IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකාව ඉරානයට ගුවනින් පහර දෙයි

ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් ඇමෙරිකන් හමුදා ගුවනින් බෝම්බ දැමීම ආරම්භ කර ඇත.

ඇමෙරිකාව මෙසේ ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර  බෝම්බ දැමීම සිදු කර ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අණ පරිදිය.

ඇමෙරිකාව මෙම ප්‍රහාරය සඳහා B-2 නමැති යාන යොදාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

B-2 නමැති මෙම බෝම්බ ප්‍රහාරක යානා ‍ෙ බංකර් බ්ලාස්ටර් නමැති ඇමෙරිකාවේ බෝම්බ රැගෙන යා හැකි‍ෙ ගුවන් යානවෛ්.  ඇමෙරිකාව අද අලුයම ඉරානයට එල්ල කළ ප්‍රහාරයට  භාවිතා කර ඇත්තේ මෙම ගුවන් යානා බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකා ජානාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රහාරයෙන් පසු  සටහනක් තබමින්  පවසා ඇත්තේ ප්‍රහාරයෙන් පසු සියලුම  යානා ආරක්ෂිතව ආපසු යමින් තිබෙන බවයි.   

 

 



අදහස් (9)

ඇමෙරිකාව ඉරානයට ගුවනින් පහර දෙයි

Krishan Sunday, 22 June 2025 08:14 AM

ඇමරිකාව ආවා කියන්නේ ඉතිං සොරි තමයි. අපිට රුසියාව, චීනය, උතුරු කොරියාව, ඉරානයට උදව් කරනවා... තෙල් ටික අපිට සොරි වෙනවා හඳුන්නෙත්ති කිව් විදියට නම් ඇමරිකාව ලෝක බලවතාගෙන් වැටෙනකොට අපි ලෝකේ බලවතා වෙනවා කියලා... එහෙම වෙනවා නම් ගොඩාක් හොඳයි අපි බලමු ඉතින්...

:       2       7

nimalSunday, 22 June 2025 05:12 PM

ඇමෙරිකාව ඉරානයට ගුවනින් පහරදීම (ප්‍රහාර 3ක්) ඉරානය සාකච්ඡා සඳහා යොමුකර ගැනීමක් බව කියා සිටි. Israel ප්‍රහාර නවත්වන තුරු සාකච්ඡා සඳහා නොපැමිණෙන බව ඉරානය කියා සිටියි. ගල්ෆ් රටවල් සහ ඇමෙරිකානු මැදිහත්වීමක් කළයුතුම වේ. ගල්ෆ් රටවල් සහ රුසියාව අතරද දැඩි මිතුරුකමක් පවතී ඇමෙරිකාව, චීනය, එක්සත් රාජධානිය, ඇතුළු ධනවත් රටවල් ගණනාවක් ගල්ෆ් කලාපයේ ආයෝජනය කර තිබේ. එම නිසා ඊශ්‍රායල් ප්‍රහාර නවත්වා සාකච්ඡා සඳහා දෙපාර්ශවයට බලපෑම් කිරීමට එම රටවලට හැකියාවක් තිබේ.

:       0       1

Nickon Sunday, 22 June 2025 08:17 AM

ඉක්මනින්ම ජය ලැබේවා. ආගමික අන්තවාදයට තිත තැබීම හැම සාමකාමී මිනිහෙකුගේම ප්‍රාර්ථනාවයි. ත්‍රස්තවාදීන් නොවන මුසල්මානුවන් සහ ත්‍රස්තවාදයට උඩගෙඩි නොදෙන අය රෙදි කරට ගැනීමට අවශ්‍ය නැත.

:       7       16

Perera Sunday, 22 June 2025 08:23 AM

මෙදාපාර කවුරු කවුරුත් හොඳ හැටි කන්න වගේ යන්නේ...

:       3       7

Asela Sunday, 22 June 2025 11:06 AM

ඉරාන-ඊශ්‍රායලය, පලස්තීනය හෝ මැදපෙරදිග යුද්ධයක් නොතිබුනේ නම්, අප වැනි කුඩා රටවල දේශප්‍රේමී නොවන බලවේගවලට බිලියන ගණනින් අරමුදල් ලැබෙන අතර මෙම බලවේග මෙම භූමියට, දේශපාලනික භූ දර්ශනයට සහ ආගමට කිසිදා නොවූ විරූ ලෙස හානි කරනු ඇත. පසුගිය වසරවල ශ්‍රී ලංකාවේ සමහර මෙගා පක්ෂවලට අරමුදල් ලබා දුන් ආකාරය සිහිපත් කරන්න. මැදපෙරදිග ගැටුම අපට සැබවින්ම ආශිර්වාදයක්. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම දියුණු වන තුරු මෙම ගැටුම දිගටම පවතිනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.

:       15       7

Nandalal de Silva - France Sunday, 22 June 2025 01:29 PM

ඇමරිකාව ඉරානයට එරෙහි ප්‍රහාර එල්ල කිරීමේ තීරණය සති දෙකකින් ගන්නවා කීවත් එය දින දෙකකින් ගනිමින්, ඊශ්‍රායල් ඉරාන යුද්ධය තීරණාත්මක සන්ධිස්ථානයක් කරා ගෙනයාම කලාපීය සාමය සඳහා විශාල පිටුවහලක් වෙනු නිසැකයි... සිකුරාදා වුණා කියන "ඉරාන භූමිකම්පාව " න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බැලීමේ පරීක්ෂණයක් බව ඇමෙරිකාවට නිශ්චිතව තහවුරු වී තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා. ඌරු මීයෙක් මෙන් භූගත බංකරයක හැංගී සිටින මොල්ලා මුත්තා, එයාගේ දෙයියෝ ළඟද?

:       10       16

විපරමා Sunday, 22 June 2025 03:16 PM

කවුදෝ කියලා තිබුණා ට්‍රම්ප්ට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා කියලා..? රටවල් ගිනි අවුළනවාට වෙන්ඩැති?

:       13       11

janabala asamagi Sunday, 22 June 2025 03:17 PM

අපගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ඇමෙරිකාව දැනගත යුතුයි. ලංකාව කෝප වුණොත් ඔක්කොම ඉවරයි... අපේ හැටි එහෙම තමයි.

:       7       8

අතාවුල්ලාSunday, 22 June 2025 06:01 PM

ආයිත් ඉතින් කථා දෙකක් නැහැ... ට්‍රම්ප් ලොක්කාව මෙහාට උස්සගෙන එන්නනේ ධවල මන්දිරෙත් එක්කමයි, ඔය බන්කර් බස්ටර් අරවා මේවා අපිට අදාලම නැහැ..!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site