
(ටී.කේ.ජී.කපිල )
ඇමෙරිකාවේ බෝයිං සමාගම විසින් නිෂ්පාදිත MV22B වර්ගයේ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දහවල් පැමිණියේය.
මෙම යානය හෙලිකොප්ටර් යානයක් සේම ගුවන් යානයක් ලෙස ද භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි .
මෙම යානයෙහි ඇති අවර පෙති හෙලිකොප්ටරයක මෙන් ඉහලට එසවෙන ආකාරයට සකස් කර තිබුණද , අවශ්‍යතා පරිදි එය ගුවන් යානය මෙන් ඉදිරිපසට යොමු වන ආකාරයට ද සකස් කර ගත හැකිය .
එසේම මෙම යානය ගුවන් ගත වීමට ධාවන පථයක දිව යෑම අවශ්‍ය නොවන අතර , එය හෙලිකොප්ටර් යානයක් මෙන් එකවරම අහසට නැංවීම සිදු කළ හැකිය .
මෙම යානය ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් , නාවික සැතපුම් 50 ක දුරින් නැංගුරම් ලා ඇති ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවකින් පිටත් වී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ බෝයිං සමාගම විසින් නිෂ්පාදිත MV22B වර්ගයේ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යානය ඇතුලත දැක ගැනීමට දසක ගණනාවක් දැඩි ඇමරිකානු ප්රතිපත්තියක සිටි jvp පක්ෂය නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරනාවූ ඇමතිවරුන්ට අවස්ථව සලසා දිය යුතුවේ.