IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇයි මහේෂි එක්කම වැඩිපුර රඟපාන්නේ

අමිල අබේසේකර කාලයක පටන් ජනප‍්‍රියත්වය එකසේ රැකගෙන ඉන්න නළුවෙක්. අමිල රඟපාන ‘‘ෆේස්බුක්’’ ආදර දෑසක් වාගේ ටෙලි නාට්‍ය මේ දිනවල දැකගන්න පුළුවන් මෙවර ඇත්තම කියන්න කතාබහට අපි එක්කර ගත්තෙ අමිලවයි. අමිල රඟපාන අලූත්ම ටෙලිනාට්‍යය රිදීපහක් දෙසැම්බර් 01 වෙනිදා සිට විකාශනය වෙනවා.

 

qwgg
button අමිලගෙ රැකියාවද? විනෝදාංශයද? කියන්න රඟපෑම?
‘‘මම රඟපෑමත් එක්ක ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක්. මොනම මොහොතකවත් විනෝදාංශයක් විදිහට රඟපෑමෙ යෙදෙනවා කියලා කියන්න මම කැමති නෑ... රඟපෑම නිසා තමයි මගේ ජීවිතයට බොහෝ හොඳ දේවල් ලැබුණෙ. අවුරුදු දාහතක් තිස්සෙ මම රඟපානවා. ඒත් අපේ රටේ තත්ත්වය අනුව රඟපෑමෙන්ම ජීවත්වෙන්න අපහසුයි. මේ ඉන්දියාවෙනම් ඔන්න රඟපෑම පමණයි වෘත්තිය කියල කියන්න පුළුවන්.


button රඟපෑම නිසා අමිලගෙ ජීවිතයට ලැබුණු ඒ බොහෝ හොඳ දේවල් අතරේ වඩාත්ම හොඳ දේ මොකක්ද?
‘‘මගේ විවාහය.. තේජාව මම මුලින්ම අඳුන ගත්තෙ මගේ රසිකාවියක් විදිහටයි. එයා කැමතිම නළුවා මම වුණා’’


button දැන් විවාහවෙලා අවුරුදු කීයද..?
‘‘අපේ වෙඩින් එක ගත්තෙ 2010 අවුරුද්දෙ ඒත් අපි දෙන්න එන්ගේජ් වෙලා හිටපු කාලේ එක්ක බලද්දි ලබන අවුරුද්දේ මාර්තුවලට අවුරුදු දහයක් වෙනවා.’’


button විවාහයට පස්සෙ ජනප‍්‍රියත්වය අඩුවෙනවා කියන එක අමිලට බලපාල තියෙන්නෙ කොහොමද?
‘‘ඒක තනිකරම බොරුකතාවක් ජනප‍්‍රිය නැති අය හදාගත්ත කතාවක්. ජනප‍්‍රියත්වයට විවාහයට නොවෙයි බලපාන්නෙ.. තමන්ගෙ දක්ෂතාවයත් හා කලා ලෝකය තුළ තමන් පය ගහල ඉන්න විදිහයි’’


button අමිලගෙ බිරිඳ රූමත් ගුවන් සේවිකාවක්... ඇයි එයාව ඔබගේ ටෙලි නාට්‍යයකටවත් සම්බන්ධ කර නොගන්නෙ..?
‘‘තේජාට රඟපෑම කෙරෙහි උනන්දුවක් නෑ.. ඒ වගේම එයාගෙ රැකියාවත් එක්ක ඒ වෙනුවෙන් කාලයකුත් නෑ.. ඒත් අපි දෙන්නා එක වෙළඳ දැන්වීමකට නම් පෙනී හිටියා.’’


button ඔබත් එක්ක රඟපාන නිළියන්ගෙන් ඔබේ බිරිඳ තේජා කැමතිම නිළිය කවුද?
‘‘..  එයා එහෙම විශේෂයෙන්ම කැමැත්තක් දක්වනවා කියලා කෙනෙක් නෑ.. ඒත් එයා මම රඟපාන ටෙලි නාට්‍ය අනිවාර්යෙන්ම නරඹන නිසා මෙන්න මේ අය හොඳයි කියලා කියන කීපදෙනෙක් නම් ඉන්නවා.”


button ඒ හොඳයි කියලා කියන අය අතරෙ මුලින්ම ඉන්න අය කවුද?
‘‘.. මම හිතන්නෙ එහෙම නම් කියන එක හරිමදි කියලා’’


button මෑත කාලේ අමිල වැඩිපුරම රඟපෑවෙ මහේෂිත් එක්කයි. ඇයි මහේෂිවම තෝරාගන්න හේතුව..?
‘‘ඇත්තෙන්ම මහේෂි ටෙලි නාට්‍යවලට සමබන්ධවුණෙත් මම නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍යයකින්. ඊට පස්සෙ ටෙලි නාට්‍ය පහක විතරම අපි දෙන්නා තමයි එකට රඟපෑවෙ.. ඒක මගේ කැමැත්ත නිසාම සිද්ධවුණ දෙයක් නෙවෙයි... අපි දෙන්නට තමයි ආරාධනා ලැබුණෙ..’’


