
ඇමෙරිකා එක්සත් ජනපදය සිය 250 වැනි උපන් දින සැමරුම මහ ඉහළින් සැමරුවේය. දැඩි උණුසුම් කාලගුණයකින්, ඇමෙරිකන් වැසියන් පීඩා විඳිමින් සිටියත්, ඔවුහු සැමරුම් උත්සවවලට සහභාගී වූහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපද 50 පුරාම සුවිශේෂී සංස්කෘතික සංදර්ශන, පෙළපාලි, ගිනිකෙළි සංදර්ශන සහ අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කර තිබුණු බව මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රධාන සැමරුම් උත්සවය ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේ වොෂින්ටන් අගනුවරදීය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි කරමින්, විශේෂ කතාවක් ද පැවැත්වීය. ට්‍රම්ප් සිය කතාව පවත්වද්දී, ඇමෙරිකන් ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා ඉහළින් පියාසර කරන්න විය.
ලොව ප්‍රමුඛතම ආර්ථික හා දේශපාලනික බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ උපන් දිනය යෙදී ඇත්තේ එරට නිදහස් දිනය වන ජූලි 4 වැනිදාය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිත පාලනයෙන් මිදී නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1776 ජූලි මස 4 වැනිදාය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරම්භය එයයි. එදා බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව ඇමෙරිකානු වැසියන් දියත් කළ දීර්ඝ නිදහස් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස තෝමස් ජෙෆර්සන් ඇතුළු දේශප්‍රේමීන් විසින් ‘නිදහස් ප්‍රකාශනය’ අත්සන් තබන ලද්දේ පිලඩෙල්ෆියා නුවරදීය.
එතැන් පටන් ගතවූ ශතවර්ෂ දෙකහමාරක කාලය තුළ, විවිධ අභ්‍යන්තර සිවිල් යුද්ධ, ආර්ථික කඩා වැටීම් සහ ලෝක මහා සංග්‍රාමයන්ට මුහුණ දෙමින්, ලෝකයේ බලවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය බවට පත්වීමට ඇමෙරිකාවට හැකි විය.
මෙම ඓතිහාසික සන්ධිස්ථානය වෙනුවෙන් වත්මන් ඇමෙරිකානු රජය (ට්‍රම්ප් පරිපාලනය) ‘ඇමෙරිකා 250’ යන නමින් විශේෂ ජාතික වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ. සැමරුම් උත්සව පැවැත්වූයේ ද ඊට සමගාමීවය. පිලිඩෙල්පියා නගරයේ මෙන්ම නිව්යෝර්ක් නගරයේ ද විශේෂ සැමරුම් උත්සව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd