රංජන් කස්තුරි
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් ලේඛන අනුව එම නම් හෙළි කරන බවද කතානායකවරයා කීවේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සමඟ දුරකතන සංවාද පැවැත්වූ මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනය තමාට ලබා දෙන්නැයි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙන අතර එය ඉක්මනින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇලෝසියස් එක්ක කතා කළ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ගේනවා - කතානායක
faizer Sunday, 03 June 2018 10:09 AM
බලමු අපිට ආදරේ කරන අපිටම සේවය කරන්න දගලන ජනතාවාදී, සමාජශීලි ආදර්ශවත් උත්තමයාණන්ලා ගොඩ...
sena Sunday, 03 June 2018 11:07 AM
සිංදුව මාරුවෙලා, කලින් කිව්වේ සල්ලි ගත්ත 118 කියලා නේද?
rama Sunday, 03 June 2018 11:10 AM
දැන් හදන්නේ සල්ලි ගත්ත අයගේ නම් නැතුව කෝල් ගත්ත අයගේ නම් දෙන්න වගේ.
Raveendra Sunday, 03 June 2018 11:21 AM
මේ නොකියා කියන්නේ ගනුදෙනුවේ අඩු වැඩිය ගැන කතාකිරීමත් සාකච්ඡාවෙන් වැඩි මුදලක් ඉල්ලපු අයගේ නම් නොවේද ?
Hafeel Sunday, 03 June 2018 11:23 AM
කොහෙද යන්නේ මල්ලේ පොල්..............සල්ලිගත්ත නම් ලැයිස්තුව වෙනුවට දුරකථන හුවමාරු ලැයිස්තුව ඉදිරිපත් කරන්නේ...................
saman Sunday, 03 June 2018 11:24 AM
අපිට කෝල් ගත්ත අයගේ නම් වැඩක් නෑ. ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත අයගේ නම් ජනතාවට හෙළි කරන්න. මොකද ඔය කොමිසම ජනතාවගේ බදු සල්ලි කෝටි ගානක් වියදම් කරලා ගෙනාපු එකක්. ඒක නිසා ජනතාවට ඒකෙ තොරතුරු දැනගැනීමේ අයිතියක් තියනවා
jayantha Sunday, 03 June 2018 01:58 PM
අපිට ඕනේ සල්ලි ගත්තු අය ටික මිසක් කෝල් ගත්තු අය නෙමෙයි
manoj Sunday, 03 June 2018 04:03 PM
අස්සයා ගියා මහත්වරුනි ඉස්තාලේ වහල වැඩක් නෑ. මොනවා කලත් ඔබතුමාලාට බලයේ ඉන්න ලැබෙන්නේ මේ අවුරුදු කීපය පමණයි.
Ruwan Sunday, 03 June 2018 04:52 PM
කොහොම කොහොම හරි කට්ටිය ඔක්කොම එකතු වෙලා ඇලොසියස්ව ඉක්මනට නිදහස් කර ගන්නවා. ඒක තමයි වෙන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
ruwan kotuwelle Sunday, 03 June 2018 07:02 PM
කතා කල ලිස්ට් එකේ කිසි තේරුමක් තියනවද. ඒගොල්ල කියයි ඔව් කතා කළා මන් බෑ කිව්වා කියල. සල්ලි ගත්ත අයව හෙළිදරව් කරන්න ඕන............
faizer Sunday, 03 June 2018 07:38 PM
දත්ත ගබඩාව ගිනි ගනීද දන්නේ නැහැ පාර්ලිමේන්තුවට එන්න ඉස්සර...සල්ලි ගත්ත අය නම් මේ කපේදී දැනගන්න ලැබෙන්නේ නැහැ...
P Ilangaratne Sunday, 03 June 2018 10:51 PM
සල්ලි දීපු කෙනා ඇතුලේ. ගත්තු අය එළියේ. සතුටුයිද දැන්. 77න් පස්සේ ආපු හැම කෙනාම කලේ හොරකම.
Ranjith Silva Monday, 04 June 2018 01:06 AM
සල්ලි ගත්ත අයගේ ලැයිස්තුව දෙන්න වෙනවා. දැන් නම් කාලේ ඉවර වෙලා ගෙදර යන්නම වෙනවා.
faizer Monday, 04 June 2018 01:25 AM
සමන්... ප්‍රේක්ෂක ප්‍රතිචාර මත තැටිය මාරු කලෙමි.
rocky Monday, 04 June 2018 03:05 AM
කතා නායක තුමා ගේ නමත් අර කියපු ලයිස්තුවේ තියනවා නම් කොහොමද ඒක එලියට දාන්නේ? බාග වෙලාවට ජනාධිපති තුමාගේ නමත් ඇති.
ජගත් ලියනගේ Monday, 04 June 2018 03:17 AM
පරිස්සමින් කරන්න . ඔබතුමාගෙ නමත් තියෙයි ද දන්නේ නැහැ ඔය ලැයිස්තුවේ .
Perera Monday, 04 June 2018 03:33 AM
ඔය මොනවා හෙළි කලත් ඔය අයට ආපසු ඡන්දෙ දීල පාර්ලිමේන්තු අරින්න තරම් අපේ රටේ බොහොම බුද්ධිමත් ජනතාවක් ඉන්නවා.