button මහේෂියි ඔබේ බිරිඳ තේජායි යාළුවෝද?
‘‘ ඔව් ... දෙන්නගෙ හිතවත්කමක් තියෙනවා.. නිතර හමුනොවුනත් ෆේස්බුක්වලින් එහෙම දෙන්නා නිතරම ‘‘චැට් කර ගන්නවා’’


button ප‍්‍රතිචාරත් එක්ක බලද්දි..රඟපෑමේදී ඔබට වැඩියෙන්ම ගැලපුනේ උපේක්ෂාද (පබාද) නැත්නම් මහේෂිද?
‘‘උපේක්ෂාත් එක්ක මට රඟපාන්න ලැබුණේ ‘‘පබා’’ ටෙලිනාට්‍ය විතරයි. ‘‘පබා’’ කියන්නෙ අති විශාල ජනප‍්‍රියත්වයක් ලබපු ටෙලි නාට්‍යයක්නෙ. හැබැයි ඊට පස්සෙ මට එක දිගටම ටෙලි නාට්‍ය කිහිපයකම මහේෂිත් එක්ක රඟපෑමට ලැබීමටත් ප‍්‍රතිචාර බලපාන්න ඇති. ඒ විදිහට බලද්දි ඒ දෙන්නම රඟපෑමේදී මට ගැලපෙනවා ඇති.’’


button පබා ටෙලි නාට්‍යයෙන් පස්සෙ ඔබ උපේක්ෂාත් එක්ක රඟනොපාන තීරණයක හිටියා නේද? තාමත් ඒ තීරණය එහෙමද?
... නෑ මම නම් එහෙම තීරණයක හිටියෙ නෑ. මට ආරංචි වුණ විදිහට උපේක්ෂා තමයි ඒ වගේ තීරණයක ඉඳලා තියෙන්නෙ.. ‘‘පබා’’ ටෙලි නාට්‍යයෙන් පස්සෙ අපි දෙන්නට තවත් ටෙලි නාට්‍ය දෙකකට කතා කරලා තිබුණත්.. ඒ අවස්ථා මඟ ඇරෙන්න උපේක්ෂාගෙ ඒ තීරණය බලපාන්න ඇති. උපේක්ෂා රඟපාන්න අකමැති නළුවන්ගෙ ලිස්ට් එකේ මමත් ඉන්නවා කියලයි ඒ කාලෙ දැනගන්න තිබුණෙ.’’


button මෑතකාලෙ රඟපාන්න ආපු නළුවො ඔබට අභියෝගයක් නෙමෙයිද?
‘‘.. නෑ.. මට එහෙම අභියෝගයක් නම් නෑ.. කොහොමටත් මේ කේෂ්ත‍්‍රයෙ කාටවත් එක දිගට රැුඳිලා ඉන්නත් බෑනෙ.. අලූත් මුහුණ එනවා.. ඒ අයට ඉඩ ලැබෙනවා..  ඒ තත්ත්වය තේරුම් අරගෙනයි මම ඉන්නෙ. තාමත් මට රඟපාන්න ලැබෙන ආරාධනාවලනම් අඩුවක් දැනෙන්නෙ නෑ’’.


button මෑතකාලෙ ආපු ඒ සමහර නළුවො තනිකරම නටන්නෙ පිස්සු කියල හිතෙන අවස්ථා නැද්ද?
‘‘අනිවාර්යෙන්ම එහෙම හිතෙන අවස්ථාත් තියෙනව..’’


button ඇයි එහෙම වෙන්නෙ...?
‘‘ ඒක තමයි හිතාගන්න බැරි... සමහර අය එන මුල්කාලෙදි හරිම හොඳයි. හරිම නිහතමානියි. ඒත් චරිතයකින් දෙකකින් ජනතාව අතරට ගියාට පස්සෙ... එයාල තමයි ‘‘අයියලා’’ මුල් කාලෙ ‘‘අයියා’’ මචං කියපු අය ඊට පස්සෙ ඇවිදින්නෙත් පොලොවෙන් අඟල් ගාණක් ඉහලින් මට හිතෙන විදිහට එක්කෝ එහෙම වෙන්නෙ.. එායලම ඇඳගන්න නිසා.. එහෙමත් නැත්නම් වෙනත් අය එයාලව ‘‘අන්දන’’ නිසයි. හැබැයි ඒ වගේ බොළද ‘‘ෂෝ’’ වලට වැඩි ආයුෂක්නම් නෑ.


button ළඟඑන මැතිවරණයේදී දේශපාලන වේදිකාවට ගොඩවෙන්න එහෙම අදහසක් නැද්ද?
නෑ.. කිසිසේත්ම නෑ..


