහෝ දෙනාටත් මතක නැහැ. එහෙම තමයි මේ රටේ අයගේ හැටි. එදා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වූ අදහස්වල වටිනාකම වාසු ඇතුළු එන්නත් ගේන්න විරුද්ධ වූ කිසිවෙකුට මේ පාර්ලිමේන්තුවේ සිටිමින් ජනතා මුදලින් නඩත්තු වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. එදා මේසන් බාස්ලා පස්සේ හා මුට්ටි පස්සේ දිව්ව අය නිසා රටේ ජනතාවගේ එන්නත් පිළිබඳ විශ්වාසය අඩුවුණා. ඒත්, අද ඒ අයම රටට එන්නත් ගැන පම්පෝරි කතා කියනවා. එයින් එක්කෙනෙක් තමයි වාරකන් කාලෙට කැස්බෑවන් ඇවිත් ගල්පරවල වැදී මැරෙනවා කිව්වේ. මෙන්න මේ වගේ බොළඳ අය තමයි මේ පාලන තන්ත්‍රයේ රැඳී සිටින්නේ. අපෙත්, රටේත් කරුමයම තමයි. රට නංවන්න ඩොලර් කෝටි ගණන් ආධාර මුදල් ලැබුණා. ඒවා යටිමඩි ගහගෙන ඉන්නේ නැතිව, රටට ඇතිවෙන පමණට එන්නත් ගෙනැවිත් විදින්නේ නැත්තේ ඇයි?
ස්පුට්නික් එන්නත ලබාදුන් අයට මොකද කරන්නේ? එහි දෙවන මත්‍රාව තවම ඇණවුම් කරලත් නෑ. නොමිලේ ලැබුණු මොඩර්නා එන්නත දැන් ලබාදෙන්නේ දෙවන මත්‍රාවට අවශ්‍ය ප්‍රමාණය තියාගෙනද කියලත් පැහැදිලි නෑ...
සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි ඕකේ දෙවෙනි මාත්‍රාව ලැබිලා නැතිව අවදානමේ ඉන්නේ.. දේශපාලුවන්, රජයේ ඉහළ නිලධාරින්, පවුල්වල අය.., ඔක්කොම ඔකේ දෙකම වෙලාවට ගහගෙන ඉන්නේ..., ඔන්න ඕක තමයි අපේ රටේ තත්වේ...
ඔය දිශාවල ඉන්න ලොක්කෝ මොනවද දන්නේ...? අපේ ජ‘පුරේ ඉන්න විද්වතෙක්ගෙන් අහලා බලන්න.
එම පිරිස අතුරින් තෝරාගත් පිරිසකගේ ප්‍රතිශක්තීකරණය පරික්‍ෂා කර බලා, එය අඩුවී ඇත්නම් ඉදිරියේ දී ලැබීමට නියමිත එන්නත් වලින් මාත්‍රා දෙකක් නැවත ලබාදීමට කටයුතු කිරීම වඩාත් සුදුසු වේ...
ඒ වුණාට අපි නේද හොඳටම කළා කියලා අරයා කිව්වේ... කතාව නම් එහෙමයි, හැබැයි එන්නත් ටික කළමනාකරණය කර ගන්න බැහැ. විලි ලැජ්ජාවේ බෑ...
ස්පුට්නික් එන්නත ලබාදුන් අයට මොකද කරන්නේ? එහි දෙවන මත්‍රාව තවම ඇණවුම් කරලත් නෑ...
ලොකුකම් පෙන්වලා, පෝලිම් පැනලා අනිත් අයට මොකක් වුණත් කමක් නැහැ. තමන් විතරක් ජීවිතය බේරාගන්න උත්සාහ කළ අයට හොඳම වැඩේ... පිනට ලැබුණු එන්නත වත් පිළිවෙලකට විදගන්න බැරි තවත් ජාතියක් මේ ලෝකයේ ඉන්නවාද කියලයි හොයාබලන්න ඕනෑ. ඒ වුණාට කටවල් වල පම්පෝරිය නම් බලන්න එපැයි... නේද?
දැන් සති ගාණක ඉඳන් කියන්නේ ජපානයේ ඉඳන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ලංකාවට එනවා කියලා. මට හිතෙන්නේ ජපානයේ ඉඳන් ඔරුවල තියා ගෙන, හබල් ගගාද දන්නෑ ඒවා ලංකාවට ගෙන එන්නේ කියලා!!! මේ රටම දැන් එකම එක විහිළුවක්. අරාජික ලන්තයක් වෙලා තියෙන්නේ. ජනාධිපති එකක් කියනවා. හමුදාපති තව එකක් කියනවා. ඇමතිවරු වෙනවෙන විකාර කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන එකක් කියනවා. වෛද්‍යවරු එකිනෙකට පරස්පර විරෝධී දේවල් කියනවා. රටේ මිනිස්සු අසරණයි. වල්මත් වෙලා ඉන්නේ... හෙට දවස කියන එක ඔළුවලින් සම්පූර්ණයෙන් ඈත් වෙලා තියෙන්නේ... මොකද අද දවසේ ජීවත් වෙන එකත් පුදුමාකාර අභියෝගයක් හින්දා... වෛරසයෙන් මිනිස්සු මැරෙන ගාණ කිසි අඩුවක් නෑ. හරියට පරීක්ෂණ කරනවා නම් තාම දවසකට 3000 කට එහා රෝගීන් හම්බ වෙනවා...
සෞඛ්‍ය අධ්‍යක්ෂක කිව්වා මේ සතියේ එනවා කියලා. චන්න කියනවා තව පරක්කු වෙනවලු. දොස්තරලයි VIP අයයි දෙකම ගහගෙන, අත්‍යවශ්‍ය අයට මුකුත් නෑ. කිසිම දෙයක් කරගන්න බෑ. නිකන් ලැබුන දේ හරියට ගහගන්න බෑ. Pfizer ගෙනල්ල ඔක්කම VIP ගහනවා. අසරණ ජනතාව, අම්මලා තාත්තලාට හුලං. AZ එකක් ගහලා බලාන ඉන්නවා!!!! කාලකණ්ණි ආණ්ඩුව වියත් මග අදම ගෙදර යවමු. අපි එකා වගේ පාරට බහිමු. මෙහෙම කාලකණ්ණි වැඩ කරන්න ආණ්ඩුවක් ඕනද. ගෙදර පල! පව් නොදී ගෙදර පල!! ගෙදර පල!!!