button ඔබ ළඟින් අසුරුකරන දේශපාලනඥයො ඉන්නවද?
ළඟින්ම නොවුනත් හිතවත්කම් තියෙන අය කීපදෙනෙක්ම ඉන්නවා. අපේ වෙඩින් එකටත් මම දේශපාලකයින් දහඅට දෙනෙකුට ආරාධනා කෙරුවා. ඒ හිතවත්කම් මත පමණයි.


button අමිල තාත්තා කෙනෙක් වෙලා... තේජා අම්මා කෙනෙක් වෙන දවසට තව කල් තියනවද?
‘හැම දෙයක්ම හොඳ විදිහට සිද්ධ වුණා වගේ ඒ වාසනාවන්ත මොහොතත් වාසනාවන්ත විදිහටම සිද්ධවෙයි. අපේ ජීවිත සම්පූර්ණ වෙන්නෙ එතකොටයි.
 


m



අදහස් (0)

ඇයි මහේෂි එක්කම වැඩිපුර රඟපාන්නේ

ලක්මාල් නිරෝෂා Friday, 05 December 2014 07:19 AM

ඔබ හොද නළුවෙක්. සුබ පතනවා. (හේ)

:       0       0

ලසන්ති වාසනා Friday, 05 December 2014 07:22 AM

සුබ පතනවා අයියේ.....තව තව හොද චරිත කරන්න. ඔයයි ඔයාගේ අක්කයි හරිම ලස්සන දෙන්නෙක්. අපි ආසයි ඔයාගේ රඟපෑම් බලන්න. හැබැයි එකවගේ ඒවායේ නම් ඉන්න එපා. (හේ)

:       0       0

ජෙහාන් Friday, 05 December 2014 07:24 AM

ඔයා ඉතා හොඳ පවුල් ජීවිතයක් ගතකරන හැමවිටම බිරිඳ ගැන සිහි කරලා කතා කරන නළුවෙක්. ඇත්තටම සුබ පතනවා ඔයාට.(හේ)

:       0       0

දුම්මලසූරිය Thursday, 04 December 2014 05:42 PM

අමිල මමත් කැමති රංගන ශිල්පින් අතර ඔබ ප්‍රමුඛයි..ඔබේ රගපෑම් මම රස විදිනවා. ඒ වගේම ඔබ තාත්විකව ඔබේ රගපෑම කරනවා...ඔබට ඔබේ රංගන දිවියට හදවතින්ම සුබ පතනවා.....(දිල්)

:       0       0

ශ්‍රීනා මාග්‍රට් Thursday, 04 December 2014 10:25 PM

මමත් හරිම කැමති නළුවෙක්. ඔබට ජය! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 04 December 2014 12:52 PM

ඔබ විජයට පසු දකින්න ලැබෙන පියකරු, සිත්ගන්නා සුළු නළුවෙක්. ඔබගේ ක්ෂේත්‍රයේ සමහරුන් රසිකයන් අමතක කර, සහෝදර නළුවන් පාවාදුන්නා. ඔබ එසේ නොකර මනා රංගන පෞරුෂයකින් රට බබළවන්න. ගාමිණී, මාලිනී, විජය, ජෝති කාලය මෙන් සිනමාව ජන සමාජයේ කොටසක් කරන්න දායක වන්න. (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 04 December 2014 09:24 AM

ලංකාදීප තව පින්තුර ට්කක් දැම්මා නම් තමයි හොඳ. (නදී)

:       0       0

ගුණවතී Monday, 08 December 2014 02:22 AM

මම කැමතිම නළුවා ඔබයි. (නි)

:       0       0

රමණී Thursday, 04 December 2014 09:33 AM

මම කැමතිම නළුවෙක් (නදී)

:       0       0

කුමාරි Thursday, 04 December 2014 01:26 PM

හොඳ දක්ෂ නළුවෙක්.හැබැයි එක දෙයක් කියන්නම්.ඔබ රගපාද්දී විවිධ චරිත රඟපානවා බලන්න මම හරි කැමති.අනාගතයට සුබ පතනවා!(දිල්)

:       0       0

හසිනි Friday, 05 December 2014 01:54 AM

ඔබ ඔබේ ගරුත්වය තියාගෙන, පවුල් ජීවිතයත් යහපත්ව පවත්වාගෙන යනගමන් රඟපාන නළුවෙක්. ප්‍රසිද්ධියේ සෙසු නිළියන් සමඟ කෙහෙවලු පටළවා ගන්න කට්ටිය නම් ආශ්‍රයට ගැනීම ඇඟට ගුණ නැහැ. (නි)

:       0       0

සෙත්මි Thursday, 04 December 2014 01:29 PM

හරිම නිහතමානි අවංක නළුවෙක්.මම ගොඩාක් ආදරය ක‍රන නළුවෙක්.ඔබ රගපාන සියලුම ටෙලි නාට්‍ය නොවරදවාම බලනවා.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා .(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site